May 20, 2014

පළතුරු කෘත්‍රීම ලෙස ඉදවීම ට කැල්සියම් කාබයිඩ් භාවිතය ?

ඝර්මකලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුළ එළවළු හා පළතුරු වර්ග බොහොමයක් වගා කරන අතර, වාර්ෂික එළවළු හා පළතුරු නිෂ්පාදනයෙන්  මෙ.ටො.800,000  පමණ  අපනයනය කෙරෙන අතර, ඉන් 90% ක් මැදපෙරදිග හා මාලදිවයින යන රටවලට නැවුම් තත්වයෙන් ද  75%ක් යුරෝපීය රටවලට සැකසූ නිෂ්පාදනයන් ලෙසද  අපනයනය කෙරේ.


එමෙන්ම, අස්වනු නෙලීමෙන් පසු, පාරිභෝගිකයා අතට පත් වන තෙක් විවිධ පලිබෝධ හානි,  ප්‍රවාහණයේදී  හා ගබඩා කිරීමේ දී වන යාන්ත්‍රික හානි, බැක්ටීරියා හා දිලීර ආසාදනයන් නිසා කුණුවීම වැනි ක්‍රම මගින් එළවළු හා පළතුරු අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යයි.


විශේෂයෙන් අඹ, කෙසෙල්, පැපොල්, අනෝනා වැනි අන්ත උපරිමය (Climacteric Fruits) වන පළතුරු වල අස්වනු නෙලීම සිදු වන්නේ, හොදින් පැසුණු අවස්ථාවේ දී වුවත් ඉදීමට පෙරය. මෙම පළතුරු වලින් ස්වාභාවික ලෙස නිකුත් වන එතිලීන් (Ethylene) හෝමෝනයේ ක්‍රියාකාරීත්වයෙන්  ඉදීමේ ක්‍රියාවලිය ස්වභාවික ‍ලෙස සම්පූර්ණ වුවද, මේ සහා ගත වන කාලය වැඩිවීම හේතුවෙන් පළතුරු වියලීම හා බර අඩුවීම, ඒකාකාරී ලෙස ඉදීමේ ක්‍රියාව සිදු නොවීම වැනි තත්වයන් අවාසිදායක වේ.




මේනිසා, ස්වාභාවික ඉදීමේ ක්‍රියාවලිය පළතුරු කර්මාන්තයට (Fruit Trade)  ඍජුව බලපාන හෙයින් පළතුරු කෘත්‍රීම ලෙස ඉදවීම අත්‍යාවශ්‍ය වේ.
මේ සදහා ගොවීන් හා වෙළෙදුන් විවිධ ක්‍රම භාවිතයට යොමු වී ඇත.
01.     දුම් ගැසීම.
මෙය සාම්ප්‍රධායික මෙන්ම සරල ක්‍රමයකි. (Conversional & Simple Method) වායුරෝධක කුටීරයක් තුළදී මෙය සිදු කෙරෙන අතර, එහිදී නිකුත් වන ඇසිටලීන් (Acetyleneමගින් පළතුරු ඉදීම සිදු වෙයි.

නමුත් මෙම ක්‍රමයේ අවාසිය වන්නේ පළතුරු ඉදීමේදී ඒකාකාරී ලෙස පැහැය හා රස නොයෙන අතර, දුම්වල ඇති ග (Smoke Odorපළතුරු තුළ පැවතීමයි.

02.     ඉදුණු හා අමු පළතුරු එකට වායුරෝධක කුටීර තුළ ගබඩා කිරීම.
මෙහිදී ඉදුණු පළතුරු තුළින් ස්වභාවික ලෙස නිකුත් වන එතිලීන් හෝමෝනය මගින් ඉදීමේ ක්‍රියාව උත්තේජනය වී පළතුරු ඉදීම සිදු වුව ද මෙය ගෘහස්ථ මට්ටමින් අනුගමනය කළ හැකි ක්‍රමයකි.    

03.     රසායනික ද්‍රව්‍ය භාවිතය
මෙහිදී භාවිතයට ගත හැකි රසායන ද්‍රව්‍යය අතර එත්‍රල් හෝ එත‍‍‍ොන් ( Ethrel or Ethaphon -    2- Chloroethylphosphonic acid ) ප්‍රධාන වේ. මෙමගින් එතිලීන් වායුව (C2H4) නිදහස් කෙරේ. එතිලීන් යනු ස්වභාවික හාක හෝමෝනයක් වන අතර පළතුරු ඉදවීම මෙමගින් උත්තේජනය කරයි.  තවද, පළතුරු ඉදීමේ දී ඊට ආවේණික ලාක්ෂණික පැහැය හා රසය නිසි පරිදි ඇති කිරීමට සමත්ය.
මේ නිසා ලෝකය පුරා පිළිගැනෙන හා ආරක්ෂිත එකම ක්‍රමය වන්නේ එතිලීන් භාවිතයෙන් පළතුරු ඉදවීමයි.

