May 9, 2014

සෙනසුරු චන්ද්‍රයාගේ (Enceladus) ජිවීන් සිටීද ?

සෙනසුරු ග්‍රහයා වටා ගමන් කරන 50 කට වැඩි චන්ද්‍රයන්ගෙන් එක් සඳක් වන Enceladus (එන්සිලාඩස්)හි වැළලුණු මහා සාගරයක් ඇතැයි තාරකා විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. Lake Superior තරම් විශාල මෙම සාගරය එන්සිලාඩස් ගේ අයිස් තට්ටුවට සැතපුම් ගණනක් යටින් පිහිටා ඇත. මෙම ජලය Enceladus චන්ද්‍රයාගේ සිලිකේට් (Silicate) මධ්‍යය ස්පර්ශ කරන බැවින් ජලයෙහි ඛනිජ දියවී ඇතැයි අපේක්ෂා කෙරේ. ජීවින් සඳහා මෙම තත්වය අවශ්‍ය වේ. එනිසා ජීවින්ගේ පැවැත්ම සඳහා  විශාල විභවයක් සහිත එන්සිලාඩස් ගේ අභ්‍යන්තරය පරීක්ෂා කිරිම වැදගත් බව කෝනල් (Cornell) විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ ජොනතන් ලුතින් පවසයි.

ඉතාලි හා එක්සත් ජනපද විද්‍යාඥ කණ්ඩායමක් විසින් (Cassini ) කැසිනි අභ්‍යකාශ යානයෙන් ලද ගුරුත්ව දත්ත විශ්ලේෂණය කිරීමෙන් Enceladus හි ජලය ඇති බවට නව නිවේදය කර තිබේ. සෙනසුරු ග්‍රහයා වටා වසර 10 ක කාලයක් ගමන් කරමින් Cassini සෙනසුරු චන්ද්‍රයන්ගේ  මතුපිට ආසන්නයෙන් ගමන් කරන අවස්ථා වලදි ඒවායේ විවිධ ඡායාරූප පෘථිවියට එවා ඇත.

එන්සිලාඩස් අභ්‍යන්තරයේ ජලය ඇති බව විද්‍යාඥයෝ මුලින් සැක පහළ කළෝය. නවතම අධ්‍යනයේදී මෙම චන්ද්‍රයාගේ විවිධ ස්ථානවලින් ලබාගත් අමුද්‍රව්‍ය වල ඝනත්වය ගණනය කරන ලදි. මෙම මිනුම් මඟින් යම්දෙයක් Enceladus චන්ද්‍රයාගේ දකුණු කොටසේ අයිස් වලට වඩා ඝනකම වැඩි බව හඳුනාගෙන තිබේ. මේ සඳහා වඩාත් නිවැරිදි ද්‍රව්‍යය ලෙස දියර ජලය සැළකිය හැකි යැයි මෙම අධ්‍යනයේ කොටස්කරුවෙකු වු කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ තාරකා විද්‍යාඥ ඩේවිඩ් ස්ටිවන්සන් ප්‍රකාශ කරයි.

පෘථිවි චන්ද්‍රයාගේ ප්‍රමාණයෙන් 1/7 ක් පමණ වු Enceladus චන්ද්‍රයාගේ ක්‍රියාශිලිත්වයට හේතුව එහි මාතෘ ග්‍රහයා වන සෙනසුරු විසින් ඇති කරන ගුරුත්වාකර්ෂණ ඇදීම නිසා Enceladus ට දැනෙන ඉතා ප්‍රබල උදම් බලයයි (Tidal force). එමඟින් එහි අයිස් වල ස්වරුපය වෙනස් කරයි. මෙම ද්‍රව ජලය, ස්නෙහයක් (lubricant) ලෙස ක්‍රියාකර අයිස් කුට්ටි එකිනෙක හා ඇතිල්ලීමට සලස්වයි. එවිට තවත් ජලය නිපදවේ. මේ ක්‍රියාව නිසා පමණක් අයිස් පෙඳ (plumes) ඇති විය හැකි බැවින් Enceladus චන්ද්‍රයාගේ අභූත අයිස් පෙඳි හා අළුතින් හඳුනාගත් සාගර අතර සම්බන්ධතාව මෙතෙක් පැහැදිළිකර නැත.

උපුටා ගැනිම :- Saturn’s moon Enceladus is now a top candidate for life – Francie, Diep popular Science

0 comments:

Post a Comment