December 20, 2017

ඡල බිදු දෘශ්‍යකාච(Water drop lens)

                          
විද්‍යාඥයන්ගේ නවතම සොයගැනීමක් ලෙසද්‍රවමය දෘශ්‍යකාච( electro - wetting ) නිපදවා ඇත. මෙහිදී ලෝහ මතුපිටක තැන්පත් කරන ඡලබිදුව තුනී පරිවාරක දියරයකින් ආවරණය කෙරේ .පසුව ලෝහය වෙත වෝල්ටීයතවයක් ලබාදෙන අතර එවිට ද්‍රව බිදුව කෝණාකාරව සකස්වේ.

මෙම ද්‍රවමය දෘශ්‍යකාච ඡලය සහ තෙල් යන වර්ග දෙකෙන් සකස්වන අතර, ඉන් එක් වර්ගයක් සන්නායක වන අතර අනෙක් ද්‍රවය පරිවාරක ලෙස ක්‍රියා කරයි. ලබාදෙන වෝල්ටීයතාවයේ වෙනස්විම අනුව ද්‍රව අන්තර්මුහුණතේ වක්‍රාකාර භාවය වෙනස් කෙරේ. එමගින් නාභිගත දුර වෙනස්වේ.

මෙය අඩු වියදම් නිෂ්පාදනයක් වන අතර විදුලි වැයවීමද ඉතා අඩුය. මෙම කාච පුළුල් පරාසයක නාභිගත දුර වනස් කලහැකි අතර, ක්ෂණික ප්‍රතිචාර දක්වයි. ඉහල දෘශ්‍ය හැකියාව සහ වැඩි උෂ්ණත්ව පරාසයක භාවිතා කළහැකි වීමත් අනෙකුත් වාසිවේ.
www.inventor-straegies.com

H.M.A.A. හේරත්.
ඉබ්බාගමුව.

0 comments:

Post a Comment