February 11, 2015

දියවැඩියාව පරදවන්නට නම්(ගත යුතු පිළියම්)

පාලනයකින් තොරව ගත හැකි ආහාර
    සියළුම පලා වර්ග / කතුරු මුරුංගා මල් / බෝංචි / මෑ කරල් / කරවිල / දඹල / නෝකොල් / පහුල් /         ලොවි / පිපිඤ්ඤා / වෙරලු / කෙසෙල් මුව / විනාකිරි / පතෝල / ලබු / මල් ගෝවා / බෙලි / ගෝවා /
 කන්කුන් / අමුගස් ලබු / මිංචි / පොලොස් / මුරුංගා / රාබු / ලීක්ස් / වැටකොලු / ඇඹරැල්ලා / වම් බටු / කොහිල / තලන බටු

සීමිත ප්‍රමාණයකින් ගත යුතු ආහාර
            නිවුඩු හාල් බත්                                              ඕනෑම පළතුරු කුඩා ප්‍රමාණයක්
            පිට පොත්ත සහිත ධාන්‍ය වර්ග                        මාළු
            පිටි සහිත ආහාර                                             කරවල
            අර්තාපල්                                                       හාල්මැස්සන්
            මඤඤොක්කා                                                
            ගහල
            කිරි අල
            අලුකෙසෙල්
            කොස්ඇට
            දෙල්
අමතර උපදෙස්
  •  ප්‍රධාන ආහාර වේල් ගන්නා විට එයට හැකි තරම් පලා වර්ග හා කෙදි එළවළු එකතු කර ගන්න.
  •  බත් හෝ පිටි සහිත ආහාර ප්‍රමාණය අඩු කරන්න
  •  කලාතුරකින් ව්‍යංජනයක් ලෙස දෙල්, කොස් අලුකෙහෙල් අල වැනි දෙයක් ගන්නේ නම් ඒ ප්‍රමාණයට සරිලන ලෙස බත් ප්‍රමාණය අඩු කරන්න.
  •  සියළුම ආහාර වේල් වලට පසුව පළතරු කුඩා ප්‍රමාණයක් එක් කර ගන්න.
  •  බිත්තර සතියකට දෙකකට වඩා නොගන්න
  • තෙල් භාවිතය අඩු කරන්න.
  • ගැඹුරු තෙලේ බදින ලද ආහාර ගැනීම හැකි තරම් අඩු කරන්න.
දියවැඩියා රෝගියකුගේ ආහාර වේල්
  • උදේ තේ -  තේ හෝ කෝපි කිරි සමග කෝප්ප එකක් (සීනි හෝ හකුරු නොමැතිව) , හෝ පැණි රසයෙන් තොර පලතුරු බීම එකක්
  •  උදෑසන ආහාරය - රතු කැකුළු හාල් බත් (පීරිසි කෝප්ප 1.5ක් ) , රතු කැකුළු හාල් කිරිබත්, පොත්ත සහිත ධාන්‍ය (ඇට වර්ග) ලුණු මිරිසක් හෝ පොල් සමග රතුකැකුළු හාල් පිටි වලින් හෝ කුරක්කන් පිටි වලින් සෑදු පිට්ටු, ආප්ප, ඉදි ආප්ප, රොටී වැනි ආහාරයක් සාමාන්‍ය ප්‍රමාණයෙන් ගත හැක.
  • උදේ 10 ට -  උදෑසන තේ පානය මෙනි.එහෙත් ඔබ මහන්සි වී වැඩ කරන කෙනෙක් නම් අමතර ආහාර වේලක් ලෙස උදෑසන ආහාරයේ සදහන් පරිදී කුඩා ප්‍රමාණයක් හෝ සීනි රහිත බිස්කට් 1 හෝ 2 සමග ගත හැක.
  • දහවල් ආහාරය -  රතු කැකුළු හාල් බත් පීරිසි කෝප්ප 2 සමග ඉහත වට්ටෝරුවේ සදහන් ඕනෑම එලවළු වර්ග සමග පලා වර්ගයක්, මාළු, කරවල, හාල්මැස්සන් ආහාරය සදහා එක් කර ගත හැක. ඕනෑම පළතුරක් කුඩා ප්‍රමාණයක් ආහාරයට ගත හැක.
  •  හවස තේ - උදේ තේ පානය මෙනි.
  •  රාත්‍රී ආහාරය - රතු කැකුළු බත් (පීරිසි කෝප්ප 1.5ක්) සමග ඉහත වට්ටෝරුවේ සදහන් එළවළු හෝ කැකුළු හාල් වලින් හෝ කුරක්කන් පිටි වලින් සෑදූ ආප්ප, ඉදිආප්ප, රොටී වැනි දෙයක් ආහාරයට ගත හැක.
 බෙහෙත් පෙති මගින් දියවැඩියාව පාලනය 
බහුලව භාවිතා කරන මුඛ ඹෟෂධ
  • මෙත්ෆෝමින් (METHFOMIN)
  • ටොල්බියුටමයිඩ් (TOLBUTAMIDE)
  • ග්ලයිබන්ක්ලමයිඩ්(GLIBENCLAMIDE)
  • ග්ලික්ලසයිඩ්(GLICLAZIDE)
  • ග්ලිපිසයිඩ්(GLIPIZIDE)
  • පයෝග්ලිටසෝන්(PIOGLITAZONE)
එන්නත් මගින් දියවැඩියාව පාලනය
ආහාර හා මුඛ බෙහෙත් මගින් දියවැඩියාව පාලනය කල නොහැකි අවස්ථාවල ඉන්සියුලින් හෝමෝනය ගැනීමට නියම කරනු ලැබේ. ඉන්සියුලන් ගබඩා කිරීම හා ප්‍රවාහනය නිසි අයුරින් කළ යුතුය. එනම් අධික උෂ්ණත්වය, අධික සීතල, අධික පීඩනය හා අධික සෙලවීමෙන්ද වැළකෙන ලෙස ගබඩා කිරීම හා ප්‍රවාහනය කල යුතුය. ඉහත එක් තත්වයකට හෝ භාජනය වුවහොත් ඉන්සියුලීන් වල ක්‍රියාකාරීත්වය නැතිවී රෝගියාගේ දියවැඩියාව පාලනය නිසි ලෙස සිදු නොවේ.

