December 22, 2017

සිකුරු වෙත යන සුපිරි පරිගනක.

හිරුගේ සිට දෙවැනියට පිහිටන ග්‍රහලොව සිකුරුය.ඉංග්‍රීසි බසින් එය විනස් යනුවෙන් නම්කර ඇත්තේ රෝමාන දෙවගන වන ආදරයට සහ ලස්සනට අධිපති විනස් දෙවඟන සිහි කරමිනි.අප පෘථිවියේ නපුරු නිවුන් සොයුරා ලෙස හැදින්වෙන්නේ ද සිකුරුය. නපුරු නිවුන් සොයුරා හදුන්වා දෙනු ලැබ ඇත්තේ සිකුරු ග්‍රහයා හිරු අසලට වෙන්න පිහිටීම නිසා එය අධික තාපයෙන් යුක්ත කර්කෂ ලෝකයක් විම නිසාය.මේ හේතු කාරණා හේතුවෙන් සිකුරු ගවේෂණය ගැටලුවක් වී ඇත.

සිකුරු ග්‍රහයාට රොබෝ යානයක් යැවිම හෝ පතිත කිරීම ගැටලුවක් වි ඇත්තේ සිකු‍රුගේ අධික තාපය හේතුවෙනි.ඒත් දැන්,තාක්ෂණයේ දියුණුවත් සමඟ අධික තාපයට ඔරොත්තු දීමට හැකි සුපිරි පරිගණකයක් සිකුරු මතුපිටට යවා දත්ත රැස් කිරීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සහ රුසියානු විද්‍යාඥයින් පිරිස් පිඹුරුපත් සකස් කරමින් සිටිති.
සිකුරු සහ පෘථිවිය ප්‍රමාණයෙන් තරමක් සමාන වුවත්, ඇත්තේ එකිනෙකට හාත්පසින්ම වෙනස් වායු ගෝලයන්ය.වීනස්ගේ වායුගෝලය විෂ කාබන්ඩයොක්සයිඩ් වායුවලින් පිරී පවතී.වලාකුළුවල ඇත්තේ සල්පියුරික් අම්ලය, වායුගෝලය ඝනකම්ය.සිකුරු ග්‍රහයා භ්‍රමණය වන්නේ අනෙක් ග්‍රහ ලෝක මෙන් නොව, ප්‍රතිවිරුද්ධ දිශාවටය.එනම් නැගෙනහිර සිට බටහිරටය.සිකුරුට හිරු උදාවන්නේ බටහිරිනි.හිරු බසින්නේ නැගෙනහිරිනි.හිරු සහ අප සඳුට අමතරව රාත්‍රි අහසේ දිප්තිමත්ව දිස්වන වස්තුව වන්නේද සිකුරුය.පරිවාර ග්‍රහයන් නැත.සිකුරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ ඇත්තේ නිකල් සහ යකඩ අඩංගු කුහරයකි.පිටතින් ඇත්තේ සිලිකේටවලින් සමන්විත පෘෂ්ඨයකි.සිකුරු ද අප සඳ මෙන් කලාවක් පෙන්නුම් කරයි.සෞරග්‍රහ මණ්ඩලයේ උසින් වැඩිම කඳු ඇත්තේ සිකුරු මතුපිටය.මැක්ස්වෙල් මොන්ටේස් නැමැති මෙම කඳු පංතිය එවරස්ට් කන්දට වඩා මිටර් 2කින් උසින් වැඩිය.
රුසියානු ගගන පර්යේෂණ ආයතනයේ සහ ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යඥයන් පවසන පරිදි,ඔවුන් විසින් නිර්මාණය කරමින් පවතින පරිගණකය සැබැවින්ම සුපිරි පරිගණකයකි.එය නිර්මාණය වන්නේ අධික තාපයට ඔරොත්තු දීමට හැකි ලෙස සිලිකන් කාබයිඩ් විශේෂයකිනි.අධීක තාපයක් මැද පැය ගණනාවක් ක්‍රියාත්මක වෙමින් දත්ත රැස් කිරීමට මෙම පරිගණකයට හැකියාව ලැබෙයි.මෙම පරිගණකය 2025 වසරේදී සිකුරු මතුපිටට රොබෝ යානයක් ආධාරයෙන් යැවීම සිදු වෙයි.එම රොබෝ යානය ද අධික තාපයට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය වෙයි.මෙම සිකුරු ගවේෂණ මෙහෙයුම නම් කර ඇත්තේ වෙනෙරා ඩී, යනුවෙනි.සිකුරුගේ මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 900 කි. වායුගෝලයේ පීඩනය පෘථිවි වායුගෝලයේ පීඩනය මෙන් 90 ගුණයකි.
සිකුරු ග්‍රහයාට රොබෝ ගවේෂණ යානයක් යැවීම මිනිසාට විශාල අභියෝගයක් නොවේ.සිකුරු මතුපිටට යානයක් ගොඩ බැස්වීම ද අසීරු දෙයක් නොවේ.ගැටලුව තමා සිකු‍රුගේ වායුගෝලය සහ අධික තාපය.හිරුට ආසන්නයෙන් පිහිටි නිසා එම අධික තාපය සහ විකිරණ සාමාන්‍ය පරිගණකයක් ඇසුරු සැණින් දූවිලි කර දමනවා.ඒකයි අප විශේෂ පරිගණකයක් නිර්මාණය කරන්නේ.පැය කිපයක් එය ක්‍රියාත්මක වුණොත් අපට හොදටම ප්‍රමාණවත් වේවි අවශ්‍ය දත්ත පෘථිවියට ලබාගන්න යැයි නාසා පර්යේෂණ ඉංජිනේරුවෝ පැහැදිලි කරති.
රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් රුසියාව සහ ඇමෙරිකාව අතර අර්බුද පැවැතියත්, ගගන පරේය්ෂණ සහ ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් මෙම රටවල් දෙක සැමවිටම එකමුතු වි කටයුතු කරයි.එම මිතුදම සැබැවින්ම ශක්තිමත් එකකි.ඇමෙරිකාව සහ රුසියාව හවුලේ සිදුකරන මෙම සිකුරු ගවේෂණය ද මිනිස් ඉතිහා‍සයේ ‍ඓතිහාසික සංධිස්ථානයක් වනු ඇතැයි පැවසේ.නාසා ආයතනයේ මැගලන් අභ්‍යවකාශ යානය සිකුරු ග්‍රහයාගේ කක්ෂයට පිවිසියේ 1990 වසරේදීය.වලාකුළුවලින් පිරුණු වායුගෝලය හරහා සිකුරු ග්‍රහයා සිතියම් ගතකිරීමට මැගලන් ගවේෂණ යානයට හැකියාව ලිබුණි.සිකුරුගේ මතුපිට තොරතුරු මැගලන් එක්රැස් ක‍ලේය.ආයුෂ අවසන් වී විනාෂ වීමට පෙර, මැගලන් හය වතාවක්ම සිකුරුගේ මතුපිට ‍ගවේෂණය කලේ කක්ෂයේ රැදී සිටිමිනි.සිකුරුගේ පාෂ්ඨයෙන් සියයට 99ක්ම සිතියම් ගතකරන්න මැගලන්ට හැකි වුණු බව නාසා විද්‍යාඥයෝ පවසති. සිකුරුගේ ආවාට, අගාධ හරහා ලාවා ගලා යන අයුරු සහ යමහල් ඇති බව විද්‍යාඥයන්ට මුලින්ම දැන ගැනිමට හැකි වූයේ ඒ අනුවය.


උපුටා ගැනීම - ඩේලි මේල් ඇසුරිනි.

0 comments:

Post a Comment