March 25, 2015

බිම් මල්

වසර දහස් ගණනක් ඈතට දිව යන අතීතයක් හතු හෙවත් බිම්මල්වලට හිමි වී තිබේ. බෞද්ධ ඉතිහාසයේ භූමි පප්ඵටක ලෙස හතු හඳුන්වා දී තිබේ. මානවයාගේ පරිනාමය සිදු වූ අයුරු .සාකච්ඡා කරන අග්ගඤ්ඤ සූත‍්‍රයේ දී ආබස්වර බඹ ලොවින් චුතව ආ ජීවීන්ගේ පරිනාමයට හතු අනුභව කිරීම හේතු වූ බව විස්තර කර දේ.  එමෙන්ම අතීතයේ දී රජුන්ගේ හා සේනාධිපතිවරුන්ගේ ශක්තිය වඩන ආහාරයක් ලෙස පිළිගැනුණු බිම්මල් අප රටේ ජනතාව අතරත් ජනප‍්‍රිය ආහාරයකි.

රෝම රාජ්‍යයේ විසූ නිරෝගී නෑයෙකු ලෙස සැලකෙන පළමුවන ක්ලෝඩියස් රජුගේ බිසව හතු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වූ බවට සාධක ලැබී තිබේ.   හොරෙන් හතු කෑ පිරිස්වලට විවිධ දඬුවම් ලබා දුන් බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. කෙසේ නමුත් හොඳ හතු හා නරක හතු එනම් විෂ සහිත පිළිබඳ නියම අවබෝධයක් නැතිකම නිසා අතීතයේ හතු කෑ බොහො අය මිය ගොස් ඇති බව පැහැදිලි වේ. මේ හේතුව නිසාම ක්ලෝඩියස් රජුගේ කාලයේ දී හතු හඳුන්වා දී ඇත්තේ විනාශකාරී දේවදූතයා යන නමිනි. 16 වන ශත වර්ෂයේ අග භාගයේ දී හා 17 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී විදේශිකයන් විසින් ආරම්භ කරන ලද පර්යේෂණවල ප‍්‍රතිඵල ලෙසින් මේ වන විට අපේ රටේ බිම්මල් වර්ග 1120 ක් පමණ හඳුනා ගැනීමට හැකි වී තිබේ. ලෝකයේ බිම් මල් වගාව මෙන්ම ඒවා ආහාරයක් ලෙස ජනප‍්‍රිය වී ඇත්තේ මීට වසර 200 කට පමණ පෙර දී වුවත් අපේ රටේ බිම්මල් පිළිබඳ වැඩි උනන්දුවක් ඇති වූයේ මීට දශක 1, 1/2 - 2 කට පෙරය. පසුගිය පස් වසර තුළ බිම්මල් වගාව ශීඝ‍්‍රයෙන් දියුණු විය. 

අපර දන්නා ආකාරයට  පෝෂණීය අගය අධික ආහාරයිකි. ඖෂධීය වටිනාකමකින් පරිපූර්ණ වූ බිම් මල් බොහෝ රෝගයන්ට ගුණදායක බව සොයා ගෙන ඇත.
එනම් පිලිකා,දියවැඩියාව,රැධිර පීඩනය,සහ ව්‍යාජ ජනක රෝග
පිලිකා වලට  ප්‍රතිකාර සදහා වැදගත් වන බිම් මල් විශේෂ 06ක්  හදුනා ගෙන ඇත.

Ganoderma Reishi Mushroom
චීන වෛද්‍ය විද්‍යාවේ පිලිකා රෝග වලට ප්‍රතිකාර කිරීමට භාවිතා වේ.
Ganoderma Reishi Mushroom
ජපානයේ පිලිකා වලට ප්‍රතිකර්ම කිරීමට සහ ප්‍රතිශක්තිකරනය සදහා භාවිතා වේ.
මෙම බිම් මල් වල glucan called AHCC (Active Hexose Correlated Compound)
අඩංගු වන අතර පිලිකා වලට ප්‍රතිකර්ම කිරීමට බාවිතා කෙරේ.
තවද ප්‍රති පිලිකාකාරයක් ලෙස ක්‍රියා කරන  Lentinan ද අඩංගු වේ.
Coriolus versicolor (Trametes versicolor) "Turkey tail Mushroom"
පිලිකා වලට සහ ආසාදන වල වලට එරෙහිව ප්‍රතික්‍රියා කරයි

Maitake Grifola frondosa Cloud Mushroom 
ජපානයේ සහ චීනයේ බාවිතා වන අතර දිගු ප්‍රතිශක්තීකරන ක්‍රියා ඇති කරයි.ඇන්ටිඹක්සිජන් අඩංගු වේ.
Chaga Inonotus obliquus Black Tree Fungus
රැසියාවේ සහ යුරෝපයේ බාවිතා වේ.මෙහි  Betulin  අඩංගු වන අතර එය පිලිකා සෑදීම වලක් වන
topoisomerase එනසයිමය  සෑදීමට උත්තේජ සපයන බව සොයා ගෙන ඇත.

මිනිසාගේ ප්‍රතිශක්තීකරන පද්ධතියට වැදගත් වන ඹයිස්ට බිම් මල් වල අඩංගු වන ප්‍රෝටීනයක් පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.
මෙම ප්‍රෝටීනය pleurotolysin ලෙස නම් කර ඇත.මෙම ප්‍රෝටීනයට පිලිකා සෛල සහ විවිධ ආසාදන සෛල වලට එරෙහිව ක්‍රියා කිරීමේ කිරීමේ හැකියාව ඇත.
මෙය  වෛද්‍ය විද්‍යාව ,කෘෂිකර්මය ජාන ඉංජිනේරැ විද්‍යාව,සහ නැනෝ තාක්ෂණය
යන ක්ෂේත්‍ර වල  යොදා ගැනේ.
මෙම ප්‍රොටීනයේ අණුක කොටසක් ආසාදිත සහ පිලිකා සෛල වලට ඇතුල් කල විට එම සෛල වටා අලු පැහැ කවයක් සෑදී සෛලයේ හැඩය වෙනස් වී එම සෛලය විනාශ කරයි.
සෛලය මැද සිදුරක් ඇති කරයි.

ඉතා ඉහල ඖෂධීය වටිනාකමකින් හෙබි බිම් මල් වලට ඉතා ඉහල වෙළද වටිනානමක් ඇත.
වගාව සදහා අවශ්‍ය වන්නේ ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක් වන අතර නිෂ්පාදිතතාවය ඉතා ඉහල අගයක පවතී.
බිම් මල් ආහාරයට ගැනීම මෙන්ම වගා කිරීමට පෙළබීම ඉතා වැදගත්ය.

උපුටා ගැනීම -Medicinal mushroom

0 comments:

Post a Comment