ඉන්සියුලින් භාවිතය සදහා උපදෙස්
  • ඉන්සියුලින් ගබඩා කල යුතු උෂ්ණත්වය වන්නේ සෙන්ටිග්‍රේඩ් 2 – 8
  • කාමර උෂ්ණත්වයේ හෝ කල් ඉකුත්වු ඉන්සියුලින් භාවිතය නුසුදුසුය.
  • තමාට අවශ්‍ය ප්‍රමාණය විදින අවස්ථාවේම පමණක් ගත යුතුය.
  • ඉන්සියුලින් ගෙන විනාඩි 15 – 20 අතර ආහාර ගැනීම අත්‍යාවශ්‍ය යි.
  • නිවසේදී විදගන්නේ නම් විදින ස්ථානය සබන් හා ජලයෙන් සෝදා වියලීමට හැර ඉන්පසු විදගන්න.
  • ඉන්සියුලින් භාජනයේ මුඩිය සර්ජිකල් ස්පිරිට් වලින් පිස දමන්න.
ඉන්සියුලින් පෑන

ඉන්සියුලින්, සිරිංජය හා ඉදිකටුව සහිත පෑනක් ඔබට අවශ්‍ය නම් ෆාමසි වලින් මිලදී ගත හැක. මෙය ශිතකරණයක ගබඩා කිරීමට අවශ්‍ය නැත. සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේ තැබිය හැක.  එහි ඇති ඉදිකටුව දින 12 කට වරක් මාරු කිරීම ප්‍රමාණවත් වේ. ඉතා කුඩා ඉදිකටුවක් ඇති නිසා වේදනාව ඇති නොවේ. ඔබ යන ස්ථානයකට රැගෙන යා හැක.
ව්‍යායාම මගින් දියවැඩියාව පාලනය
  • ව්‍යායාම නිසා
  • රුධිරයේ සීනි පාලනය වඩාත් ක්‍රමවත් වේ.
  • බර වැඩිවීම පාලනය කරයි.
  • ශරීරයට සුවදායක බවක් දැනේ.
  • ශරීරයේ ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය වැඩිවේ.
තුෂංග ෙහ්රත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඅැල

0 comments:

Post a Comment