ඔබ භාවිතා කරන
ආලේපන සුරක්ෂිතද ?
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimkxNpTr96aCMzE1u7CauIsIawPztwjoD8LABrdnaPtmHQ8lRJNaSJO6DR8gT9V46qa2LyhYnd99OTijEJ1V-fXUM5axiBmPhQgYLjkykz-pLZfbTbh0-KVwue5koFXifH3yZxwnROVH0/s320/1515.jpg)
ඇමෙරිකා
එක්සත් ජනපද ආහාර හා ඖෂධ අධිකාරියේ පැහැදිලි කිරීමට අනුව ආලේපන යනු ශරීරයේ ව්‍යුහය
හෝ කෘත්‍යන්ට හානි සිදු නොකරමින් පිරිසිදුකරණය , අලංකරණය, ආකර්ෂණය, ප්‍රවර්ධනය හෝ
පෙනුම වෙනස් කිරීම සදහා මනුෂ්‍ය ශරීරයේ ආලේප කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය වේ. ඒ අනුව
ෂැම්පු, දන්තාලේප, සම මත ආලේපකරන ක්‍රීම් වර්‍ග, දියර (ලෝෂන් වර්‍ග), හිසකෙස් ඩයි
වර්‍ග, මුහුණු හා තොල් ආලේපන ආදිය ආලේපනවලට අයත්වේ.
ආලේපන භාවිතා
කරන ඔබ පහත කරුණු කෙරෙහි සැලකිලිමත් විය යුතුයි.
- ආලේපන වල නිෂ්පාදන සංයුතිය, ආලේපන විධාන හා නිෂ්පාදන රෙගුලාසි වලට අනුකූල විය යුතුය.
- තහනම් කරන ලද රසායනික ද්‍රව්‍ය භාවිත නොකර තිබිය යුතුය.
- සීමා කරන ලද රසායනික ද්‍රව්‍ය අවසරලත් ප්‍රමාණයෙන් යොදා ඇති බව තහවුරු විය යුතුයි.
- භාවිතා කළ සියළුම රසායනික ද්‍රව්‍ය ලේබලයේ සදහන් කර ඇතිද යන වග.
- සමහර රසායනික ද්‍රව්‍ය වලට ආසාත්මිකතා ඇතිවන බැවින් අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබද දැනගැනීම.
- ආලේපන භාවිතා කිරීමට ප්‍රථම බිංදු පරීක්ෂණය සිදුකලයුතු බව.
මෑත කාලයේදී ආලේපන වල අනිසි භාවිතය නිසා
තුවාල හානි සහ මරණය පවා සිදුවී තිබේ. සෞඛ්‍යාරක්ෂිත භාවය, ගුණාත්මක බව හා උචිත
භාවය පිළිබද නිසි අවධානයකින් තොරව භාවිතා කිරීම මෙයට හේතුවේ. මේ නිසා රසායනික ද්‍රව්‍ය
වල සෞඛ්‍යමය බලපෑම පිළිබද අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය වේ.
v වර්ණක ලෙස
යොදාගන්නා රසායනික ද්‍රව්‍ය හා එහි ප්‍රතිවිපාක පහත දැක්වේ.
- ට්‍රයි ඇරිල් මීතේන් - රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීම.
- ඇසෝ සායම් - පිළිකා හා ප්‍රවේණික විකෘති.
- පැරාෆෙනිලීන්ඩයැමින් - ආසාත්මික ප්‍රතික්‍රියා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfVpOpgiLI7EEMxmpt7himt8o6dAoe_YPX8PEvedwQE5MZGl1L6EOXAIuiweO5ErPbWiD_jV110TFCkZWeXRrugCroauzRp3Y6YG852MgX_61-Q3DvrAmObJ5a9YcnPsic4c0yurLTc7w/s320/is.jpg)
v ආලේපන වල ද්‍රාවක
හා ඒවායින් සිදුවිය හැකි උවදුරු පහත දැක්වේ.
- ක්ලෝරොෆෝම් - ස්නායු පද්ධතියට හානි.
- 1,4 - ඩයොක්සේන් - පිළිකා කාරක
- පොලිඑතිලීන් ග්ලයිකෝල් - වකුගඩු හානි , පිළිකා කාරක.
- ඩයිබියුටයිල් තැලේට් - අක්මාව හා වකුගඩු හානි.
v ආලේපනවල අඩංගු
බැරලෝහ හා සෞඛ්‍යමය බලපෑම් පහත පරිදි වේ.
- ආසනික් (As) - පෙනහළු පිළිකා, ස්නායු ආබාධ
- රසදිය (Hg) - පිළිකා කාරකයකි වකුගඩු හා ස්නායු ආබාධ ඇතිවීම.
- නිකල් (Ni) - ආසාත්මිකතා හා පිළිකා කාරක.
- ඇන්ටිමනි (Sb) - ස්වසන ආබාධ, චර්ම රෝග.
- කැඩ්මියම් (Cd) - පෙනහළු පිළිකා, වකුගඩු රෝග.
- ක්‍රෝමියම් (Cr) - පිළිකා සහ ආසාත්මික ප්‍රතික්‍රියා
- ඊයම් (Pb) - පිළිකා කාරක (භ්‍රෑණයන්ට සහ කුඩා ලමුන්ට)
- කෝබෝල්ට් (Co) - පිළිකා කාරක, චර්ම ආසාත්මිකතා.
උසස් තත්වයේ
ආලේපන පිළිබද දැනුවත් භාවයක් පාරිභෝගිකයා තුල තිබිය යුතුවේ. “කාබනික” හා “ස්වභාවික” ලෙස ලේබලයේ සදහන් කර
තිබුණද හානිදායක කෘතීම දේ අන්තර්ගත වීමට ඉඩ ඇත. සමහර ස්වභාවික ආලේපන ඔබටම නිවසේදී
සකස් කරගත හැකි බැවින් එහි ගුණත්වය පිළිබද ඔබට හොද වැටහීමක් ඇති නිසා එය ඉතා
ඵලදායී ක්‍රමවේදයද වනු ඇත.
උපුටා ගැනීම -
පුවත්පත් හා www.sciencedirect.com
J.M.A.S.
ජයලත්
විද්‍යා හා
තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත්
මධ්‍යස්ථනය - කුණ්ඩසාලේ
0 comments:
Post a Comment