June 7, 2017

රටා මවන ගිණිකෙළිවල රසායනික අපූර්වත්වය

නැරබීම ඉතාම විනෝදජනක වුවද , විශාල වශයෙන් අනතුරු ගෙන දෙනු ලබන ගිණිකෙළි භාවිතයේදී ඉතාම ආරක්ෂාකාරී විය යුතුය.
සියලුම පුපුරන ද්‍රව්‍ය සතුව පොදු ලක්ෂණ කිහිපයක් ඇත. සියලුම පුපුරන ද්‍රව්‍ය ඇති කරන පිපිරුම් ප්‍රතික්‍රියාව අධික තාප ප්‍රමාණයක් පිට කරන ස්වයංසිද්ධ ක්‍රියාවලියකි. තවද පිපිරුම් ප්‍රතික්‍රියාවට අවශ්‍ය සියලුම සාධක පුපුරන ද්‍රව්‍ය සතු ව ඇති නිසා , පිපිරුම් ප්‍රතික්‍රියාව ආරම්භ වු පසු පුපුරන ද්‍රව්‍ය දැවී අවසාන වන තෙක් ප්‍රතික්‍රියාව ස්වයංව තිරසාර ලෙස පවත්වා ගැනීමේ හැකියාව ඇත .
මෙවැනි වූ ප්‍රධාන රසායනික ප්‍රතිදාන කිහිපයක් සහිත පුපුරන ද්‍රව්‍යන්ගෙන් සමන්විත ගිණිකෙළිවල සංයුතිය පහත පරිදි දැක්විය හැක.
                  v  ඔක්සිකාරකය
v  ඉන්ධන
v  වර්ණය ලබාදෙන සංයෝග
v  වර්ණය හා නිපදවන ආලෝකය වර්ධනය කරන සංයෝග
v  දුම් නිපදවන සංයෝග
v  බැදුම්කාරක
v  ගිණිකෙළි මිශ්‍රණයේ සංවේදී බව අඩුකරන සංයෝග

ඔක්සිකාරක

ගිණිකෙළි වල පිපිරුම් ප්‍රතික්‍රියාවට අවශ්‍ය ඔක්සිජන්  ලබා දෙන සංයෝග වේ. මෙහිදී පුපුරන ද්‍රව්‍ය මිශ්‍රණය තුල ඔක්සිකාරක අඩංගු වනු ඇත. වෙනත් සංයෝගයකින් ඉලෙක්ට්‍රෝන ලබා ගත හැකි සංයෝගයක් ඔක්සිකාරකයක් වනු ඇත. පුපුරන ද්‍රව්‍යයක් වේගයෙන් දහනය වීම සඳහා විශාල ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දීම සිදුකල යුතුය. එහෙත් වායුගොලයේ ඇති ඔක්සිජන් වායුව මගින්  පිපිරුමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය එකවර ලබා දීමට නොහැකි බැවින් පුපුරන ද්‍රව්‍යයට අවශ්‍ය වන ඔක්සිජන් වායුව එම ද්‍රව්‍ය මිශ්‍රණයේ ඇති සංඝටකයන් මඟින් උත්පාදනය කර ගැනීම මෙහිදී සිදුකරනු ලබයි. ඒ සඳහා නයිට්‍රේට, ක්ලෝරේට හා පර්ක්ලෝරේට ප්‍රධානව යොදා ගනී. රත්කල විට ඔක්සිජන් වායුව නිකුත් කළ හැකි වීම මෙම සියලු සංයෝග සතු එක් විශේෂ රසායනික ලක්ෂණයකි. යොදාගනු ලබන ඔක්සිකාරකයේ ඔක්සිජන් ලබා දීමේ ප්‍රතික්‍රියාවේ වේගය මත පිපිරුම් ප්‍රතික්‍රියාවේ වේගය රදා පවතිනු ඇත.

