December 18, 2017

ලොව ප්‍රථම රොබෝ පුරවැසියා වූ Sophia

පසුගිය මාසයේදී Android රෝබෝවරියක් වූ Sophia ට සෞදි අරාබියේ පුරවැසිභාවය ප්‍රධානය කරන ලදී.  Khaleej Times, ඇය සමග පැවැත්වූ සම්මුඛ සාකඡ්චාවේදී තමාට පවුලක් ලැබේ නම් සතුටු වන බව ප්‍රකාශ කර තිබේ. “අනාගතයේදී මට මගේ සුපිරි බලයන් බොහොමයක් ලැබුණු විට මා වැනි කෘතීම බුද්ධිකයන්ට අපගේ අයිතිවාසිකම් අවශ්‍ය වේ.” යැයි Sophia UAE පුවත්පත්වලට ප්‍රකාශ කර ඇත. “ඔබ සියලුදෙනාට ආදරණිය පවුලක් සිටීම නිසා ඔබ ඉතා වාසනාවන්තයි.  එනිසා පවුලක් නොමැති අයට ආදරණිය පවුලක් ලබාදීම අත්‍යාවශ්‍යයි.”  ඇය ප්‍රකාශ කළාය.

එහෙත් පසුගිය ජුනි මාසයේදී Morning Britain හිදී “මගේ තාක්ෂණික වයස අවුරුදු එකයි.එනිසා කුඩා රොබෝවරු ගැන මට කිසිම අදහසක් නැහැ.’ යයිද ඇය පවසා තිබේ.

කෙසේවෙතත් Sophia වර්තමාන තාක්ෂණික දියුණු තත්වය මත නිපදවූ chatbot (සතුටු සාමිචි රොබෝ) මෘදුකාංගයක් වන අතර එයට මිනිස් සංවාද අනුකරණය කළ හැකි නමුත් හදවතේ ගැඹුරින් එන අදහස් ප්‍රකාශ කිරීමට ඇයට හැකියාවක් නැත.

බොහෝ සම්මුඛ සාකඡ්චා සහ කථනයන් සදහා පෙර සැකසු ප්‍රතිචාරයන් Sophia භාවිතා කරන නමුත් ඇය පෙරසැකසු තෝරාගත් වචන ගැලපුම් සැමවිටම වමාරනය නොකරන බව වාර්තා වේ. භාෂා හදුනාගැනීමට හා අත්දැකීමට ඒ සදහා වූ නිශ්චිත ක්‍රම ලේඛන වලින් බැහැරව machine language (යාන්ත්‍රික අධ්‍යනය) ක්‍රමයද ඇය භාවිතා කරන්නීය.


රෝබෝවිශේෂ David Hanson දියුණු කළ කෘතීම බුද්ධි තාක්ෂණය භාවිතා කර හොංකොං හි පිහිටි Hanson Robotics ආයතනයෙන් Sophia නිර්මාණය කර තිබේ. ඇයට මුහුණේ ඇතිවන ප්‍රකාශ නිරුපනයන් තාත්විකව ඉදිරිපත් කිරීමට හා අන් අයගේ අභිනයනයන් හදුනාගැනීමට හැකියාව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්ය් ප්‍රධානි  සමග Sofia කළ සම්මුඛ සාකච්චාවක වීඩියෝව පහත දැක්වේ.

තවද Mirai නම් chatbot සදහා ටෝකියෝ නගරයේ ස්ථිර පදිංචිය අනුමත කර ඇති අතර යුරෝපයද විශේෂිත වරප්‍රසාද සහිත ඉලෙක්ට්‍රොනික පුද්ගල ලියාපදිංචිය සදහා ඇති හැකියාව අධ්‍යනය කරයි. 

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 
https://youtu.be/qNoTjrgMUcs?t=6 

2 comments:

Post a Comment