August 16, 2016

ආලෝකය සමග දත්ත (ඩේටා ) ලබාදෙන විදුලි බුබුළු

නොබෝදිනකින් විදුලි බුබුළු අඳුර දුරු කිරීමට ආලෝකය පමණක්  නොව තොරතුරු දැනගැනීමට සුපිරි වේගයකින් ඩේටා ( යුග්ම කේත දත්ත ) ලබාදෙන භාණ්ඩයක් වනු ඇත.

Wi-Fi සම්බන්ධතාවයකින් දත්ත ලබාදෙන සාමාන්‍ය වේගයට වඩා සිය ගුණයක වේගයකින් දත්ත නිකුත් කළ හැකි සුදු ආලෝක ලේසර් කිරණ විශේෂයක් නිර්මාණය කිරීමට සෞදි අරාබියේ පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ.තත්පරයට ගෙගා බයිට් 2 (GB) ක වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමට මෙම කිරණ වලට හැකි බව ඔව්හු ප්‍රකාශ කරති.එනම් වාක්‍යයක් කියවීමට ගතවන සුළු කාලය තුලදි වෘතාන්ත චිත්‍රපටියක් වුව බාගත කර ගැනීමට හැකි වේ.

පසුගිය වසරේ එස්තෝනියානු තාක්ෂණ සමාගමක් විසින් සංවර්ධනය කරන ලද තාක්ෂණ ශිල්පයක් මගින් තත්පරයට ගෙගා බයිට් 1 (GB) ක වේගයකින් එනම් Wi-Fi සම්බන්ධතාවයට වඩා සියක් ගුණයක වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ඇතිවිය. එහෙත් මෙම නව කිරණ තාක්ෂණය එම තාක්ෂණයද ඉක්මවා ඊට වඩා 40 ගුණයක වේගයක් ළගා කරගෙන ඇති බව ACS photonics හි ප්‍රකාශයට පත්වී ඇත.

දෘශ්‍ය ආලෝක සන්නිවේදන තාක්ෂණය (Visible Light Communication) මත පදනම් වී Li-Fi ක්‍රියාත්මක වේ.Li-Fi මගින් සීමාන්තික චන්චලන සහිත LED විදුලි බුබුළු ඉතා වේගවත් අදෘශ්‍යමාන වේගයකින් අනෙක් උපකරණ හා ද්විමාන සන්නිවේදනයේ යෙදේ.නිනිති ස්පටික ද්‍රව්‍ය වලින් නිෂ්පාදිත මෙම LED බල්බ සමග සම්බන්ධවී මෙම තාක්ෂණය කාමරයට ආලෝකය සපයන අතරම කාමරයේ ඇති ස්මාර්ට් රූපවාහිනි යන්ත්‍රයට වෘතාන්ත චිත්‍රපටියක් උමතු වේගයකින් බාගත කිරීමේ හැකියාව ලබා දේ.නව තාක්ෂණික විදුලි බුබුළු එදිනෙදා පරිහරණයේ යථාර්තයක් වූ විටබොහෝ විපර්යාස අපේක්ෂා කළ හැකිය.


අන්තර්ජාලය ඇසුරෙණි
https://www.youtube.com/watch?v=UYDJWpvPDAw

0 comments:

Post a Comment