December 12, 2017

කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල්(Cholesterol) යනු මේද වර්ගයක් ලිපිඩමය ඇලෙනසුලු ඇල්කොහොල් විශේෂයකි. කොලෙස්ටරෝල් ස්ටෙරොයිඩ් කාණ්ඩයට අයත් රසායනික සංයෝගයකි. කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍ය වුවද අධික කොලෙස්ටරෝල් මට්ටම ශරීරයට අහිතකරය.ශරීරයට අවශ්‍ය කොළෙස්ටරෝල් ප්‍රමාණය ආහාර මගින් ශරීරයට අවශෝෂණය කරගනී.
අප ගන්නා ආහාර  හැරුණු විට අප ශරීරය විසින්ද කොලෙස්ටරෝල් නිපද.අප ආහාරයට ගන්නා කිරි,කිරි නිෂ්පාදන,සත්ව ආහාර,කුකුල් මස් හා අනෙකුත් රත් පැහැති මස් වර්ග වලින් සෘජුවම සිරුරට කොලෙස්ටරෝල් ලැබෙන අතර අප ආහාර පිණිස ගන්නා සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය උපයෝගී කරගෙන අක්මාවෙන්ද සැලකිය යුතු කොලෙස්ටරො,a ප්‍රමාණයක් නිපද.
 ශරීරයට වැදගත් වන හෝමෝන නිපදවන්න,පිත් යුෂ නිIaපාදනයට,සෛල වල පිටත ප්‍රාවරණ නිපදවන්න,ආදී වහයෙන් කාර්‍යයන් රැසකට එමගින් දායකත්ව සැපයෙ. කොලෙස්ටරෝල් මට්ටම තිබිය යුතු සාමාන්‍ය අගය ඉක්මවා යාම අධිකොලෙස්ටරොල්තාවය හෙවත් Hypercholesterolemia ලෙස හදුන්.
LDL නමින් හැදින්වෙන අහිතකර කොලෙස්ටරෝල හා  HDL නමින් හැදින්වෙන හිතකර කොලෙස්ටරෝල ලෙස ප්‍රධාන වර්ග කෙක් පවති. LDL මට්ටම හා ට්‍රයිග්ලිරයිඩ් මට්ටම වැඩි, HDL මට්ටම අඩු පුද්ගලයින් හෘදයාබාධ,ඇන්ජයිනා,ආඝාත,කරීටකධමනි අවහිර වීම් වැනි රෝග වලට ගොදුරු වීමේ වැඩිප්‍රවණතාවයක් පවති. රුධිරයේ අêl කොලෙස්ටරෝල් මට්ටමත් පැවතීම නිසා Atherosclerosis නමින් හැදින්වෙන මේද තැන්පත් වීමෙන් ශිරා බිත්ති දැඩි වීමේ තත්වය නිසා හෘදයාබාධ හා අංශභාගය වැනි අවදානම් තත්වයන් ඇති වෙන්න පුළුවන්.
දේහයේ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කrk wdldrh:
පුද්ගලයකුගෙන් ගන්නා රැධීර සාම්පලයක් භාවිතයෙන් රැධීරයේ අඩංගු එක් එක් කොලෙස්ටරෝල්,ලිපිඩ අගයන් මැන බැලිම සිදු කරනු ලබයි.මෙම පරික්ෂාව සාමාන්‍යය වයාවහාරයේ කොලෙස්ටරෝල් පරික්ෂාව ලෙස හැදින්වුවද එහි නිවරදි නාමය වනුයේ ලිපිඩ පරික්ෂාව (Lipid profile ) යි.
(පරික්ෂාව සිදු කිරිමට පෙර සාමාන්‍යයෙන් පුද්ගලයකු පැය 8-10 ත් අතර කාලයක් නිරාහාරව සිටිම වැදගත් වේ.)
සාමාන්‍යයෙන් වයස අවු 20 ට වැඩි පුද්ගලයකු වසර 5කට වරක්වත් ලිපිඩ පරික්ෂාවක් කරගත යුතු අතර වයස අවු 35 වැඩි පිරිමි පුද්ගලයන් සහ වයස අවු 45 ට වැඩි කාන්තාවන් මෙම පරික්ෂාව පිළිබඳ වැඩි අවදානයක් යොමු කළ යුතුය.
ලිපිඩ පරික්ෂාවකින් හදුනාගනු ලබන ප්‍රදාන නිර්ණායකයන් කිහිපයකි.
  • සම්පුර්ණ කොලෙස්ටරෝල් මට්ටම (Total cholesterol)
  • LDL මට්ටම (අහිතකර කොලෙස්ටරෝල් මට්ටම)
  • HDL කොලෙස්ටරෝල් මට්ම (හිතකර කොලෙස්ටරෝල් මට්ටම)
  • ට්‍රයිග්ලිසරයිඩ මට්ටම (ආහාරයෙන් ලබාගන්නා සහ දේහය තුල අන්තර්ගත ප්‍රධාන මේද ස්වරෑපය) 
ලිපිඩ පරික්ෂාවකින් ලැබෙන අගයන් පමණක් භාවිත කිරිම මඟින් පුද්ගලයකුගේ සෞඛ්‍යය තත්වය පිළීබඳව නිගමනයකට එළබිම නුසුදුසු වේ.පුද්ගලයකු තුල පැවතිය යුතු කොලෙස්ටරෝල් මට්ටම තීරණය කිරිම සදහා වයස,වැළදි තිබෙන රෝග තත්වයන්,දේහ බර,දුම්පානය ,අධීරැධීර පීඩනය වැනි සාධකද සියල්ලද සැලකිල්ලට ගනිමින් එය සිදු කළ යුතුය.

