May 5, 2014

අන්තර්ජාලය තුල නොමිලේ 25GB Online Storage සේවාව - SkyDrive

SkyDrive යනු Microsoft සමාගම විසින් පවත්වාගෙන යන Online Storage එකකි.මෙය සෑම කෙනෙකුටම නොමිලේ ලබාගත හැකි පහසුකමකි. මෙම සේවාව හරහා අප පරිගණකයේ තිබෙන දත්ත මෙහි තැම්පත් කර තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබේ. ඔබගේ ගිණුමට ඇතුලත් කරන ලද දත්ත වෙනත් ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලය වෙත පිවිස මෙහි ඇති තොරතුරු ඔබට සැනෙකින් ලබාගත හැකියි.
මෙය නිර්මාණය කර තිබෙන්නේ Cloud Computing ආකාරයටය. මෙහිදී අපට 25GB ඉඩ ප්‍රමාණයන් දත්ත ගබඩා කිරීම සදහා හිමි වන අතරමෙයට ඔබ සතුව තිබෙන 50MB ට වඩා අඩු ඕනෑම ගොනුවක් තැම්පත් කර තැබිය හැකියි. ඔබ විසින් මෙයට දත්ත ගොණු මගින් ගීතජායාරූපවිඩියෝකුඩා මෘදුකාංග සේම ඔබට අවශ්‍ය දත්ත ගොනු තැම්පත් කර ආරක්ෂිතව තැම්පත් කර තැබිය හැකියි.
මෙය බොහෝ කලත් සේ ඔබට ලබාදෙන සේවාවකි. පසුගියදා මෙහි නවතම සංස්කරණය නිකුත් කරනු ලැබුවා ඒ අනුව ඔබට දැන් වඩාත් පහසුවෙන් File හැසිරවීමමුහුණු පොත තුලට Share කිරීමට හෝ වෙනත් තැනකට හුවමාරු කිරීමේ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. SkyDrive හි තිබෙන පිංතූර ඇල්බම Facebook වැනි සමාජජාල අඩවි තුලටද Share කරඔබ මිතුරන් අතරේ ඔබේ අත්දැකීම් බෙදාගන්නට පුළුවන. මෙම සේවාවන් සමගම iOS සහ Windows Phone 7 සදහා SkyDrive Apps නිකුත් කර තිබීම නිසා ඔබගේ ජංගම දුරකථනය හරහා උනත් මෙම ගිණුම හැසිරවීම සිදු කල හැකියි.
මෙම සේවාව ඔබ ලබාගැනීමට නම් ඔබ විසින් Hotmail ලිපිනයක් තිබේ නම් ඉතාමත් පහසුවෙන් SkyDrive සේවාව ලබාගත හැකියි. එසේති නැතිනම් අළුතෙන් Windows Live ID එකක් තනා ගැනීම ඉතා පහසු ක්‍රියාවකි. පසුව https://skydrive.live.com සබැඳිය ඔස්සේ මෙයට පිවිසිය හැකියි. එහිදී ඔබේ Windows Live ලිපිනය සහ රහස්‍ය අංකය ලබාදී ඔබගේ ගිණුමට පිවිසෙන්න.
ඔබ Google Chrome හෝ Mozilla Firefox Web Browser හි නවතම සංස්කරණයන් භාවිත කරනවානම් මෙයට ඔබගේ පරිගණකයේ තිබෙන File එකක් Drag කර මෙය තුලට Drop කිරීමෙන් එම File එක Online  Storage එකට Upload කිරීමට පුළුවන.
 එසේත් නැතිනම් ඔබට මෙහි තිබෙන Upload Button එක Click කරසාමාන්‍ය පරිදි පරිගණකයේ File එක තිබෙන Path එක තෝරා දීමෙන් අනතුරුව Upload කිරීමටද පුළුවන. එසේත් නැතිනම් මෙහිදී අපට ලබාදෙන SkyDrive මෘදකාංගය හරහා උවද පරිගණකයේ සිටම මෙම ගිණුම ප්‍රෙයෝජනයට ගත හැකියි. මෙයට ඔබ පරිගණකයේ තිබෙන පිංතූරයක් Upload කරන විටදී එය ස්වංක්‍රීයව පික්සල 2048 ප්‍රමාණයට Convert කරලීම සිදුවන අතරමෙහි සැකසුම්ද ඔබට අවශ්‍ය පරිස සකස් කරගැනීම් පහසුකම් සලසාදී තිබේ.
මෙයට අප පරිගණකයේ තිබෙන ලිපි ගොනුජායාරූප Upload කරලීම පමනක් නොවමෙහිදීම Word, Excel, Power Point, One Note වැනි Document සැකසා ගැනීමටද පුළුවන. ඒ සදහා මෙහි ඉහලින් තිබෙන Create බට්න් එක ක්ලික් කර අවශ්‍ය Document වර්ගය තොරගෙන එය සකස්කරගැනීමට පුළුවන. ඔබ විසින් සකස් කරගන්නා Document සදහා Folder සකස් කරමින් පිලිවලට ගබඩා කරලීමටද පුළුවන.
