December 26, 2017

කොත්තමල්ලි තෙල් වැදගත් ඖෂධයකි.

Image result for coriander oil

කොත්තමල්ලි යනු එදිනෙදා ජීවිතයේදී යොදා ගන්නා කුලු  බඩු විශේෂයකි. මෙය බොහෝ විට ආහාර රස ගැන්වීම සදහා භාවිතා කරයි.  කොත්තමල්ලි තෙල් මගින් අප නොදත් වාසි බෙහොමයක් අප ශරීරයට ලැබේ. පෘතුගාලයේ බෙයිරා ඉන්ටීරියර් විශ්ව විද්‍යාලය මගින් කොත්තමල්ලි ඇට වලින් නිස්සාරනය කරන ලද කොත්තමල්ලි තෙල් යොදා සිදු කළ පරීක්ෂණ වලින් මේ බව තහවුරු තර ඇත.

 බැක්ටීරියා වර්ග 12කට අදාලව මෙම පරීක්ෂණ සිදුකරන ලදි. විශේෂයෙන්ම Escherichia coli, Salmonella enterica, Bacillus cereus, Staphylococcus aureus, යන බැක්ටීරියාවන්ට එරෙහිව සිදු කර ඇත. එහිදී මෙම සියළු බැක්ටීරියා වල වර්ධනය අඩු වූ අතර බොහෝ බැක්ටීරියා විනාශ විය.
 කොත්තමල්ලි තෙල් හානි කර බැක්ටීරියා සදහා විශ සහිත වේ. ආහාර වලින් ඇති වන රෝග සදහා සායනික ප්‍රතිකාරකයක් ලෙස කොත්තමල්ලි තෙල් යොදා ගනී. එසේම ප්‍රතිජීවක වලට බාධා කරන ආසාදන තත්වයන්ට ප්‍රතිකාරකයක් ලෙසද කොත්තමල්ලි තෙල් යාදා ගනී.
තවද වේදනා නාශකයක් ලෙස , කෙණ්ඩා පෙරලීමට ප්‍රතිකාරකයක් ලෙස, කම්පනය, ඕක්කාරය  වැලැක්වීමට මෙන්ම ජීර්ණය පහසු කිරීමට ද යොදා ගනී.  එසේම දිලීර ආසාදන සදහා ද යොදා ගනී.
මෙම තෙල් මගින් බැක්ටීරියා සෛලය වටා ඇති පටලයට හානි කරයි. මේ නිසා බැක්ටීරියා සෛලය හා පරිසරය අතර ඇති සම්බන්ධතාවය බිද වැටී සෛලයේ ස්වසන ක්‍රියාවලිය ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය පරිවෘත්තීය ක්‍රියාවලීන් නතර වී බැක්ටීරියා සෛලය විනාශ වේ.
කොත්තමල්ලි තෙල් ආහාර හා ඖෂධ කර්මාන්තයේදී  ඉතා වැදගත් වේ. ආහාර ආකලන ද්‍රවයක් ලෙස මෙය භාවිතා කරයි. කොත්තමල්ලි තෙල් ආහාර විෂ කරන රෝග කාරක බීජ විනාශ කරනු ඇත. මේ අනුව කොත්තමල්ලි තෙල් වෛකල්පිත ප්‍රතිජීවකයක් ලෙසද ක්‍රියා කරයි. ඖෂධීය දියරයක් මෙන්ම මුඛ ශෝධනයක් ලෙසද කොත්තමල්ලි තෙල් වැදගත් වේ. මේ අනුව කොත්තමල්ලි තෙල් යනු යහපත් ජීවන තත්වයක් පවත්වා ගැනීමට වැදගත් වන වටිනා ඖෂධයකි.  

1 comments:

ඔන්න සිංහල කුළුබඩු වල වටිනාකම

Post a Comment