එත්‍රල් භාවිතයට ගත හැකි ආකාර කිහිපයකි.
v  0.1% එත්‍රල් ද්‍රාවණයක (1ml Ethrel/ 1L Water) පළතුරු ගිල්වා පිස දැමීමෙන් පසු, එකිනෙක නොගැටෙන ලෙස පත්තර කඩදාසියක අතුරා, තුනී කපු රෙද්දකින් ආවරණය කිරීම.
මෙවිට දින දෙකකදී පමණ පළතුරු ඉදීම සිදු වෙයි.

v  එමෙන්ම Etheral  හා Sodium Hydroxide සුළු ප්‍රමාණයක්  ජලයේ දිය කර, මෙම ද්‍රාවණය කට පළලින් යුත් භාජනයක් තුළට දමා, පළතුරු ගබඩා කර ඇති වායුරෝධක කුටීරය ආසන්නයේ තැබීම. මෙහිදී  එත්‍රල් 10ml , සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2g හා ජල පරිමාව 5L භාවිතා කළ යුතු අතර,  නිදහස් වන එතිලීන් වායුව කුටීරය පුරා ඒකාකාරීව සංසරණය වීමට කටයුතු යෙදිය යුතුය. මෙමගින්  පැය 12- 24 දී ඉදීමේ ක්‍රියාව සම්පූර්ණ වේ.

v  එතිලීන් වායුව භාවිතය.
පැස්චරීකරණය කරන ලද කෑන් තුළ එතිලින් වායුව පුරවා (පළතුරු වර්ගය අනුව වායුවේ සාන්ද්‍රණය, නිරාවරණ කාල සීමාව වෙනස් වේ.) පළතුරු මතට නිරාවරණය කිරීම.

පහත දැක්වෙන වගුවෙන් පළතුරු වර්ග කිහිපයක එතිලීන් වායුවට නිරාවරණ තත්වයන් දැක් වෙයි.

පළතුරු වර්ගය
එතිලින් සාන්ද්‍රණය (ppm)
නිරාවරණ කාලය
(පැය)
ඉදීමේ උෂ්ණත්වය 0C
ගබඩා කිරීමේ උෂ්ණත්වය 0C
කෙසෙල්
100-150
24
15-18
13-14
අලිගැට පේර
10-100
12-48
15-18
4.4-13
අඹ
100-150
12-24
20-22
13-14
දොඩම් (De-greening )

1-10

24-72

20-22

5-9

එතිලීන් භාවිතයෙන් පළතුරු ඉදවීමට සුදුසු ප්‍රශස්ත තත්වයන්
උෂ්ණත්වය                       -   18-25 0C
සාපේක්ෂ ආර්ද්‍රතාවය        -   90-95%
එතිලීන් සාන්ද්‍රණය            -  10- 100ppm
නිරාවරණ කාලසීමාව        -  පැය 24 -74 (කාල සීමාව පලතුරු වර්ගය හා මේරීම මත වෙනස් වේ.)
වායු සංසරණය                 -  ඒකාකාරී ලෙස හොින් වායු සංසරණය විය යුතුය.
වාතාශ්‍රය                           -  එතිලින් වල ක්‍රියාකාරීත්වයට හො වාතාශ්‍රයක් තිබිය යුතුය.
මෙම තත්ත්ව යටතේ පළතුරු ඉදවීමෙන් හා ගබඩා කිරීමෙන් ඒවා නැවුම් තත්වයෙන් දිගු කලක් ගබඩා කළ හැකිය.

කැල්සියම් කාබයිඩ් භාවිතය ‍බොහෝ රටවල තහනම් කර තිබුණ ද, අප රටේ බොහෝ වෙ‍ළෙදුන් හා ගොවීන් පලතුරු කෘත්‍රීම ව ඉදවීම සහා මෙය (CaC2) භාවිතයට ගනී.  කැල්සියම් කාබයිඩ් ජලය හා එකතු වීමෙන් ඇසිටලීන් වායුව නිකුත් කරන අතර ‍මෙයද  පළතුරු ඉදීමේ ක්‍රියාව උත්තේජනය කරන සං‍යෝගයකි.
කැල්සියම් කාබයිඩ් සම මිශ්‍ර වී ආසනික්  හයිඩ්‍රයිඩ් හා ‍පොස්පරස් හයිඩ්‍රයිඩ් යන සංයෝග   අංශ්‍රමාත්‍ර ‍ලෙස පවති. ‍මේවා උග්‍ර පිලිකාකාරක වන ‍හෙයින් පළතුරු ඉදවීම සහා කැල්සියම් කාබයිඩ් භාවිතය පිළිබ ව අවධානය ‍යොමු කිරීම අත්‍යාවශ්‍යය.



0 comments:

Post a Comment