October 7, 2015

අඩි 800 ක් උස මුහුදු රැළි ඇති කළ සුනාමියක්

වසර 73,000 කට පමණ පෙර අප්‍රිකාවේ බටහිර වෙරළ ඔබ්බෙන් පිහිටි කේප් වර්ඩ් දුපත් වල පිහිටි පුපුරා ගිය ගිනි කන්දකින්  බිදිණු විශාල පර්වත කොටසක් මැතකදී ඒ මතටම කඩා වැටී පසුව මුහුදට ගසා ගෙන ගොස් ඇත.මෙවැනි සුනබුන් සහිත විශාල ගිනි කඳු කැබැල්ලක් නිර්මාණය වූයේ  මහා ගිනිකදු  පිපිරීමක් නිසා ඇති වු අති විශාල සුනාමියෙන්  බව මේ පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.

මෙම මෙගා සුනාමි රළ අඩි 800 කට වඩා උස් වු අතර එමඟින් සැතලුම් 30ක පමණ අවට පිහිටි දුපත් සම්පුර්ණයෙන් ගිල්වා දමා තිබේ.තම දුපත තුල පිහිටි ගිනි කඳු වලින් සිදුවන උපද්‍රව පිළිබඳව අවධානයෙන් පසුවන දුපත් වාසීන්ට මෙගා සුනාමියක් ඇතිකළ හැකි විශාල ගිනි කදු පුපුරායාමක් , ඉතා කලාතුරකින් හෝ සිදු වීම පිළිබඳ තොරතුරු මෙම පරියේෂකයෝ  Science Advances පුවත්පතේ පළකර තිබේ.

සන්තියාගෝ දුපතේ තැනින් තැන විසිර ඇති විශාල පර්වත නිරීක්ෂණ කිරීමෙන් පසු මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතෘ සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පිහිටි ඩොහාර්ටි පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයට අනුබද්ධ විද්‍යාඥ රිකාඩෝ රැමල්හෝ මෙම අධ්‍යයනට යොමු වී තිබේ. මෙම පර්වත විශාල වන අතර ඒවා දුපත් වෙරළ තිරය අවට හෝ පොලව යට ඇති ජලය මඟින් නිර්මාණය වු හුණුගල් හා සබ්මැරීන ගල් තීරු සහිත ලොකු කුට්ටි වේ. සමහර පර්වත ගල්, මුහුදු මට්ටටමෙන් අඩි 650 ක් පමණ ඉහළ ප්‍රදේශ වල තැන්පත් වී ඇති අතර තවත් සමහරක්‌  භූමියේ සිට අඩි 2000 ක් ඇතට ගසාගෙන ගොස් තැන්පත් වී ඇත.

මේ අනුව කල යථාර්තවාදී නිරීක්ෂණ,වෙහෙසකර ක්ෂේත්‍ර කටයුතු සහ ඩොහාර්ටි පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඉතාම නවීන තාක්ෂණික ක්‍රම හා මේවලම් මඟින් ලත් ප්‍රතිපල  අනුව මෙලෙස විසීරි ඇති පර්වත තිබීමට එකම හේතුව අඩි 800 ක් පමණ  උසැති රළ සහිත සුනාමියක් විය යුතු බවත් එවැනි සුනාමියක් නිර්මාණය විමට ගිනි කඳු පිපිරීම හේතු වී ඇති බවත් රැමල්හෝ ඇතුළු පරීක්ෂණ කාණ්ඩායම පවසති.
 


උපුටා ගැනීම : Ancient volcano collapse caused a Tsunami with 800 Foot wave by C.Milliken.     http://www.popsci.com/ancient-volcano-collapse-caused-megatsunami-with-an-800-foot-wave

0 comments:

Post a Comment