March 27, 2015

ජලකර වායු බලැති (Hydrogen-powered) ට්‍රෑම් රථ

සුවිශාල ලෙස හරිතාගාර වායු විමෝචනය කිරීමේ ලොව නරක වෘකයා නමින්  චිනය, ලොව විශාලතම දූෂකයා ලෙස වාර්තාවේ සඳහන් වේ. එම විමෝචනයෙන් ගෝලීය දේශගුණික තත්ත්ව මත ඇති කරන අහිතකර බලපෑම් නිසා තම රට තුල ද මතුවිය හැකි යටිතල පහසුකම් ව්‍යාපෘති විනාශ වීම්, බෝග අස්වැන්න හිඟ වීම පිළිබඳව ලද අවබෝධයෙන් චීනයේ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය ඒ සඳහා යොමු වී ඇත.

ඒ අනුව චීනය ප්‍රතිජනන බලශක්ති උත්පාදනය ප්‍රමුඛතාවයක් ලෙස වසර 2013 සිට කටයුතු කරයි. ලොව සුළං බලශක්ති නිෂ්පාදනයෙන් පෙරමුණේ පසුවන අතර ලොව පිරිසිදු බලශක්තිය නිෂ්පාදන  ව්‍යාපෘතිවල 30% ක ආයෝජනයක් කර ඇත. මෙලෙස පිරිසිදු බලශක්තිය සඳහා ඉදිරි ගමනක යෙදෙන චීනය ලොව ප්‍රථම හයිඩ්‍රජන් (ජලකර වායු) බලැති ට්‍රෑම් රථයක් නිෂ්පාදනය කර තිබේ.
දකුණු චීන දුම්රිය සංස්ථාවේ සුභ සාධන ව්‍යාපෘතියක් වූ Sifang (සිෆාන්) මගින් මෙම හයිඩ්‍රජන් බලැති ට්‍රෑම් රථය නිෂ්පාදනය කර  Qingdao සම්මේලනයේදී පසුගිය සතියේ ඉදිරිපත් කරන ලදී. වර්තමානයේ ජල බලයෙන් විවිධ මෝටර් රථ, බස්රථ ධාවනය කිරීම, පරීක්ෂණ කිරීම සිදු කළ ද ට්‍රෑම් රථයක් සඳහා ජලකර වායු බලය යොදා ගැනීම ප්‍රථම වරට සිදුවිය.

ජලකර වායු බලැති ට්‍රෑම් නිෂ්පාදනයේ තාක්ෂණික ගැටළු විසඳීම සඳහා Sifang ව්‍යාපෘතියට වසර 02 කට වැඩි කාලයක් ගත වූ බව පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරු ලියන් ජිනායින් පවසයි. එහෙත් ට්‍රෑම් රථය ධාවනයේ යොදවන දිනය ඔහු විසින් ප්‍රකාශ නොකරන ලදී.
විවිධ හේතූන් නිසා ජලකර වායු බලැති ට්‍රෑම් රථ ප්‍රවාහනය ඉතා වාසිදායක බව පෙන්වා දී තිබේ. ජලකර වායුව බහුල ලෙස පවතින අතර බොහෝ ප්‍රභව/මූලාශ්‍ර වලින් උපාදවාගත හැකිය. තවද එය ප්‍රතිජනනය හෝ ප්‍රතිජනනය නොවන ලෙස ලබා ගත හැකිවේ. සුවිශේෂී ලෙස ජලකර වායු බලැති වාහන වල විමෝචනය ශුන්‍ය වන අතර එමගින් ජලය පමණක් ලැබේ. විනාඩි 03 කින් පිරවිය හැකි ජලතර වායු ප්‍රමාණයකින් 100Km ධාවනය කළ හැකිය. ඒ නිසා ට්‍රෑම් රථ ධාවනයේ වියදම් ඉතා අඩුවේ.

උපුටාගැනීම:
China develops world’s first hydrogen powered tram. By Justine Alford

https://www.youtube.com/watch?v=o9QAV_orYsc

0 comments:

Post a Comment