March 15, 2016

ඔලිව් තෙල් හරහා අපට ලැබෙන ප්‍රතිලාභ මොනවාද

Oleaceae පවුලට අයත් olea europaea යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ඔලිව් ශාකයේ හට ගන්නා ඔලිව් බීජ මගින් මෙම ඔලිව් තෙල් ලබාගනී.‍මෙම ඔලිව් ‍තෙල් හරහා අප ලබාගන්නා ප්‍රයෝජන කිහිපයක් අතර ආහාර පිසී‍‍මේදි , සුවද විලවුන් නිෂ්පාදන‍යේදි , නොයෙකුත් ඖෂධ වර්ග  නිෂ්පාදන‍යේදි , සබන් නිෂ්පාදන‍යේදි සහ පාරමිපරික පහන් සදහා ඉන්ධනයක් ‍ලෙස භාව්තා කිරීම යනාදිය සදහන් කල හැක.

                 මෙම ඔලිව් ‍තෙල් ඖෂධීය ගුණාංගයන් සපිරි ආහාරයක් බව හදුනා‍ගෙන ඇත.මෙම ඔලිව් තෙල් වල පවතින අසංතෘප්ත මේද අම්ල මගින් ‍ සමස්ත  ‍කො‍ලෙස්ට‍රෝල් ප්‍රමාණය හා LDL ‍කො‍ලෙස්ට‍රෝල් මට්ටම (law density lipoprotein cholesterol) අඩුකරලිමට හැකියාව ඇත.ඔබේ ආහාරයේ පවතින සංතෘප්ත හා ට්‍රාන්ස් මේද අම්ල, ඒක අසංතෘප්ත මේද හා බහු අසංතෘප්ත  මේද අම්ල මගින් පුරවාලීමෙන් ඔබට මෙම ප්‍රතිලාභ ලබාගත හැක.

                            තවද ‍මෙම අසංතෘප්ත ‍මේද අමිල  මගින් ඉන්සියුලීන් මට්ටම පාලනය කිරීම තුලින් රුධිර‍යේ අඩංගු සීනී ප්‍රමානය පාලනය කල හැකි බව‍ නො‍යෙකුත් පර්යේෂණ හරහා අනාවරණය වි ඇත.‍මෙය වි‍ශේෂ‍යෙන් දියවැඩියාව‍ දෙවන අදිය‍රේ පසුවන්නන් සදහා ඉතා ප්‍රයෝජනවත් ‍වේ. තවද ඔලිව් ‍තෙල් නිතර භාවිතා කරණ පුද්ගලයන්ට  ‍දෙවැනි මට්ට‍මේ දියවැඩියාව ඇති ව්මේ අවධානමද අඩුය. 
   
               මෙම ඔලිව් ‍තෙල් වල පවතින කැලරි ප්‍රමාණය අධික ය.ඔලිව් ‍තෙල් අධික ආහාර ‍වේලක් මගින් හදවත වයසට යෑම අඩු කරයි.සාමාන්‍යයෙන් අප වයසට යන විට හදවතද වයසට යෑ‍මේ ක්‍රියාවලියට භාජනය ‍වේ.‍මෙය ‍රෝගාබාධ ගණනාවකට මුලපිරුමකි. එනමුත් ඔලිව් ‍තෙල් ආහාරයට එකතුකර ගැනී‍මෙන්  කිරීටක හෘදයාබාධ එනම් කිරිටක ධමනියක් පටුවීම ‍හෝ අවහිරවීම නිසා ඇතිවන හෘද‍රෝග තත්වයන් සහ අ‍නෙකුත් ‍‍සෞඛ්‍ය ගැටළු අවම කිරීමට මහඟු පිළියමක් ‍වේ.‍

                   පිරිසිදු ඔලිවි ‍තෙල් වල ඔ‍ලෙයික් අම්ලය සුලභව පවතින අතර එය  ඒක සංතෘප්ත ‍මේද අම්ල‍යක් බැවින් සහ ව්ව්ධ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන  බැවින් ඒ හරහා  විවිධ වු ප්‍ර‍තිලාභ ලබාගත හැක. මෙම ඔලිවි ‍තෙල් වල පවතින ‍පොලිෆී‍නෝල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ‍ලෙස හදුනා‍ගෙන ඇති අතර වයස්ගතවීමත් සමග සිදුවන ඔක්සිකරණ ක්‍රියාවලියට බදුන්වීම නිසා  ඇතිවන ගැටළු මඟහරවාලීමටද මහගු පිටුවහලක් ‍‍වේ.වයස්ගත පුද්ගලයන් දිනපතා ඔලිව් ‍තෙල් ආහාරයට එක්කරගැනී‍මෙන් ආඝාතය වැනි ‍රෝගි තත්වයන් ‍ගෙන් ආරක්ෂාවිය හැකි බව නවතම පර් ‍යේෂණ හරහා අනාවරණය වී ඇත. තවද එමගින් පියයුරු පිළිකා සෑදීම අවම කිරී‍මේ හැකියාවද පවති.

මෙම ඔලිව් ‍තෙල් වල ව්ටමින් ඊ වැනි ප්‍රතිඔක්සිකාරකයන් සුලභව පවති. ඔලිව් ‍තෙල් මගින් ස‍මේ ඇතිවන පිළිකා සුවකල හැකි බව නවතම පර් ‍යේෂණ මගින් ‍සොයා ‍ගෙන ඇත.පිළිකා අතර භයානකම පිළිකා තත්වය වන ‍මෙලිගන්ට් ‍මෙල‍නෝමා තත්වය වලකාලි‍‍මේ හැකියාව ඔලිව් ‍තෙල් සතුය.ඔලිව් ‍තෙල් මගින්  පාරජම්බුල කිරණ සහ සමට ඇතුළුවන අහිතකර විකිරණ වර්ග පලවා හැරී‍මේ හැකියාව ඇත.තවද ‍මෙම ඔලිව් ‍තෙල්වල පවතින කැ‍රොටීන්වලද විකිරණ වලට ප්‍රති‍රෝධය දැක්වි‍මේ හැකියාව ඇත. එබැවින් මෙවැනි බොහෝ ගුණාංගයන්ගෙන් සපිරි ඔලිවිතෙල් තම ආහාරවේලට එකතුකර ගැනීම නිරෝගි දිවියකට මංපෙතක් බව  ඔබටත් අවධාරණය කරමි.
 
උපුටාගැනීම - www.medicalnewstoday.com
http://www.rd.com/home/cleaning-organizing/7-extraordinary-uses-for-olive-oil/


කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
   

2 comments:

වටිනා ලිපියක්..

ගොඩක් හොද ලිපියක්. ජය

Post a Comment