May 16, 2014

ගැඹුරු තුවාලවලින් රුධිර වහනය තත්පර 15 කදී නැවැත්වීම

ගැටුම්/සංග්‍රාමවලදී සිදුවන විශාල තුවාල තත්පර 15 කදී වැසීම සහා සකස් කරන ලද උපකරණයට 2014 වසරේ නව නිපැයුම් සම්මානයක් හිමි වී තිබේ. උණ්ඩයක් හෝ උල් ආයුධයකින් ශරීරය තුල ගැඹුරට සිදු වු තුවාලයක් සහා ප්‍රථමාධාර ලබාදිය යුතුයි. ප්‍රමිතිගත ප්‍රථමාධාරය ලෙස තුවාලයේ අඟල් 5 ක් දක්වා ගැඹුරට gauze (ග්‍රෝස්) රෙදි පිරවීම සහ පීඩනය ඇති කිරිම සිදු කළ යුතු බව පිළිගැනේ. මෙමඟින්ද රුධිරය පිටවීම විනාඩි තුනකට පසුව නොනැවතුණි  නම් මුල් ග්‍රෝස් රෙදි ඉවත් කර නව ග්‍රෝස් රෙදි වලින් පිරවීම අවශ්‍ය වේ.


මෑත කාලයේදී සිදුවු  බොහෝ යුද්ධ වලදී තුවාල ලැබු සොල්දාදුවන්ගෙන් 90% ක් පමණ අධික රුධිර වහනය නිසා මියගිය බව සනාථ වී තිබේ. ග්‍රෝස් රෙදි ඇතුළු කිරීමේ පෙර පිළිගත් ක්‍රමවේදයේදී වුවද රුධිර වහනය නැවත්වීමට අපහසු වීම බොහෝදෙනාගේ මරණයට හේතු විය. මෙලෙස තුවාල වලින් මිය යාම අඩු කිරිම සඳහා විද්‍යාඥයින්, ඉංජිනේරුවන් හා විශේෂඥයින් සමන්විත රිවමෙඩෙක්ස් (RevMedx) අයතනය විසින් නව උපකර‍‍‍‍‍‍ණයක් නිපදවා තිබේ. සාක්කුවේ දමාගෙන යාහැකි ප්‍රමාණයේ (කුඩා) උපකරණයක් වන මෙය Xstat වේ. තුවාලය ආවරණය කිරිම සඳහා වඩා වේගවත්, කාර්යක්ෂ සේවාවන් මෙමඟින් සපයයි. බහු කාබනික  සිරින්ජරය (Poly-carbonate Syringes) ගැඹුරු තුවාලයේ (වෙඩි උණ්ඩ තුවාල වැනි) යටට ඇතුළු කළ හැකිය. භාවිතා කරන්නා සිරින්ජරයේ  හිස පහළට තල්ලු කළ යුතුය. එමඟින් තුවාලය තුළ කුඩා ප්‍රමාණය ස්පොන්ජ් (Sponges) තැන්පත් වේ. මෙම ස්පොන්ජ් ප්‍රසාරණය වී රුධිර වාහනය වීම නවතාලයි. ස්පොන්ජ් තුල ඇති ඖෂධ රුධිරය කැටි ගැසීමට උපකාර කරන අතර අසාදනය වීමද වළක්වයි.

පර්යේෂණ කණ්ඩායම  Xstat සඳහා එක්සත් ජනපද අහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය අපේක්ෂා කරයි. එවිට සෙබලාගේ ආරක්ෂ ආම්පන්න කට්ටලයXstat ද එක්කර  ගත හැකිවේ. 
Xstat යුද්ධය සඳහා පමණක් නොවේ. හදිසි අනතුරු අවස්ථා සහ ගිලන්රථ සඳහාද ප්‍රායෝජනවත් වේ. එවැනි කටයුතු වල යෙදෙන ආයතන විසින් Xstat විශාල ලෙස ඉල්ලුම් කර තිබේ.

උපුටාගැනීම  : Invention award 2014 : Seal combat wounds in 15 seconds  by Rose Pastore

0 comments:

Post a Comment