පොටෑසියම් නයිට්රේට මෙන්ම පොටෑසියම් ක්ලෝරේට ඔක්සිකාරක ලෙස යොදා ගනු ලැබුවද පොටෑසියම් නයිට්රේට වලට වඩා පොටෑසියම් ක්ලෝරේට් හි වැඩි පිපුරුම් බලයක් මෙන්ම වැඩි වේගයෙන් ප්‍රතික්‍රියා කල හැකි හා ඉහල උෂ්නත්වයක  පවතිනු ඇත. මේ හේතුව නිසා පොටෑසියම් ක්ලෝරේට් ඔක්සිකාරක ලෙස ඇති විට පොටෑසියම් ක්ලෝරේට් වලට වඩා වෙනස් හා චමත්කාර ජනක වර්ණ වර්ග ඇති කරන ප්‍රතික්‍රියා සිදුකල හැකි උෂ්ණත්වයක් ගිණිකෙළිවලට ලබා ගැනීමේ හැකියාව ඇති කරයි. මීට අමතරව පොටෑසියම් පර්ක්ලෝරේට් ඔක්සිකාරකයක් ලෙස යොදා ගනිී.

ගිණිකෙළි වල ඉන්ධන ලෙස අගුරු කුඩු හෝ ලෝහ කුඩු යොදා ගනී. මෙහිදී ඉන්ධනය ඔක්සිකාරකය ලෙස ක්‍රියා කරයි. පිපිරුම් මිශ්‍රණය දැවී යාමේදී පිපිරුම් ප්‍රතික්‍රියාවට ඔක්සිජන් ලබා දෙන සංයෝගයෙන් ලබා දෙන ඔක්සිජන් සමඟ ඉන්ධනය වේගයෙන් දහනය වීම සිදු වේ. සල්පර් ඉන්ධනයක් ලෙස ප්‍රතික්‍රියාවට සහභාගී වුවත් , දහනය පහසු කරවන ඇරඔුම් ද්‍රව්‍යයක්ද ලෙස ක්‍රියා කරයි.


එසේම ඉන්ධනය මගින් වර්ණවත් ආලෝකය ඇතිකරලීම සිදු කරනු ඇත. අහස්කුරු , බඹර චක්‍ර හා අහස් වෙඩි සඳහා මෙම බලය අවශ්‍ය වනු ඇත. අධික උෂ්ණත්වයක් ඇතිකරවීම හා අනුක ස්කන්ධයෙන් අඩු  අණූ  නිපදවීමේ හැකියාව ඉන්ධනය සතු වන අතර , ඉහල උෂ්ණත්වයයේදී මෙම අණු වායුන් ලෙස අධික පීඩනයකින් විදීම නිසා ඉදිරියට බලයක් නිපදවීම සිදු වේ.
ශබ්දය ඇති කිරීම සඳහාද ඉන්ධන මිශ්‍රණය යොදා ගනී. මෙහිදී ඉන්ධන මිශ්‍රණයට විවිධ සංයෝග එකතු කිරීම හා ඇසිරීමේ ක්‍රමය මගින් විශේෂිත ආවේනික හඩක් ඇති වේ.
ගිණිකෙළිවල වර්ණය ලබා දීම ක්‍රම දෙකකට සිදු වනු ඇත .
 1. ගිණිකෙළි සඳහා යොදා ගන්නා මිශ්‍රණයේ ඇති අගුරු අංශු විවිධ ලෝහ කුඩු මිශ්‍රණය මගින් නිපදවනු ලබන තාපය උරාගෙන ඉහළ උෂ්ණත්වයකට පත් වීමේදී ආලෝකය පිටකරනු ඇත. මෙම ආලෝකයට වර්ණයක් ඇත .
2. මීට අමතරව ගිණිකෙළි වලට වර්ණයක් ලබා දිමට බොහෝවිට ලෝහයක් හෝ ලෝහ අයනයක් සහිත ලවණයක් එකතු කරයි. මෙහිදී ලවණය ඉහල උෂ්ණත්වයකට පත් වීම නිසා ඇතිවන වාෂ්ප ලෝහ පරමාණු බවට වෙන් වී යාමෙන් ආලෝකයට අදාල වර්ණය ලබා දෙනු ඇත .
ගිණිකෙළිවල සංයුතිය ගත් විට ඊලඟ වැදගත් සාධකය වනුයේ බැදුම්කාරක වේ.
ගිණිකෙළි සඳහා භාවිතා කරන සංයෝග මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයක කාබනික බහු අවයවිකයක් මගින් මිශ්‍රණය එකට අලවා තබාගැනීම හා මිශ්‍රණය යම් ප්‍රමාණයක හැසිරවීමේ හැකියාව ලබා දේ. මීට අමතරව දහනය වෙමින් තාපය ලබාදීමද සිදු කරයි. පී .වී.සී. හා පැරපින් මෙසේ යොදාගනු ලබන බැදුම්කාරක වේ.
මීට අමතරව ගිණිකෙලිවල පිපිරුම් ප්‍රතික්‍රියාව මන්දනය හෝ වේගවත් කරන සංයෝග මිශ්‍ර කිරීම සිදු කල යුතුව ඇත .ගිණිකෙලි වලින් ඇති කරන විචිත්‍රවත් බව වැඩි කර ගැනීමට සමහර අවස්ථාවලදී පිිපිරුම් ප්‍රතික්‍රියාව අඩුකර ගැනීම සිදු කල යුතුය .මේ සඳහා පිපිරුම් මිශ්‍රණය සමග නිෂ්ක්‍රීය සංයෝග මිශ්‍ර කිරීම සිදු කරන අතර ඒ සඳහා බහුලව මැටි හා Diatomaceous  earth යොදා ගනී. එසේම පිපිරුම් ප්‍රතික්‍රියාව මගින් පිටකරන  තාපය උරාගන්නා සංයෝග පිපිරුම් ප්‍රතික්‍රියාවේ වේගය මන්දනය කරනු ඇත. මේ සඳහා ඉහල තාපයේදී කාඩන්ඩයොක්සයිඩ් නිපදවනු ලබන සංයෝග යොදා ගනී.
පිපිරුම් ප්‍රතික්‍රියාවේ වේගය වැඩිකර ගත යුතු අවස්ථාවලදි මිශ්‍රණයට උත්පේරක එකතු කරයි. මේ සඳහා අයන් ඔක්සයිඩ් යොදා ගනු ඇත. මේ සංයෝග මගින් ඔක්සිකාරකයේ වියෝජනය වේගවත් කරමින් ඔක්සිජන් මුදා හැරෙන වේගය ඉහල දැමීම හේතුවෙන් දහනය සිදුවන වේගය ඉහල යෑම සිදුවේ.