ඔබට SkyDrive මගින් විවිද වෙබ් අඩවි තුලට විහිදී යන Sharing පහසුකමක් හිමිකරදී තිබෙනවා. මෙහිදී ඔබට අවශ්‍ය File එක් Folder එකකට දමාඑම Folder එක Share කිරීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී තවත් පුද්ගලයෙකුට මෙම File බලාගැනීමට හෝ Edit කර නැවත Save කිරීමට අවස්ථාව ලබාදේ. මෙම පහුසුකම කාර්යාල වල සේවය කරන අයට සහ අධ්‍යාපන කටයුතු සදහා සිසුන්ට ප්‍රයෝජනවත් පහසුකමකි. මෙහිදී ඔබ විසින් එක එක් Folder එක සම්පූර්ණයෙන් Share කරලීම සේමඅවශ්‍ය නම් ඒවායෙහි ඇති තනි තනි File තොරාගෙන Save කරලීමටද පුළුවන.
SkyDrive සදහා අපිට ලබාදෙන සේවාවක් අතර Social Network Sharing පහසුකම බොහෙවින්ම උපකාරී වේ. මෙහිදී ඔබ සතුව තිබෙන පිංතූරයක්, SkyDrive තුළට Upload කිරීමෙන් අනතුරුව එය ඔබගේ Social Network තුලට Share කරලීමේ පහසුකම හිමිවේ. එහිදී Share කල පිංතූරයට Comment කිරීමේ හැකියාව සේමඑම පිංතූර වල Privacy Setting ඔබට අවශ්‍ය ආකාරයට සකස් කරලීමේ පහසුකමද හිමිකර දී තිබේ. 
මෙහි ඔබ විසින් Upload කර, Folder සකස් කර පිළිවෙකට සාදාගන්නා ලද ගොණු තුල Right Click කිරීමෙන් එයට අදාලා Action මෙනු එකක් දැක ගැනීමට පුළුවන. මෙහිදී එය Share කිරීමට, Download කිරීමට, Move කිරීමට, Delete කිරීමට, Folder එක Rename කරලීමට හෝ Print කර ගැනීමට ලබාදීම වැනි පහසුකම් ගනනාවක් ක්‍රියාත්මක කරවා ගත හැකියි. ඒ වගේම මෙහි තිබෙන Embed විධානය භාවිත කරඔයගේ වෙබ් පිටුවකට හෝ බ්ලොග් පිටුවකට මෙය Link කරගැනීමේ හැකියාව තිබේ.
 මෙහිදී අපට Microsoft සමාගම විසින් මෙම SkyDrive සේවාන ලබාදෙනවා සේමමෙය අපගේ පරිගණකයට සෘජුවම සම්බන්ධ කරලීමේ පහසුකම් ලෙසට SkyDrive Apps Windows Operating System තුලට ලබාදී තිබෙනවා. එහිදී ඔබට වඩාත් පහසුවෙන් මෙම SkyDrive ගිණුම හැසිරවීමට පුළුවන ඔබගේ පරිගණයේ තිබෙන Hard Drive එකක් ආකාරයටම. මුන්ම ඔබ මේ සදහා SkyDrive Apps එක Download කර Install කරගත යුතු වනවා. ඒ සදහා මෙතනින් පිවිසෙන්න. එහි ඇති උපදෙස් පිළිපැද මෙය Download කර Install කරගන්න.
 මෙය ඔබේ පරිගණකයට Install කරගැනීමෙන් අනතුරුව ඔබගේ තිබෙන Windows Live ගිණුමට Log වන්නමෙම Apps එක හරහා. එසේති නැතිනම් අලුතෙන් Live Account එකක් සකස් කරගැනීමටද පුළුවන.
ඉන්පසුව ඔබට මේ ආකරයට ඔබගේ SkyDrive ගිණුම පරිගණකයේ හිද පාලණය කිරීමට පුළුවන. මෙය වඩාත් පහසුයි. Browser එක හරහා Account එක වෙල Log වීමට අවශ්‍ය නැහැ. මෙහිම සිට සියළු කටයුතු කර ගත හැකිය.
මේ ආකාරයටඔබටත් අන්තර්ජාලය තුල 25GB Online Storage එකක් නොමිලේ ලබාගැනීමට පුළුවන. ඔබගේ ලිපි ලේකන තැම්පත් කර තැබීමට මෙය වඩාත් උචිතයි. 
තූෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

හාලිඇල

0 comments:

Post a Comment