May 8, 2019

අසත්‍ය පුවත්වලට එරෙහිව සිටීමට සමාජ මාධ්‍ය කටයුතු කරන බව දන්වයි.


සමාජයීය, යහ පැවැත්ම සහ දේශපාලනය පිළිබඳ සමාජ මාධ්‍යයේ බලපෑම පිලිබදව පවතින විවාදයේදී ෆේස්බුක් නිරීක්ෂණයට ලක් වී ඇති අතර එම වේදිකාවේ සංසරණයෙන් නොමඟ යවන, අප්‍රසන්න හා අවුල් ජාලය නැවැත්වීමට අසමත් වීම පිලිබඳව දැඩි ලෙස විවේචනයට ඇතිව  තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් "වැරදි තොරතුරු සංකීර්ණ හා පරිණාමීය ගැටළුවක් වන අතර එමගින් විවීධාකාර අනපේක්ෂිත විවසනයන්ද සිදුවිය හැක. එවැනි සිදුවීම් වැළක්වීම සදහා ඉඩකඩක් ලබා දීමට අපට වැඩි වැඩ කොටසක් කළ හැකිය. ආගමික, ජාතික සහජිවනයන් හා මැතිවරණයන්හි දී සිවිල් කතිකාව සඳහා අප විශ්වාස කරන තත්වය දක්වා ඉදිරියට යාමට අප දැඩි ලෙස ආයෝජනය කරනවා. මෙම කතිකාව ආරක්ෂාකාරී, විශ්වාසදායක සහ නිවැරදි බව සහතික කිරීමට අපි දිගටම පියවර ගන්නෙමු.” යයි ෆේස්බුක් නිෂ්පාදන කළමණාකරු ඇන්ටෝනියා වුඩ්ෆර්ඩ් පැවසූ බව වාර්තා වේ.

මැයි මාසයේ දී යුරෝපීය පාර්ලිමේන්තුවේ මැතිවරණයට පෙර වැරදි තොරතුරු කපා හැරීමට ෆේස්බුක් විසින් යුරෝපයේ ස්වාධීන සත්‍ය පිරික්සුම් කණ්ඩායම් භාවිතා කිරීම පුලුල් කර ඇති බවත් තාක්ෂණික කර්මාන්තය සඳහා වැඩි නීතිරීති අවශ්‍ය යයි සමාගම විසින් පිළිගෙන ඇති බවත් ඒවා හඳුන්වා දීම සඳහා රාජ්‍ය සමඟ කටයුතු කරන බව ප්‍රකාශයේ තවදුරටත් සදහන් වේ.

සමාජ ජාලය පවසන පරිදි උතුරු අයර්ලන්තය, ග්‍රීසිය, ක්‍රෝඒෂියාව, පෘතුගාලය සහ ලිතුවේනියාව පදනම් කරගත් නව කණ්ඩායම් පහක් සමාජ මාධ්‍ය වේදිකාවල සඳහන් කථාවල නිරවද්‍යතාව සමාලෝචනය හා ශ්‍රේණිගත කිරීම සිදු කරයි.

FactCheckEU යනුවෙන් නම් කරන ලද නවීකරණය කරන ලද සත්‍ය පරික්ෂා කිරීමේ වැඩ සටහන මගින් මෙම කණ්ඩායම් පහට අමතරව සමාලෝචනය කරන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.ෆේස්බුක් විසින් මෙම වැඩසටහනට කණ්ඩායම් 21 ක්, භාෂා 14 ක් සදහා සත්‍ය පිරික්සීමේ අන්තර්ගතය ඇතුළත් කර තිබේ..

අසත්‍ය ලෙස සලකුණු කරන ලද ඕනෑම අන්තර්ගතයක් කෙරෙහි ෆේස්බුක් ප්‍රවෘත්ති පෝෂණයෙහි පහල දැමීමක් සිදු කරන අතර, එය එවැනි දේ නිර්මාණය කරන්නන්ගේ ප්‍රවෘත්ති බෙදාහැරීම අඩු කරමින් එය දකින, කියවන හා පරිහරණය කරන අයගේ සංඛ්‍යාව බෙහෙවින් පහළ මට්ටමකට පත්කරනු ඇත. "අපගේ අත්දැකීම්වලදී කථාවක් සාවද්‍ය ලෙස සළකුණු කළ විට අපට එහි බෙදා හැරීමේ ප්‍රමාණය සියයට 80 කින් අඩු කිරීමට හැකි වී තිබේ" ඇන්ටෝනියා වුඩ්ෆර්ඩ් පැවසීය.

නැවත නැවතත් බොරු පුවත් බෙදාගෙන ඇති පිටු සහ අඩවි වල  බෙදාහැරීම් අඩු වී ඇති අතර ඔවුන්ගේ මුල්‍යමය හා දැන්වීම්කරණ හැකියාව නැතිවීමද නිරීක්ෂණය වී තිබේ. මුල්‍යමය වශයෙන් උසිගන්වන ලද ව්‍යාජ ප්‍රවෘත්ති වල ව්‍යාප්තිය මර්දනය කිරීමට මෙය උපකාරී වී ඇත.නවීකරණය කරන ලද සත්‍ය පරික්ෂා කිරීමේ වැඩ සටහන මගින් වෙබ් අඩවියේ ප්‍රවෘත්ති පෝෂණ දර්ශකයේ ගුණාත්මකභාවය සහ අව්‍යාජත්වය  වැඩිදියුණු කිරීමද සිදු වේ.

අපගේ ප්‍රජා ප්‍රමිතීන් හෝ දැන්වීම් ප්‍රතිපත්ති උල්ලංඝනය කරන ගිණුම් සහ අන්තර්ගතයන් අප විසින් ඉවත් කරන අතර, බොරු පුවත් සහ ව්‍යාජ අන්තර්ගතයන් බෙදාහැරීම අඩු කර, ඔවුන් බැලූ අනුභුත (posts) පිළිබද වැඩි සන්දර්භයක්/තොරතුරු ලබා දීමෙන් ජනතාව දැනුවත් කරනු ලබන බවද ඇන්ටෝනියා වුඩ්ෆර්ඩ්  ප්‍රකාශනයේ සදහන් වී තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/UtxPdezclYw?t=23

0 comments:

Post a Comment