December 29, 2017

පිළිකාව වනසන්න සිරුරටම හැකි බව හෙළිවේ .

 
පිළිකාමය ගෙඩි  විනාශ කිරිමට ශරීරයට ඇති හැකියාව සොයා ගනිමින් විද්‍යාඥයන් විශාල ඉදිරි පිම්මක් පැන ඇත.  පිළිකා රෝගය සමඟ සටන් කිරීමට උපකාර වන ප්‍රෝටීනයක් සක්‍රීය කරන  TIC- 10  ලෙස ප්‍රසිද්ධ අණුවක් පෙන්සිල්වේනියා  ප්‍රාන්ත සරසවියේ පර්යේෂකයන් හඳුනාගෙන ඇත.

ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සිරුරේ පිළිකා සෛල සොයා ගමන් කරන අතරේ TRAIL කියා හඳුන්වන ප්‍රෝටීනය මගින් පිළිකාව වර්ධනය වීම මර්ධනය කෙරේ. පිළිකාව වර්ධනය වන විට මේ ක්‍රියාවලිය නැති වී යයි. මේ නිසා පිළිකා පටක වර්ධනය  හා පැතිරීම පාලනයකින් තොරව සිදුවේ.

පිළිකා සෛල සටන් කිරීමේ ක්‍රමයක් හැටියට TRAIL යොදා ගැනීමේ ප්‍රධාන  ප්‍රයෝජනයක් වන්නේ එය දැනටමත් ප්‍රතිශක්තිකරන පද්ධතියේ කොටසක් නිසාය.ඒ නිසා එය රසායනික චිකිත්සාවකදී හා විකිරණ චිකිත්සාවකදීමෙන් සිරුරට විෂ වන්නේ නැත.

ඊටක් වඩා වැදගත් වන්නේ පසුගිය සොයාගැනීම් වලට වඩා TIC-10මඟින් වඩාත් ඵලදායී කරන නිසාය. එයට හේතුව වන්නේ TIC-10 වලට ලේ සමඟ මොළයේ බාධක හරහා ගමන් කරන්නට හැකි නිසාය. ඒ මඟින් මොළයේ පටක වලට ඖෂධ වල බලපෑමට බාධා ඇති කෙරේ.


“මොළයේ ගෙඩි වලට ප්‍රතිකාර කිරීමට මේ අනුවට හැකි යැයි අප ඇත්ත වශයෙන්ම අනුමාන නොකලෙමු. එය ප්‍රසන්න පුදුමයක් උණා.“ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන පෙන්සිල්වෙනියා  ප්‍රාන්ත සරසවියේ වැෆික් එල් -ඩෙයිරි පැවසීය.

 තවත් වාසියක් වන්නේ පිළිකාමය සෛල තුළ TRAIL ජානය සක්‍රීය නොවීමයි.එහෙත් එය නිරෝගී පටක තුල සක්‍රීය වේ. මෙය හඳුන්වන්නේ “පසෙකින් බලාසිටින්නාගේ බලපෑම“ කියාය. ඒ අනුව පිළිකාමය සෛල අසල තිබෙන සෛල ද මරා දමයි.මේ වන විට මෙම අධ්‍යනය මීයන්ට පමණක් සීමාවී ඇතත් මිනිස් සිරුරේ ද ඒ හා සමාන බලපෑමක් ඇති කරනු ඇති බවට දොස්තර එල් -ඩෙයරි විශ්වාසය පළ කරයි.


නවයුගය සගරාව හා අන්තර්ජාලය ඇසුරෙනි

0 comments:

Post a Comment