February 23, 2015

විටමින් ඩි ගැන ඔබ දතයුතු දේ

විටමින් ඩි අනෙක් විටමින් වලට සාපේක්ෂවවෙනස්කම් ඇත. ඇත්තටම මෙය හෝමොනයකි.ශිරුර හිරු එලියට නිරාවරණය වුවිට නිෂ්පාදනය වන steroid හෝමොනයකි.මේ නිසා Sunshine විටමිනය ලෙස හදුන්වයි. හිරුඑලියට අමතරව අවශ්‍ය ප්‍රමානයට විටමින් ලබා ගැනිම සදහා ආහාර මගින් සපයා ගැනිමද වැදගත් වේ.නමුත් අවාසනාවකට සැලකිය යුතු ප්‍රමාණයක් ඩි සහිත ආහාර ඉතාම දුර්ලභයි.එබැවින් ඌණතාවයන් බහුලයි.දත්ත වලට අනුව යුරෝපිය ජනගහනයෙන් 41.6%විටමින් ඩි ඌණතාවයෙන් පෙලෙයි.
විටමින් ඩි යනු මේදයෙහි දියවන ශිරුරේ දිගු කාලිනව ගබඩා කර තබා ගත හැකි විටමිනයකි.මෙය ප්‍රධාන ආකාර දෙකක් ලෙස ආහාර වල දැකිය හැක.

විටමින් D3 (chdecaleiferol) සමහර සත්ව ආහාර වල දැකිය හැක
විටමින් D2 (ergocaleiferol) සමහර හතුවර්ග වල දැකිය හැක. නමුත් රැධිර ගත විටමින් ඩි ප්‍රමානය විටමින් D2 වලට සාපේක්ෂව විටමින් D3 මගින් දෙගුණයකින් ගුණකරයි.මුලිකව විටමින් ඩි වැදගත් කමක් නැත. මෙය ක්‍රියාකාරි විමට පරිවර්ථන අවස්ථා දෙකකට ලක් විය


යුතුය.පලමුව අක්මාව තුලදි calcidiol හෝ 25(OH)D බවට පරිවර්ථනය වේ. දෙනනුව වකුගඩු වලදි Calcitriol හෝ 1.25(OH)2D බවට පරිවර්ථනය වන අතර මෙම ආකාරය විටමින් ඩි වල ක්‍රියාකාරි Steroid හෝමොන ආකාරයයි. මේවාශිරුර හරහා ගමන් කරමින් සෛල නි්‍යෂ්ඨිය වෙත ගමන් කරයි එහි ඇති විටමින් ඩි ප්‍රතිග්‍රාහකමගින් අල්ලා ගනි.ප්‍රතිදේහ හා බැදුනු පසු අනෙකුත් steroid හෝමොන ලෙස ක්‍රියා කරනු ලබයි.
විටමින් ඩි අස්ති සෛල හා කැල්සියම් අව‍ශෝෂණය හා බැදි පවති.එසේම පිලිකා වැලක්විම සේම ස්නායු ක්‍රියාකාරික්වය හා සම්බන්ද වේ.
විටමින් ඩි සදහා සුදුසුම ප්‍රභවය හිරු එලිය වේ. සම හිරු එලියට නිරාවරණය වු විට එහි ඇති අල්ට්‍රාවයලට් B (UV B) කිරණ මගින් ලබා ගන්නා ශක්තියෙන් හම මත විටමින් ඩි නිෂ්පාදනය වේ.
නමුත් හිරුආවරණ පැලදිම හා විදුරැ ආවරණ මගින් මෙය සිදු නොවේ. විටමින් ඩි ඌණතාවය සදහා හිරැ එලිය හොදම විසදුම වුවද හිරැ එලියෙන් පිලිස්සිම පිලිකා සැදිම හා වයස්ගත විම සදහා උදව්වක් වේ. එබැවින් ඩි විටමින් ලබා ගන්නා සේම පිලිස්සිම වලක්වා ගැනිමද වැදගත්ය.
ප්‍රමානවත් ඩි විටමින් සහිත ආහාර අඩුය . මොරතෙල්,සැමන්,ටුනා,ඌරැ අක්මාව,සාඩින්හා මාළු අක්මා තෙල් ඉතා වැදගත්ය.


