June 29, 2015

දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාශීලී වීමට නෙදර්ලන්ත රජයට නියෝගය

නෙදර්ලන්තයේ ජනතාව එරට රජයට එරෙහි අධිකරණයේ ගොනු කළ නඩුවක් හේතුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාශීලී වීමට පෘතුගාල රජයට අධිකරණය නියෝග කර තිබේ. එලෙස අධිකරණයක් විසින් දේශගුනික විපර්යාස පිළිබඳ කටයුතු කරන ලෙස තම රජයට (විධායකයට) නියෝග කළ ලොව ප්‍රථම අවස්ථාව මෙය වේ. සෑම දෙයක් සඳහා ම ප්‍රථම වරට සිදුවීමේ අවස්ථාවක් උදාවේ. 

නෙදර්ලන්තයේ හේග් අගනුවර දිස්ත්‍රික් අධිකරණයේදී එරට පුරවැසියන් 886 දෙනෙක් පුද්ගල මට්ටමින් ඔවුන්ගේ රජයට එරෙහිව ගොනු කළ මෙම නඩුවෙන් රජයේ නිලධාරීන් මීට වඩා අවධාණයකින් දේශගුණික විපර්යාස විපත් වැළැක්වීමට කටයුතු කළ යුතු බව ඉල්ලා සිටියෝය.
අධිකරණ නියෝගයේ ‘1990 වර්ෂයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රමාණයෙන් 25% ක්‌  2020 වර්ෂයේදී අඩු කිරීමට නෙදර්ලන්ත රජය කටයුතු කළ යුතු බව සඳහන් විය. දැනටමත් නෙදර්ලන්තයේ හරිතාගාර වායු නිෂ්පාදනය 1990 ට වඩා 17% කින් අඩු කිරීමට රජය කටයුතු කර තිබේ. එහෙත් පුරවැසියන් වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කල Urgenda පදනම පැවසුවේ එය ප්‍රමාණවත් නොවන බවයි’.

 “රජයක යුතුකම එහි පුරවැසියන් ආරක්ෂා කිරීමයි. Urgenda පදනමේ අධ්‍යක්ෂ Marjan Minnesma, නේචර් සඟරාවට පැවසුවේය. දේශපාලකයින් තම සම්මුතීන් ආරක්ෂා නොකරන්නේ නම් ඒ සඳහා අධිකරණය ඔවුන්ට උපකාර කළ යුතුය.

රජයෙන් හෝ  බහුජාතික සමාගම් හෝ වෙනත් ආකාර වලින් සිදුවෙන පරිසර අපයෝජනය සඳහා වන්දි ලබා ගැනීමට මින් පෙර කටයුතු කර තිබුණ ද එය සාර්ථක වී නැත. හරිතාගාර වායු පිට කිරීම අඩු කර ගැනීමට අවශ්‍ය උපයෝගිතා ක්‍රියා කරවීමට ඇමෙරිකා එක්සත් ජනපදයේදී කළ උත්සහය අසාර්ථක විය.
 
නෙදර්ලන්තයේ මෙම අධිකරණ නියෝගය එවැනි නියෝග සඳහා අනෙක් රටවල් ද කටයුතු සිදුවීමට මාර්ගෝපදේශයක් වනු ඇතැයි පරිසරවේදීන් බලාපොරොත්තු වේ. අධිකරණය එසේ තීන්දු කළ ද එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව රජයට උපදෙස් ලබා දීමට සමත් වී නැත. ඒනිසා මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ලෝකය විමසිල්ලෙන් පසුවේ.

උපුටා ගැනීම -
 Dutch citizens sued their government to act on climate change and won
 There’s first time for everything by Mary Beth Griggs.

https://www.youtube.com/watch?v=s4K58DLoGsw

0 comments:

Post a Comment