July 29, 2016

සුර්ය බලයෙන් පෘථිවිය වටා යෑම

ප්‍රතිජනන හා පිරිසිදු බලශක්තියක් වූ සුර්ය බලය පමණක් උපයෝගී කරගෙන පෘථිවිය වටා ගමන් කළ ඒ භාරදුර ගුවන් ගමන පසුගියදා සම්පුර්ණ කළ බව වාර්තා විය.පියාසර කිරීම සදහා අවශ්‍ය අවරපෙති හතරම ක්‍රියාත්මක කිරීමට සුර්ය බලය පමණක් පාවිච්චි කළ මෙම සුර්ය බල ගුවන් යානය එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටට පෙ.ව. 4.05 ට ගොඩ බෑමෙන් ලොව වටා චාරිකාව සාර්ථකව සම්පුර්ණ කරන ලදී.

මෝටර් රථයක බද තරම් සැහැල්ලුවූ මෙම ගුවන් යානය සුර්ය කෝෂ 17,000 කින් සමන්විත වූ අතර ජම්බෝ ජෙට් යානයක් තරම් පළල විය.සුපතල විද්‍යාඥයකු වූ ටෙස්ලා මෝටර් වාහන (ස්වයං චලන ) කර්මාන්තය විදුලි මෝටර් රථය දක්වා දියුණු කිරීමට මුලික වූ අයුරින් ගුවන්තරණ කර්මාන්තය දියුණු කිරීමට මෙය මුලික නොවන නමුත් එය ගුවන්තරණ කර්මාන්තයට සුවිශේෂී පහන් කණුවක් වනු ඇත.
Bertand Piccard සහ Andre Borschberg යන සුවිස් ජාතික ගුවන් නියමුවන්ගේ නිර්මාණයක් ලෙස එක අසුනක් පමණක් සහිත මෙම ගුවන් යානය අධියර 17 කින් ලොව වටා ගමන් කිරීමට සමත් විය.2015 මාර්තු 09 දින අබුඩාබි ගුවන්තොටුපලින් ආරම්භ කළ මෙම චාරිකාව ආසියාව, පැසිෆික් සාගරය, එක්සත් ජනපදය, අත්ලාන්තික් සාගරය සහ මැද පෙරදිග ඔස්සේ කි.මි.43,401 දුරක් ගමන් කරන ලදී.අවසාන අධියරයේදී කයිරෝ, ඉජිප්තුව සිට අබුඩාබි දක්වා දින 02 ක් ගත කළේය.

1999 දි බැලුනයකින් ලොව වටා ගමන්කර ලත් අත්දැකීම් මත Solar Impulse (සුර්ය ජවය) 1 ව්‍යාපෘතිය  මගින් සුරය බලයෙන් ගිවන් මගින් ලෝකය වටා ගමන් කිරීමට 2009 දි සැලැසුම් කරන ලදී.එහෙත් යොදා ගන්නා බැටරිය (විදුලි කෝෂය ) සම්බන්ධ ගැටළු කිහිපයක් නිසා මාස 09 ක කාලයක් Solar Impulse (සුර්ය ජවය) 1 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි විය 2014 වසරේදී අඩුපාඩු සකස් කළ Solar Impulse (සුර්ය ජවය) 2 ව්‍යාපෘතිය මගින් සුර්ය බලය පමණක් උපයෝගී කරගෙන ගුවනින් ලොව වටා යාමට ඔව්හු සමත් වුහ.

අන්තර්ජාලය ඇසුරිණි

https://www.youtube.com/watch?v=b8DdhEBb3tk

0 comments:

Post a Comment