එසේම කිරි නිෂ්පාදන,ධන්‍ය හා සමහර හතු වර්ග වලද බිත්තර කහ මදයේද සුළු වශයෙන් විටමින් ඩි පවති.

විටමින් ඩි ඌනතාවය බහුල ඌණතා රෝගයක් උවද පුද්ගලයා අනුව බලපැම වෙනස් වේ.වයස්ගත පුද්ගලයන් වෙත දක්වන බලපැම වැඩිය.හෟදරෝගින් 96% විටමින් ඩි ඌනතාවය සහිත බව සෝයා ගෙන ඇති අතර බොහෝරෝග සමග මේය බැදි පවති.අවාසනාවකට මෙය රෝග ලක්ෂණ අප්‍රකට නිහඩ වසංගතයකි ළමුන් අතර බහුල(Rickets) අස්ථි මාන්දම මෙම ඌනතාවයේ ප්‍රධාන රෝගයක් වන අතර පෙර විටමින් ඩි ලබා දිම මගින් වලක්වා ගත හැක.ලවන තත්වය අඩු කිරිම මගින්වැටිම් හා බිදිම් වලට වැඩිහිටියන් ලක්වන අතර ඔස්ටියෝපොරෝසිස්ද මෙහි ප්‍රතිපලයකි.මරණ වැඩි කිරිමටදහේතු වේ.

බොහෝ අධ්‍යනයන්ට අනුව විටමින් ඩි ලබා දිම මගින් ඔස්ටියෝපොරෝසිස් වලක්වන අතර අස්ථි අවදානම අඩුකරයි. බාහු ශක්තිය වැඩි කරයි.පිලිකා අවදානම 60% කින් අඩු කරයි.විෂාදිරෝගි ලක්ෂණ අඩුකරයි.Type 1දියවැඩියා අවදානම 78% අඩු කරනු ඇති බවත් මරණ අවදානම අඩුකර ආයුකාලය වැඩිකරන බවත් සොයා ගෙන ඇත.
විටමින් ඩි ඌණතාවය සියළුම රෝග හා බැදි පවතින අතර පරිපුර්ණය කිරිම මගින් බොහෝ ප්‍රතිලාභ අත්වේ.ඌණතාවයක් ඇත්ද යන්න වෛද්‍යවරුන් විසින් රැධිර විටමින් ඩි පුමාණය මැනිම මගින් පමනක් තිරනය කරයි.රැධිරයේ ගබඩා වි ඇති Calcidial හෝ 25(OH/D ප්‍රමාණය 12ng/ml වලට අඩු වු විට ඌණතාවයද 20ng/ml වලට වැඩි වු විට ප්‍රමාණවත් ද වේ.
කෙසේ වුවද රැධිර විටමින් ඩි පුමාණය 30ng/ml තබා ගැනිම මගින් උපරිම සෞඛ්‍යයක් හා රෝග වලක්වා ගැනිමක් සිදු වන බව සෞඛ්‍ය ප්‍රවිනයන්ගේ අදහසයි.
වෛද්‍ය ආයථනයන්ට අනුව ආරක්ෂිත උපරිම සිමාව 100 mg වේ.එසේම එය D3 ආකාරයෙන් ගැනිම වැදගත්ය.
විටමින් ඩි අෂිමාත්‍රා මගින් විෂ විම දුර්ලභ වන අතර දිගු කාලින සිහිමද ගතියක්ඇතිවිය හැක.

එස්..පි. ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
කරන්දෙණිය

උපුටා ගැනිම් :-Medical xpres .comnews
9 Reasons to optimize your vit D level
The 11 most nutrlent
5 Simple rules for amazy health

0 comments:

Post a Comment