June 29, 2017

පැළදිය හැකි සෞඛ්‍යමය උපකරණ බලගැන්වීමට දහඩිය

පැළදිය හැකි උපකරණ බලගැන්විමේ ක්‍රමවේදවල අනාගතය පිළිබද සංඥාවක් ගුවන්විදුලි යන්ත්‍රයක් බලගන්වන දහඩිය උපයෝගි කරගත් ජෛවඉන්ධන කෝෂය ලබාදී ඇත. ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ බැටරි බලය අඩු නිසා ක්‍රියාත්මක නොවේද? එසේනම් ඔබ කළ යුත්තේ දහඩිය පිටවෙන ක්‍රියාවක නිරත වීමයි.

සමට සම්බන්ධ කළ මෙම නව patch (අණ්ඩය / බිස්ස) හි හැකියාව නිසා දහඩිය පමණක් උපයෝගී කරගෙන රේඩියෝව දින දෙකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්තිය ලබා දිය හැකි බව ප්‍රදර්ශනය කරන ලදී.

සෙ.මි. කිහිපයක දිග පළලින් යුත් සමචතුරශ්‍රාකාර සහ සමට ඇලෙන සුළු මෙම අණ්ඩය නම්‍යශිලිද වේ. බැටරි සදහා සාමාන්‍යයෙන් භාවිතාවන අගනා ලෝහ ප්‍රතිස්ථාපනය කළ හැකි එන්සයිම වලින් සමන්විත මෙම අණ්ඩය විසින් දහඩිය ක්‍රියාත්මක කර බලශක්තිය ලබාදේ. පෙර පර්යේෂණවලදී ජෛවඉන්ධන කෝෂවලින් ප්‍රමාණවත් ලෙස බලශක්තිය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් වූ නමුත් මෙම නවතම සංස්කරණය මගින් පෙර මෙන් දසගුනයක බලයක් නිෂ්කර්ශනය කිරීමට හැකි වී තිබේ.
“ අපි දැන් සිත්ගන්නා සුළු මට්ටමකට බලශක්තිය ලබාගන්නෙමු. ඔබ දිවීමට සමත් නම් ඔබට ජංගම උපකරණයක් බලගැන්විය හැකිය.” යයි නව තාක්ෂණ නිර්මාණ කණ්ඩායමේ සාමාජික සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ Joseph Wang පවසයි.

ගුවන්විදුලි යන්ත්‍රයක්  බලගැන්වීම මගින් ජෛවඉන්ධන කෝෂ තාක්ෂණය බොහෝ සංවර්ධනය වී ඇතැයි පෙන්වන නමුත් පර්යේෂකයන්ගේ ඉලක්කය දහඩිය ගුවන්විදුලි යන්ත්‍ර නිපදවීම නොව  මෙම ජෛවඉන්ධන කෝෂ උපයෝගී කරගෙන මිනිසාගේ සෞඛ්‍ය තත්වය සොයාබැලීම වේ. එවැනි එක් නිර්මාණයක් නම් සෞඛ්‍ය තත්වය සොයා බැලීමට පැළදිය හැකි සංවේදකයක් සහ සංවේදකය නිකුත් කරන වාර්තා ස්මාට් දුරකතනයකින් ලබා ගැනීම සදහා Bluetooth සම්බන්ධ කිරීමට දහඩියෙන් ක්‍රියාත්මක වන ජෛවඉන්ධන කෝෂ භාවිතා කිරීමයි.

මෙම ජෛවඉන්ධන කෝෂ සදහා දහඩියෙහි ඇති ලැක්ටේක් භාවිතා කර තිබේ. තවද දහඩියෙහි ඇති ලැක්ටේක් හෝ ලැක්ටික් අම්ල ප්‍රමාණය පුද්ගලයාගේ මාන්ෂපෙශී කාර්යක්ෂමතාව මත රදා පවතින් බැවින් ව්‍යායාම් වලදී ක්‍රීඩයකුගේ  ක්‍රියාශීලි බව මිනිය හැකි වේ. රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රණය දහඩිය වල ග්ලුකෝස් මට්ටමට බලපාන බැවින් දියවැඩියා රෝගින්ගේ  සිනි මට්ටම හිදිකටු හෝ ලේ සාම්පල නොමැතිව ජෛවඉන්ධන කෝෂ භාවිතයෙන් දැනගත හැකි වේ.

විකල්ප ක්‍රියා සම්බන්ධව මෙය හොද නිදසුනක් බවත් ජෛවඉන්ධන කෝෂ යෙදු උපකරණ නුදුරු අනාගතයේදී වෙළදපොලට පැමිණෙන බවත් එක්සත් ජනපදයේ Bath විශ්වවිද්‍යාලයේ Mirella De Lorenzo පවසයි.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර  

0 comments:

Post a Comment