December 14, 2017

පරිගණකයේ වේගය 1000 ගුණයකින් වැඩි කළ හැකි පුදුම චුම්භක

නිරතුරුව වේගවත් වන පරිගණක සකසන (processors) නිපදවීම සදහා වූ උත්සහය යාන්ත්‍රණ ගැටළුවලට මුහුණදීමට සිදුවීම නිසා අපහසු වී තිබේ.

පරිගණකය වේගවත් කිරීමට සිලිකන චිප (silican chips) තුල හැකිතාක් ට්‍රාන්සිස්ටරය තදකොට ඇහිරීම ප්‍රධාන ක්‍රමය විය. එහෙත් Moore’s Law (මුවර්ගේ නීතියේ) සදහන් වන්නේ ඇහිරිය හැකි උපරිම ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය සාමාන්‍යයෙන් වසර 02 කැඩී දෙගුණයකින් පමණක් වැඩි කළ හැකි බවයි. ඒ අනුව සිලිකන් වෙනුවට ඝන තත්වයේ චුම්භක දෘඩ තැටි (magnetic solid state hard drive) නිර්මාණය කළ නමුත් ඒවායේද භෞතික සීමාවන් ඇත.

පරිගණක දෘඩ තැටිය අත්‍යාවශ්‍යයෙන්ම චුම්භක කැබලි අතිවිශාල ප්‍රමාණයක ශ්‍රේණි එකතුවකින් සමන්විත වේ. ගොනුවක් ආරක්ෂා කිරීමේදී (save file) විදුලි ධාරා ස්පන්දන දෘඩ තැටි තුලින් ගමන් කර එහි ඇති චුම්භක, උතුරු හා දකුණු ලෙස පණගන්වනු ලැබේ. මෙම චුම්භක උතුරු - දකුණු යනු පරිගනාකයේ 0,1 යන ද්විමය සංකේත වේ. බිට් නමැති මේ එක් සංකේතයක් කියවීමට ගතවන අවම කාලය එහි සීමාවට ළඟාවී ඇති බවත් එය නැනෝතත්පර 1 ට වඩා තවදුරටත් අඩු කළ නොහැකි බවත් පර්යේෂකයෝ පවසති.

එනිසා පසුගිය වසර කිහිපයක සිට නැනෝතත්පර 1 ක කාල පරාසයට අඩු චුම්භක සංසිද්ධි විචාරණය සදහා බොහෝ කැපකිරීම් සහිත උත්සාහයන් සිදු කර තිබේ. සම්පුර්ණයෙන්ම නව ක්ෂේත්‍රයක් වූ “Femtomagnetism” මෙමගින් බිහිවූ අතර එය “exchange interaction” නම් අධිවේගී කාල ඒකක වෙනුවෙන් වූ කළමනාකරණය  අධ්‍යනය සදහා අවධානය යොමු කර ඇත. නව ක්‍රම තුලින් පරිගණකයෙහි ක්‍රියාකාරී වේගය 1000 ගුණයකින් වැඩි කළ හැකි පුදුම චුම්භක බිහිවී ඇති බව වාර්තා වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment