March 25, 2015

ඔබේ දුඹුරු ඇස් නිල් පැහැ ගැන්වීම $ 5000 කින්

1930 දී තිරගත වූ “ The Wizard of OZ” නම් චිත්‍රපටයේ ඩොරති එහි යහපත් පුරවැසියන්ගෙන් මෙසේ අසයි. ඔබට මගේ ගවුමට සරිලන ආකාරයට මගේ ඇස් පාට ගන්වන්න පුළුවන්ද? ඔවුන් ඉතා සන්තෝෂයෙන් එය ඉෂ්ඨ කළා. ඇත්ත වශයෙන්ම ඔව්. ඇස් කොන්ඩය මෙන් නොවේ. ඉන් අවුරුදු 75 ක් ගත වුව ද මෙතෙක් බාහිර පළදනාවන්ට ගැලපෙන පරිදි ඇස් පාට ගැන්වීම කළ නොහැක. නමුත් ලේසර් උපකරණයෙන් වර්ණය වෙනස් කිරීම කළ හැකි බව සොයාගෙන ඇත.

එම තාක්ෂණය කැලිෆෝනියාව පදනම් කර ගත් ස්ට්‍රෝමා වෛද්‍ය ආයතනය පුරෝගාමීව කළ අතර දැන් සමහර රටවල් වල මෙය ඇති නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුමැතිය ඒ සඳහා ලැබී නැත. මෙම ස්ථීර වශයෙන් දුඹුරු ඇස් නිල් පැහැ ගැන්වීමේ ක්‍රියාවලිය මෙක්සිකෝවේ හා කොස්ටාරිකා හී 37 දෙනෙකුට දැනට කර ඇත. ඔබට හොඳින් මුදල් ඇත්නම් මෙය $ 5000 කට කළ හැකි අතර එසේ නොමැති නම් අනිවාර්යයෙන්ම අක්ෂි කාච ආධාර කර ගත යුතුය.

මෙය සිදුවන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම මෙහි ඇසට කිසිදු වර්ණකයක් ඇතුල් කිරීම සිදු නොකෙරේ. නිල් ඇස් ඇත්තවුන්ගේ ඇස් මත වෛවර්ණ ආලෝකය පතිත වූ විට නිල් තරංග ආයාමය වැඩි වශයෙන් පරාවර්තනය වී අපේ ඇස් මතට ග්‍රහණය කර ගැනීමෙන් මෙය සිදුවේ.

දුඹුරු පැහැති ඇස් ඇත්තවුන්ගේ වෙනස වන්නේ ඔවුන්ගේ ඇස් මතුපිට ස්ථරය (එම ස්ථරය ස්ට්‍රෝමා නම්වේ) මෙලනින් සපිරි වීමයි. මෙම වර්ණකය සම හා හිස කෙස් සඳහා ද වර්ණය ලබා දෙයි. ඇසට පතිත වන ආලෝකයෙන් වැඩිපුර ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නා නමුදු සුළු ප්‍රමාණයක් පරාවර්තනය වීමෙන් දුඹුරු පැහැති ලෙස දිස්වේ. එබැවින් තාරා මණ්ඩලයේ පවතින මෙලනින් ඉවත් කිරීම මගින් දුඹුරු ඇස් නිල් පැහැ ලෙස වෙනස් කර ගත හැක.

හොමර් ප්‍රකාශ කරන ආකාරයට මැරුණු වර්ණක ස්ථරය ඉවත් කිරීමට ශරීරයට සති කිහිපයක් ගත වන බැවින් ලේසර් ක්‍රියාවලිය තත්පර 20 කින් සිදු කළ ද ප්‍රථිඵලය එසැනින් නොලැබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ අවසරය මෙය ක්‍රියාත්මක කිරීමට තවමත් ලබා නොදී ඇති නමුත් මෙය කිසිදු හානියකින් තොර ආරක්ෂාකාරී ක්‍රීයාවලියක් ලෙස මූලික අධ්‍යයනයන්ගෙන් පවසා ඇත. නමුත් එය අවසන් කිරීමට සායනික අත්හදා බැලීම් සඳහා වසර ගණනාවක් ගතවනු ඇත.

මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින් මෙහි ආරක්ෂාව පිළිබඳව සැකයක් මතු කරන අතර ඔවුන්ගේ සමහර යෝජනා වල වර්ණකයෙන් යම් නාලිකා අවහිර වීමෙන් ඇසෙහි පීඩනය ඉහළ යාමක් සිදු වී අවසානයේ ග්ලූකෝමා රෝගී තත්ත්වයට පත් වීමට ඉඩ ඇති බව පවසයි. නමුත් මෙයින් එවැනි ආකාරයේ බාධා ඇති වීමේ අවදානම ඉතා අවම බව හොමර්ගේ අදහසයි.

මෙම ක්‍රියාවලියට ඉතාම ඉහළ වියදමක් යන නමුත් ඉතා ඉහළ ඉල්ලුමක් ද ඇති බව පැහැදිලිය. ලෝක ජනගහනයෙන් 17% ක් පමණක් නිල් පැහැති ඇස් ඇති අතර එය දුලභ වෙමින් පවතී. ඔබත් ඒ සඳහා කැමැත්තක් දක්වන්නෙක් ද?

උපුටා ගැනීම - http://www.iflscience.com/technology/lasers-can-turn-your-eyes-blue-brown-5000 by Justine Alford

0 comments:

Post a Comment