June 22, 2015

බැක්ටීරියා බලයෙන් වාෂ්පීකරණ එන්ජිමක්

වාෂ්පීකරණය, මරණය මෙන් මිහිතලයට සදා උරුම ක්‍රියාවකි. ඕනෑම මොහොතක පොළවෙන් හෝ සාගරයෙන්  ජලය වාෂ්ප වී ඉතා විශාල ප්‍රමාණයෙන් ගුවනට එක්වේ. මෙම ක්‍රියාවලිය භාවිතා කර සීමාරහිත පුනර්ජනන බල ශක්තියන් නිර්මාණය කිරීමට හැකිවෙතැයි සමහර පර්යේෂකයෝ බලාපොරොත්තු පල කරති. මෙවැනි ඵලයන් ලබා ගැනීම සඳහා ඔවුහූ දැඩි උත්සාහයක යෙදෙති. පසුගිය දිනක Nature Communication සඟරාවේ පළ කරමින් කොලොම්බියාවේ විද්‍යාඥයින් ප්‍රකාශ කළේ ඔවුන් බලශක්තිය නිපදවිය හැකි වාෂ්පීකරණ එන්ජින් නිපදවීමට සමත් වූ බවයි.

ස්වභාවධර්මයේ ක්‍රියාකාරීත්වය අනුව බැක්ටීරියා බීජ අණු ජලයට විවෘත වූ විට විශාලනය වීමටත් වියළී ගියවිට හැකිලීමටත් භාජනය වේ. මෙම සරල චලනමය ක්‍රියාවලිය එන්ජිමක් නිපදවීම සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.

නම්‍යශීලී ටේප් පටියක් සඳහා බැක්ටීරියා බීජ අණු සම්බන්ධ කර hygroscopy ලෙස ඔවුන් නම් කළ කෘතීම ලෙස පේශීන් ක්‍රියාත්මක කිරීමක් විද්‍යාඥයන් විසින් සිදු කරන ලදී. (HYDRAS) ජලය හෝ තෙතමනය සහිත වාතයට නිරාවරණය වූ විට බීජ අණු විශාලනය වීම නිසා නම්‍යශීලී රබර් ටේප් පටිය දික් වීමටත් වියළි වාතයට නිරාවරණය වූ විට බීජ අණු හැකිලීම නිසා නම්‍යශීලී රබර් පටිය හැකිලීමටත් භාජනය විය.

මේ අනුව HYDRAS ට යමක් එසවීමට හැකිවේ. ඔව් දැනට ඔවුන් මෙම ශක්තිය උපයෝගී කර නිපදවා ඇත්තේ සෙල්ලම් කාරයක් පමණක් විය හැකිය. පුදුමය නම් මෙම තාක්ෂණය උපයෝගී කර වඩා විශාල එන්ජින් සෑදිය හැකි බව පර්යේෂකයන් ප්‍රකාශ කිරීමයි. එමගින් ජලය පමණක් භාවිතා වන තාක්ෂණයන් අනාගතයේදී නිර්මාණය වනු ඇතැයි පවසමින් පර්යේෂකයන් මෙම වීඩියෝව මගින් එම තාක්ෂණය විග්‍රහ කරයි.

උපුටා ගැනීම -

Watch an engine powered by Evaporation drive a car using Backeria to creat power by Mary Beth Grigg.
https://www.youtube.com/watch?v=x5j9VEye1OY

0 comments:

Post a Comment