ගිණිකෙළි සදහා වර්ණවත් දුමක් හෝ ශබ්දයක් ඇති අවස්ථා දක්නට ඇත. මෙසේ විශාල ප්‍රමාණයක් වර්ණවත් දුමක් ඇතිකල හැකි අවස්ථා 2 කි. එහි පලමු ක්‍රමය වනුයේ පුපුරන දුව්‍ය දහනයේදී නිපදවන වායුත් වායුගෝලයට නිකුත් වීමෙන් අනතුරුව ඝනීභවනය වීමෙනි. දෙවැනි ක්‍රමය නම් දුමක් ඇති කළ හැකි සංයෝගයක් පුපුරන ද්‍රව්‍ය සමඟ එකතු කිරීමයි.
වර්ණවත් ධූමයක් ඇතිකිරීම සඳහා විවිධ වර්ණවත් සායම් වර්ග යොදා ගනි.මෙහිදී යොදා ගන්නා සායම් වර්ගය පිපිරුම් ප්‍රතික්‍රියාවෙන් නිපදවන තාපයෙන් වාෂ්පීකරණය කල හැකි විය යුතු අතර නිපදවන උෂ්ණත්වය සායම් සංයෝග අනු වියෝජනය කළ හැකි තරම් ඉතා ඉහල අගයක් නොවිය යුතුය .මෙම වර්ණවත් ධුමයක් ඇති කල හැකි පිපිරුම් මිශ්‍රණ සඳහා කාබන්ඩයොක්සයිඩ් නිපදවිය හැකි මැග්නීසියම් කාබනේට් වැනි සංයෝග එකතු කරයි.
මීට අමතරව එකවර ඉතා විශාල ශබ්දයක් පිට කිරිම හෝ විසිල් කිරිමකි වැනි ශබ්දයක් දිර්ඝ කාලයක් තුළ ඇති කරනු ලබන ගිණිකෙළි අපට දැක ගත හැකිය.මෙසේ විශාල ශබ්දයක් එකවර ඇතිකිරිම සදහා හොදින් ආවරණය  කරන ලද කඩදාසි ආවරණයක් තුළ පුපුරන ද්‍රව්‍ය අඩංගු කරනු ලබයි.මෙහිදි ගිගුම් දෙන හඩක් හෝ තියුණු හඩක් ඇති කිරීම සදහා මැග්නිසියම් ,ඇලුමිනියම් වැනි ලෝහ කුඩු භාවිතා කරයි.
විසිල් කිරිමක් වැනි ශබ්දයන් ඇති කිරිම සදහා පුපුරන ද්‍රව්‍ය මිශ්‍රණයක් කඩදාසි බටයක් තුළ තදින් ඇසිරීම සිදු කරයි. මෙවැනි මිශ්‍රණයක් තුළ බෙන්සොයික්  අම්ලය හෝ එහි ලවණයක්  අඩංගු කිරිමෙන් ශබ්දය ලබා ගනී.  
ගිනිකෙලි නිපදවීම හා ක්‍රියාකිරිත්වය සැලකු විට නිලාකුරු නිපදවීමෙදී ලෝහ කූරක් මත වෙඩි බෙහෙත් හා ලෝහ කුඩු මිශ්‍රණයක් ආලේප කරනු ලබයි. මෙම ආලේපය කූර මත රදවා තබාගැනීමට පිෂ්ඨය හෝ Dextrin වැනි බැදුම්කාරකයක් භාවිතා කරයි. නිලාකූරු දැමීමේදී වෙඩිබෙහෙත් මගින් අධික උෂ්ණත්වයක් නිපදවනු අතර එම උෂ්ණත්වය නිසා  දහනය වන ලෝහකුඩු මගින් ගිනි පුළිගු ඇති කරයි.යොදා ගන්නා ලෝහ වර්ණය අනුව ගිණි පුලිගු වල වර්ණය වෙනස් කර ගනු ඇත.
අහස කූරක් ගත්විට එහි පුපුරන ද්‍රව්‍ය කොටස් දෙකක් ඇත .එක් කොටසක් අතරතුර ඉහල අහසට ගෙන යාමට අවශ්‍ය තෙරපුම් බලය ලබා දීම සිදු කරයි. දෙවැනි කොටස ඉහල අහසේදී පුපුරා යමින් ශබ්දය හා වර්ණවත් ගිණිපුළිඟු ඇති කරලීමට යොදා ගනී. ඉහලට ගෙන යාමට අවශ්‍ය බලය ලබාදෙන කොටස මුලින්ම දැවී යාමටත් විචිත්‍රවත් ලෙසින් පුපුරා යන කොටස් මදක් ප්‍රමාද වී පුපුරා යන අයුරෙනුත් සකස් කොට ඇත. සංදර්ශන වැලදී යොදාගන්නා අහස් වෙඩිවල ඉහල අහසේ දී පුපුරා යන කොටසක් පියවර කිහිපයකින් පුපුරා යන සේ සකස් කොට ඇත. එම නිසා එවැනි අහස් වෙඩි විවිධ රටා මවමින් ඉහල අහසේදී පුපුරා යයි.
සකස්කළේ ;
විද්‍යා තාක්ෂණ නිලධාරි ,ඕකෙවෙල

0 comments:

Post a Comment