මේ ලෝකයේ ඇදහිය
නොහැකි විශාල දේවල් බොහෝ තිබේ.විශාල සාගර,ආගාධ පමණක් නොව
ඩයිනෝසරයන්ගේ ශේෂ වූ විශාල පොසිල ඒ අතර වේ.එහෙත් අප ලොව සමන්විත වූ බොහෝ දේවල් නිර්මාණයට
දායක වී ඇත්තේ ක්ෂුද්‍ර වස්තුන්ය.මෙම ක්ෂුද්‍ර ලෝකය බොහෝ විට අපෙන් වසන් වී මඟ හැරී යාමට ප්‍රධාන හේතුව ලෙස එය අපේ සාමාන්‍ය
දෑසට නොපෙනීම යැයි සැලකිය හැක.ඒ නිසා ‘ක්ෂුද්‍ර ලෝකය’ තරඟාවලිය මෙම මඟ හැරුණු ලෝකය අපට විවෘත කිරීමට උත්සහ දරා
තිබේ.සෑම වසරකම විනිසුරු මඩුල්ලක් විසින් වඩාත් ආකර්ශණීය ක්ෂුද්‍ර ලෝක දසුන් තෝරනු
ලැබේ.විද්‍යාඥයින් බොහෝ විට මෙවැනි ක්ෂුද්‍ර දසුන් ලබා ගැනීමේ ප්‍රමුඛතාවයක්
ගනී.ඊට හේතුව ඔවුන්ගේ දෛනික කටයුතුද බොහෝ විට ක්ෂුද්‍ර ලෝකය සමඟ වීමයි.මෙවර
නිකෝ තරඟාවලියට ක්ෂුද්‍ර
ලෝකයේ ඡායාරූප 2000 ක් පමණ රටවල් 83 කින් ඉදිරිපත් කර තිබේ.එහිදී ජයග්‍රහණය කරන ලද
මුල් ඡායාරූප ක්ෂුද්‍ර ලෝකය කොතරම් කුඩාද
සියුම්ද යන්න වටහා ගැනීමට දායක වේ.
පලමු ස්ථානය
- මී මැසි අක්ෂිය
මෙම
ඡායාරූපය ඉදිරිපත් කල ජයග්‍රාහකයා රැල්ප් ක්ලෝස් ග්‍රිම් ඕස්ට්‍රේලියා උසස් පාසල්
විද්‍යා ගුරුවරයෙක් සහ මී මැසි පාලනයේ යෙදෙන්නෙක් වේ.විසිරුණු පරාග සමඟ වූ මී
මැස්සෙකුගේ ඇසක දසුන ඔහුගේ ඡායාරූපයෙන් නිරුපණය වේ.ලොව පුරා අර්බුදයකට ලක්ව ඇති මී
මැස්සන් බේරා ගැනීම සම්බන්ධව සැලකීමේදීද මෙය නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක් ලෙස
පිළිගැනේ.
දෙවන ස්ථානය
- මීයාගේ මහාන්ත්‍රකය
කර්ස්ටන්
අර්ල්,ගේබ්‍රියල් බිලින්ග්ස්,කේ.සී.යුවාන් සහ
ජේ.සොහන්බර්ග් විසින් ඉදිරිපත් කල මෙම ඡායාරූපය මඟින් මානව දියර
ක්ෂුද්‍ර ජීවීන් හා ජනාවාස වූ මීයාගේ මහාන්ත්‍රකය දැක්වේ.අප ශරීරය තුල ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් අපේ ශරීර
සෞඛ්‍ය ආරක්ෂාව සඳහා විශාල මෙහෙවරක් කරන බව විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත.ඒ
නිසා ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව විද්‍යාඥයින් තුල ඇති උනන්දුව හා අවධානය මෙමගින්
විදහා දැක්වේ.
ජයග්‍රාහි ඡායාරූප අතර පරීක්ෂණාගාරයෙදී වගා (ජෛයව)
කළ මතක ග්‍රන්තියක ඡායාරූපයක්ද ඇත. එය ආවරණ ඡායාරූපය ලෙස මුලින් ඉදිරීපත් කරන ලදි.
ක්ෂුද්‍ර
ලෝකයේ ජයග්‍රහණ ඡායාරූප පිළිබඳ වැඩි විස්තර
සහ උපුටා ගැනීම සදහා
http://www.popsci.com/see-top-10-incredible-images-in-nikons-small-world-competition








0 comments:
Post a Comment