March 11, 2015

සැතපුමක් ඈත සිට ට්‍රක් රථ විනාශ කරන කිරණ

අපි නිමවුණු අනාගතයේ ජීවත් වෙමු. ඒ සඳහා අද දින සාක්ෂි ලෙස පසුගිය සතියේ නිකුත් කළ අධි බලැති ලේසර් කිරණ වල ක්‍රියාවලිය දැක්විය හැක. මෙම අධි බලැති කිරණ සැතපුමක් ඈත පිහිටි ට්‍රක් රථයක් එහි එන්ජිම තුලින් දිලිසෙනරතු කුහරයක් සේ පුළුස්සා දමයි. 
ඉහත රුපය  මෙම ලොක්හීඩ් මාටින් නවතම සෘජු බලශක්ති ආයුධයේ ක්‍රියාකාරී බලය පෙන්නුම් කරයි.
ගිනි අවිය සඳහා ලොක්හීඩ්ගේ සංකේත නාමය ATHENA  වේ. එය අධී බලශක්තියේ ප්‍රයෝජන පිලිබඳ උසස් පරීක්ෂණ (Advanced Test Higher Energy Asset) යන්නෙහි කෙටි යෙදුම වේ. ඇතීනා (ATHENA) යනු ප්‍රඥාව පිලිබඳ ග්‍රීක දේවතාවියගේ නාමය මේ සඳහා යොදා ගෙන තිබුණද යුද්ධයට අධිපති Ares (ඒරීස්) දෙවියන්ගේ නාමය එයට  යොදා ගත්තේ  නම් වඩාත් සුදුසුය. මක්නිසාද යත් අනාගත යුද්ධයන්හී සුවිශේෂී අවියක් ලෙස ATHENA සැලකිය හැකි වීමයි. ඒ වෙනුවට NASA ආයතනයේ අවලංගු වූ වාහන පද්ධතියන් ඒරීස් ලෙස නම් කර තිබුණි. විනාඩියකදී සැතපුමක් ඈතින් පිහිටි ට්‍රක් රථයක් පුලුස්සා දැමීමට ATHENA ට හැකිය. ප්‍රායෝගික තත්වය  නිර්මාණ කිරීම සඳහා මෙම ට්‍රක් රථයේ එන්ජිම    ධාවනය වන වේදිකාවක රඳවා අත්හදා බලන ලදි.

වත්මන් යුද්ධයේ වඩාත් සාමාන්‍ය  ක්‍රියාවක්‌ වූ ට්‍රක් රථය පිටුපස අවි ආයුධ සවිකර ගමන් කිරීමේ ස්වරූපය මේ ආදර්ශනය සඳහා යොදාගෙන තිබේ. ලොව පුරා සන්නද්ධ කල්ලි විසින් භාවිතා කරන විශේෂයෙන් ISIS විසින් ද භාවිතා කරන මෙවැනි ට්‍රක් රථ “Technicals” නාමයෙන් හඳුන්වන අතර සමහර රාජ්‍ය හමුදා කර්මාන්තශාලාවල ඒවා නිෂ්පාදනය කරන බව ලිපියෙන් ප්‍රකාශ වේ.

අනෙක් අතට තාක්ෂණයෙන් දියුණු රටවල හමුදාවන් රථය පිටුපස අවි ආයුධ සවිකර ගමන් කරන ට්‍රක් රථ වෙනුවට ලේසර් කිරණ සඳහා වැඩි උනන්දුවක් දක්වති. ලේසර් කිරණ සංවර්ධනය සඳහා අධීක මිලක් අවශ්‍ය වුවද එය  භාවිතයේදී ඉතා හොඳ පිරිවැය ඵලදායීතාවයකින් යුක්තය.

ලේසර් කිරණ පහරදීමක් සඳහා සෑම විටම මිසයිල උණ්ඩ පහරදීමකට වඩා ඉතා අඩු මිලක් වැයවේ. සමහරවිට සාමාන්‍ය උණ්ඩ වලින් පහරදීමකට වඩා ලාභදායී වේ. ඉතා දුරක සිට විදින ලේසර් වලින් සතුරා හා සතුරු ට්‍රක් රථ හා ආයුධ වනසා දැමීම දැනට චිත්‍රපටි වල දකින ආකාරයටම නුදුරු දිනකදී සත්‍ය ලෙසම ක්‍රියාත්මක විය හැකිය.

උපුටාගැනීම :LOCKHEED LASER DESTROYS A TRUCK FROM A MILE AWAY
LASERS VERSUS TRUCKS: THE FUTURE OF WAR IS A TRANSFORMERS MOVIE By Kelsey D. Atherton 


0 comments:

Post a Comment