May 3, 2014

අදුරේදී එළිය විහිදුවන පැලෑටි


ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමට සමත් පැළෑටි නිපදවීමට ඇමරිකා පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.

 මෙය ජෛව සංදීප්තිය යන සංසිද්ධිය සදහා මුල් වන ජානයක් භාවිතයෙන් නිර්මාණය කර ඇත. ඡෛව සංදීප්තිය යන  සිද්ධිය විශේෂයෙන් දක්නට ලැබෙන්යේ මුහුදු ඡීවීන් අතරය.ඡෛව සංදීප්තිය යනු ඡීවින් තුලින් ස්වභාවිකව විදුලි ආලෝකයක් නිපදවීමය.
මෙම සිද්ධිය ඇතිවන්නේ සංදීප්ත සෛල වල සිදු වන රසායනික ප්‍රතික්‍රියාවක් මගිනි. සංදීප්ත සෛල එකතු වි ආලෝක අවයවයක් නිපදවයි.මෙම සෛල පාලනය ස්නායු මගින් සිදුවේ  මේ සදහා ස්නායු ප්‍රතිග්‍රාහක සහ කාච උපකාරී වේ.

ආලෝක තීවුරතාවය තරංග ආයාමය සහ විසරණය අනුව මෙම සංසිද්ධිය පාලනය කිරීමේ හැකියාව ඇත.මෙය ඉතා රහසිගත ක්‍රියාවලියකි.
ඡෛව සංදීප්තිය යන  සිද්ධිය ලොඩියන්ගේ සහ ක්‍රස්ටේසියාවන්ගේ දක්නට ඇත.


ලොඩියන්ගේ ඡෛව සංදීප්තිය ඇති කිරීම සදහා green fluorescent ප්‍රෝටිනයක් වැදගත්වේ .
ක්‍රස්ටේසියාවන්ගේ ඡෛව සංදීප්තිය යන  සිද්ධිය විශේෂිත වූපේශි සංකෝචනය සහ ඉහිල්වීම මගින් පාලනය වේ.
නයිට්‍රඡන් ඩයොක්සයිඩ් මගින් ද සමහර සතුන්ගේ ඡෛව සංදීප්තිය ඇති කෙරේ.
නයිට්‍රඡන් ඩයොක්සයිඩ් මගින් සංදීප්ත සෛල ඔක්සජිනීකෘත වේ. විශේෂිත වූපේශි සංකෝචනය සහ ඉහිල්වීම මගින් ඡෛව සංදීප්තිය පාලනය වේ. කණමැදිරියන් හා රෑ බදුල්ලන් තුල ද  ජෛව සංදීප්තිය යන සංසිද්ධිය දක්නට ලැබේ.

කණමැදිරියන් හා රෑ බදුල්ලන් අදුරේදී එළිය විහිදුවීමට යොදාගන්නා සංයෝගයත් එය නිපදවීමට මුල්වන ජානයත් සොයාගෙන ඇති ඔවුන් කර ඇත්තේ ඒවා ජාන තාක්ෂණය භාවිතයෙන් තෝරාගත් පැළෑටි කිහිපයට ඇතුලත් කිරීමයි.මෙම ශාක තුල අදුරේදී නිල් කොල පැහැති ආලෝකයක් ජනිත කරයි.මෙම ආලෝකය ජනිත වීම සදහා luciferases නම් ප්‍රෝටීනය උපකාරී වේ.

ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරවමින් වැඩිදියුණු කරන ලද පැළෑටි අදුරේදී එළිය විහිදුවීමට පටන්ගෙන ඇත.
මෙසේ ජාන වැඩිදියුණු කර නිපදවූ පැළෑටි ඉදිරියේදී වීදි ලාම්පු වලට හොද ආදේශකයක් වනු ඇතැයි පර්යේෂකයන් පිරිස මත පළ කරයි.ඉදිරියේදී වඩා විශාල ශාඛ යොදාගෙන මේ ක්‍රමය අත්හදා බැලීමටත් ඔවුන් බලාපොරොත්තු වේ.


උපුටා ගැනීම Bioluminescence: nature lights up

0 comments:

Post a Comment