August 24, 2016

CRISPR ජාන ප්‍රතිසංවිධානය මගින් ලොව වෙනස් වේද?

ජීව වෛද්‍ය ක්ෂේත්‍රය,“CRISPR” නම් කුඩා ඒකකයක් නිසා විප්ලවීය වෙනසක ආසන්නයට පැමිණ තිබේ.එහි සුවිශේෂි තත්වය කුමක්ද?එය කෙසේ ක්‍රියාත්මක වේද? යනාදිය පැහැදිලි කර ගැනීම සදහා Kurzgesagt ගේ සජිවිකරණය කළ වීඩියෝව උපකාර වේ.

ජානවල ඉතිහාසය මෙහි Nutshell (කටුව) මගින් ඉදිරිපත්කර ඇති අතර මනුෂ්‍යත්වයේ අනාගතය, ජාන ඉංජිනේරු විද්‍යාවේ සහ CRISPR පිළිබද අපගේ දැනුම මත රදා පවතින්නේ කෙසේදැයි සරලව පැහැදිලි කරයි.

CRISPR හෙවත් “Clustered Regularly Interspaced short palindromic repeats (පොකුරුගත, ක්‍රමිකව අන්තරාවකාශය කළ කෙටි මුල සිට අගට සහ අග සිට මුලට එක සමානව කියවෙන ප්‍රතිරාව ) අනුව ඔබට මුලා වීමට අවශ්‍යනම් එය හුදෙක් වෛරස් වැනි බාහිර DNA වලින් ආරක්ෂාවීමට බැක්ටීරියා ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාවලියක් ලෙස සිදු කළ හැකිය.එනම් සෛද්ධාන්තිකව අපට ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය හදුනාගත හැකිනම් HIV,පිළිකා වැනි රෝග හා සටනට එය ආදේශ කිරීමෙන් එම රෝග මුලිනුපුටා දැමිය හැකිය. එවැනි  හැකියාවක් පිලිබදව පසුගිය සතියේ වාර්තා විය.එහිදී බීටා තැලිසීමියා (Beta –Thalissemia) සහ ව්‍යාධිත සෛල රෝගය (sickle cell disease) ඇතුළු රුධිර සංකුලතා සම්පුර්ණ පරාසය හසුකර ගැනීමට CRISPR සමත් වී තිබේ.

මෙමගින් ජාන විශාල ප්‍රමාණයක් යථාතත්වයට පත් කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබේ.එපමණක් නොව ප්‍රතිකාර සදහා වන වියදම් 99% කින් අඩුකර ගැනීමට සහ අධ්‍යනයන්,පරික්ෂණයන් සදහා ගතවන කාලය අඩුකර ගැනීමට හැකි වේ.

මෙය ජාන ඉංජිනේරු විද්‍යාවේ ප්‍රබෝධයක් වන අතර විද්‍යා ප්‍රබන්ධ යථාර්තයන් වීම කඩිනම් කරයි. එහෙත් ඕනෑම බලගතු අදහසක් අනතුරදායක වීම වළක්වාගැනීමද අවශ්‍යය.

අන්තර්ජාලය ඇසුරෙණි

https://www.youtube.com/watch?v=jAhjPd4uNFY

0 comments:

Post a Comment