June 9, 2015

මළ හදවතට පණදිය හැකිද?

පළමු වරට මළ හදවතක් බද්ධ කර රෝගියකු සුවපත් කළ බව ශල්‍ය වෛද්‍යවරු ප්‍රකාශ කරති. මෙමඟින් බද්ධ කිරීමට අවශ්‍ය හදවත් වල හිඟතාවය පහව යනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවද වාර්තා වේ.

හදවත ස්පන්දය නැවතී මළ පසු එම හදවත නැවත ප්‍රකෘතිමත් කර රෝගියකුට බද්ධ කළ බව සදහන්  සිරස්තල යටතේ බොහෝ  පුවත්පත් මේ පුවත 2014 ඔක්තෝම්බර් මස වාර්තා කරන ලදී. ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් මෙලෙස මළ හදවතක් බද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ කථාව පැවසීය. මෙය දැනට පවතින දායක හදවත හිඟතාවයට විසඳුමක් වේද? එහෙත් ටෙක්සාස් හදවත් ආයතනයේ ඔස්කාර් හවාර්ඩ් ෆෙරේසර් සහ ඔහුගේ මිතුරු ආචාර්ය විලයම් කෝහන් එසේ නොසිතති.

හදවත ස්පන්දනය නැවතුණු පසු ඇති සුළු කාලයෙන් එය ශරීරයෙන් ඉවත් කර නැවත පණ ගන්වා අදාල ස්ථානයට ප්‍රවාහනය කර රෝගියාට බද්ධ කිරීම යන ක්‍රියාවලිය සිදු කිරීම අපහසු බව  බව කෝහන් පවසයි. මක්නිසාදයත් ඒ සඳහා ගතවන කාලය තුල හදවත වේගයෙන් නරක් වීම නිසා එය බද්ධ කිරීමට නුසුදුසු තත්වයකට පත්වන නිසාය. ඒ නිසා පෙර සදහන් කළ ක්‍රියාවලිය සඳහා හැකියාව ඇති එකම ස්ථානය රෝහල් ශල්‍යාගාරයේ සියලු දේ ක්ෂණිකව සිදු වීම පමණි. ඒ නිසා වෙනත් ස්ථානයක මියගිය පුද්ගලයකුගේ හදවතක් ඉහත ක්‍රියාවලියෙන් පසු භාවිතා කිරීම පහසු නොවේ. එමගින් දායක හදවත් හිඟතාවය පහව නොයනු ඇතැයි තවදුරටත් ඔහු ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් මෙම ශල්‍යකර්මය සිදු කරන අවස්ථාවේ මිය ගිය රෝගියාගේ මළ හදවත විනාඩි 03 කදී ඉවතට ගෙන එම ශල්‍යාගාරයේම සිටි වෙනත් රෝගියකුට බද්ධ කර තිබේ.

මොලය මිය ගිය පුද්ගලයින්ගේ හදවත් ඉවත් කර ශීතකරණයේ පැය කිහිපයක් තැබීමෙන් පසුව අදාල රෝගීන්ට බද්ධ කිරීම සාමාන්‍ය ක්‍රියාපිළිවෙතයි. ඒවා අයිස් තුළ තැන්පත් කරනුයේ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නම් පමණි. වඩා හොඳ ප්‍රතිඵල සඳහා හැකි තරම් ඉක්මනින් හදවත් බද්ධය සිදු කළ යුතුය. එහෙත් මොලය මිය ගිය විට මිනිසා මැරුණු බව පිළිගැනීම ආරම්භ වූයේ 1981 තරම් මෑතකදීය. එක්සත් ජනපදයේ මරණය සිදු වූ බව තීරණය කිරීමේ පණතට අනුව මොලය නැවත ප්‍රකෘතිමත් කළ නොහැකි මට්ටමට හානි වූ පසු රෝගියා බාහිර ජීවිත ආධාරක මත පමණක් ජීවත් වීම හෝ රෝගියාගේ හදවත් ස්පන්ධනය හා හුස්ම ගැනීම පමණක් තිබෙන  නමුත් මහ මොලය (මස්තිෂ්කය) විනාශවීම සිදුවී  ඇත්නම් එම පුද්ගලයා මිය ගියේ යැයි සලකනු ලැබේ. එක්සත් රාජධානියේ 1995දී  සිට මොලයේ කිසිදු ක්‍රියාකාරීත්වයක් නොමැති පුද්ගලයා මිය ගොස් ඇතැයි සලකනු ලැබීම ආරම්භ කර තිබේ. එහෙත් මරණය පිළිබඳ ආර්ථ දැක්වීම පකිස්ථානය, රුමේනියාව වැනි රටවල වෙනස්වන අතර මොලය සම්පූර්ණයෙන් මිය ගිය ද හදවත් ස්පන්ධනය ඇත්නම් ඔහු /ඇය මිය නොගිය පුද්ගලයකු ලෙස සලකති. එවැනි රටවල හදවත් බද්ධය සිදු කළ නොහැකි හෙයින්  සිදු නොවේ. මේ නිසා විදයාඥයින්ගේ යාන්ත්‍රික හදවත් නිර්මාණ කෙරෙහි ඇති උනන්දුව තවදුරටත් ව අඩු නොවනු ඇත.

උපුටාගැනීම:
Could a Dead Heart Save Your Life?

http://omnifeed.com/article/gizmo.do/1WxdR1E
https://www.youtube.com/watch?v=MMVEbuN9kkg

0 comments:

Post a Comment