February 5, 2015

කෘතීම කොළය


මෙම පර්යේෂණයේ තේමාව මිනිසා ස්වභාවික පරිසරය නිර්මාණය කර ඇත යන්නය.ගසක පත්‍රයක ක්‍රියාවලිය අනුකරණිය කරමින් කෘතීම පත්‍රයක් නිපදවීමට පර්යේෂකයින් පිරිසක් සමත්වී ඇත. මේ ඡායාරූපයේ තියෙන්නේ එම කෘතීම පත්‍රයයි. 
 ස්වභාවික ශාකයක පත්‍රයක්  මෙන් මෙයටත්  වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් නිපදවීමේ හැකියාව ඇත. ඒ සඳහා මෙ සුර්යාලෝකය සහ ජලවාෂ්ප ස්වල්පයක්  භාවිතා කරයි.

මෙම පත්‍රය  Silk Leaf යනුවෙන් හදුන්වා දී ඇත.

මෙය නිපදවා තියෙන්නේ එංගලන්තයේ Royal College of Art හි අධ්‍යාපනය හදාරන Julian Melchiorri විසිනි. ඔහු මේ පර්යේෂණ සිදුකර තිබෙන්නේ ඇමෙරිකාවේ Tufts University නම් විශ්ව විද්‍යාලය සමග එක්ව වැඩ කිරීමෙනි.
මෙම පර්යේෂණයේදී ස්වභාවික ශාක අමතක කොට නොමැත.ඒ මන්ද යත් මෙහි ක්ලොරෝප්ලාස්ට් එක
ශාකයකින් නිස්සාරනය කර එය Silk ප්‍රෝටීන සමග සංරක්ෂණය කිරීමක් කර ඇත.

ජුලියන් ගේ අරමුණ වී තියෙන්නේ අභ්‍යවකාශ චාරිකා වල යෙදෙන ගගන ගාමීන් ස්වශනයේදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීම සඳහා ක්‍රමයක් සොයා ගැනීමයි. මේ නිර්මාණය එහි ප්‍රතිඵලයකි.
නමුත් ගුරැත්වාකර්ෂණය රහිත ප්‍රදේශ වල ශාක වර්ධනය කල නොහැකිය යන මතය විවාදයකට පැමිණේ.
 මේ නිර්මාණය ගගනගාමීන් සඳහා පමණක් නොව පෘථිවිය මත සිදුවන වායු දුෂණය යම් ප්‍රමාණයකට මැඩලීමට  යොදා ගැනීටම හැකි වනු ඇත.

. ජනාකීර්ණ නගරයක තියෙන ගොඩනැගිලි ඉදිකිරීමේදී මේ ද්‍රව්‍යයෙන් තැනු බිත්ති ආවරණ වැනි දේ නිර්මාණය කලොත්, පරිසරයේ තියෙන අධික කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඒ වෙනුවට ඔක්සිජන් සම්පාදනය කරන්න හැකි වනු ඇත. ඒ වගේමයි ගෘහ අලංකරණ භාන්ඩත් මේ ද්‍රව්‍යය භාවිතා කර නිපදවීමට හැකි වනු ඇත. එවිට ඇතුලත වායුගෝලයේ ඔක්සිජන් මට්ටම යහපත් අගයක පවත්වා ගැනීමට හැකි වනු ඇත.

අවිවාදයෙන්ම මෙය බොහොම අපුරු සොයා ගැනීමකි. මෙය  ස්වභාවික ශාකයක් වෙනුවට ආදේශකයක් නොවනු ඇත. 

උපුටා ගැනීම  Artificial leaf 

0 comments:

Post a Comment