May 31, 2019

සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද DNA සහිත ලොව ප්‍රථම ජීවීයා


විද්‍යාඥයන් විසින් සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද DNA සහිත ලොව ප්‍රථම ජීවීයා (living organism) නිර්මාණය කර ඇති බව වාර්තා වේ. සම්පුර්ණයෙන්ම සංශ්ලේෂක (synthetic/කෘත්‍රිම ) සහ රැඩිකල් (radically) ලෙස වෙනස් කරන ලද DNA කේතයක් ඇති, වෛද්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රයෝජනවත් වීමේ  විභවයක් සහිත ලොව ප්‍රථම ජීවීයා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇත.

ජාන සකස් කර නව නිර්මාණ කිරීමට හැකි ලෙස සංශ්ලේෂක ජීව විද්‍යාවේ අනාගතය යොමු කරමින් ජිවය පවත්වාගෙන යාමේ නීති වටහා ගැනීමේ නව ක්‍රමයක් සංශ්ලේෂක ජාන විද්‍යාව ඉදිරිපත් කර තිබේ.

සාමාන්‍යයෙන් පසෙහි සහ මිනිස් අන්ත්‍රයෙහි හෝ බඩවැලෙහි දක්නට ලැබෙන බැක්ටීරියාවල වික්‍රියාවක් වූ පර්යේෂණාගාරයේ නිපයු මෙම ක්ෂුද්‍රජීවියා උගේ ස්වභාවික මුල් ජීවියාට වඩා කුඩා වන අතර කුඩා ප්‍රවේණික උපදේශන පද්ධතියක් තුල වුව ජිවය පවත්වා ගනියි.  

එමෙන්ම උගේ පැවැත්ම නිසා සීමිත ජාන කේතයක වුව ජිවය පැවතිය හැකි බව තහවුරු වේ. තවද එමගින් ඖෂධ හා ප්‍රයෝජනවත් ද්‍රව්‍ය සෑදීමට හෝ වෛරස් ප්‍රතිරෝධි වැනි නව අංග එක් කිරීමට හැකි ජෛව විද්‍යාත්මක යන්ත්‍රෝපකරණ සහිත ජීව විශේෂ සඳහා මඟ විවර වේ.

වෙනස් කරන ලද සංස්ලේෂක (කෘත්‍රිම) ජානමය ද්‍රව්‍ය අනුවාදය සහිත සෛල සෑදීමට පෙර කේම්බ්‍රිජ්හි වෛද්‍ය පර්යේෂණ සභාවේ අණුක ජෛව විද්‍යා රසායනාගාරය පර්යේෂකයන් විසින් Escherichia coli (E coli) බැක්ටීරියාවේ DNA නිරික්ෂණය කර ප්‍රතිනිර්මාණය කරන ලද අතර ඒ සඳහා වසර දෙකක කාලයක් ගත වී තිබේ.
මෙතරම් විශාල ජානමය ද්‍රව්‍යය (ජිනෝමය/genome) ක් සෑදීමට හැකිවේද  යන්න පමණක් නොව එම ජිනෝමය මේ ආකාරයෙන් විශාල ලෙස වෙනස් කිරීමට හැකිවේද යන්න පිලිබඳ මුලදී අපට විශ්වාසයක් තිබුනේ නැහැ.”යැයි  මෙම ව්‍යාපෘතියේ නියමුවා වූ සංස්ලේෂක (කෘත්‍රිම) ජීවවිද්‍යා විශේෂඥ Jason Chin (ජේසන් චින්) පවසා තිබේ. මෙම නිර්මාණයෙන් විශ්මයට පත්වූ පර්යේෂණ කණ්ඩායම විසින් ක්ෂුද්‍රජිවින් සහිත දීසිය සමඟ සමුහ ඡායාරුපයක්  ගෙන තිබේ.

කෙසේවෙතත් මෙම වාර්තාව බිඳ දැමීමට බොහෝ නිර්මාණ බිහිවෙමින් පවතින බවත් බේකරි යිස්ට් සඳහා සංශ්ලේෂක (කෘත්‍රිම) ජිනෝමයක් නිර්මාණයට පර්යේෂක කණ්ඩායමක් යොමුවී ඇති අතර  Harvard (හාවර්ඩ්) විද්‍යාඥයන් පිරිසක් වඩා වැඩි කේත (code) වෙනස් කිරීමක් සහිත බක්ටිරියා ජිනෝම නිර්මාණයේ යෙදී සිටින බවද වාර්තාවේ සදහන් වේ. 
 
අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/cq8hDKBh5AE?t=10

0 comments:

Post a Comment