ලිපිඩ පරික්ෂාවකින් එළඹිය හැකි නිගමනයන්.....
LDL :ප්‍රමාණය අඩුවන තරමට දේහයට හිතකරය
          :<100mg/dl- ප්‍රශස්ත මට්ටම
          :100-159mg/dl - අවදානම් මට්ටම 
          :160-169 mg/dl - අධීක LDL මට්ටමකි.
          :>190 mg/dl - ඉතා අධීක LDL මට්ටමකි.
නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින අවධානම අනුව පවත්වාගත යුතු LDL මට්ටම වෙනස් වන බව සැලකිය යුතුය.උදාහරණ ලෙස හෘදයාබාධ සදහා ඉතා ඉහළ අවධානමක් පවතින පුද්ගලයන් සදහා LDL මට්ටම 70mg/dl අඩු අගයක පවත්වා ගැනිම සුදුසු වේ.
HDL :ප්‍රමාණය වැඩිවිමට සාපේක්ෂව අවදානම  අඩු  වේ.
         :>60mg/dl - පැවතිම සුදුසු වේ.
         :40-59 mg/dl - සාමාන්‍යය ලෙස සැලකිය හැකිය.
         :<40mg/dl  -අඩු මට්ටමක් ලෙස සලකනු ලබයි.

සම්පුර්ණ කොලෙස්ටරෝල් මට්ටම:සියළුම ලිපිඩ අන්තර්ගතයන් අඩංගු වේ.
         :<200mg/dl - සාමාන්‍යය මට්ටම
         :201-240mg/dl - අවදානම් මට්ටම
         :>240mg/dl - අධීක කොලෙස්ටරෝල් මට්ටම
ට්‍රයිග්ලිසරයිඩ මට්ටම (Triglycerides level):
ට්‍රයිග්ලිසරයිඩ මට්ටම වැඩිවිමද හෘදයාබාධ සදහා වන අවධානම වැඩි කරනු ලබයි.
          :<150mg/dl - සාමාන්‍යය
          :.>150mg/dl - අධික ට්‍රයිග්ලිසරයිඩ මට්ටමකි. 

0 comments:

Post a Comment