July 20, 2016

උල්කාපාත

අතීතයේ දේවතා එළි වශයෙන් හදුන්වනු ලැබු වෛර්ණ ආලෝක ධාරාවන් රාශියක් සද නැති අහසෙහි දැකිය හැකිය. සෞරග්‍රහ මණ්ඩලයෙන් ගිලිහි විත් ඉතා අධික වේගයෙන් පොලවට වැටෙන මෙම පදාර්ථ අංශු උල්කා යනුවෙන් හදුන්වයි. උල්කාපාත ලෙස හදුන්වන්නේ උල්කා වැස්සකි . ඈත අවකාශයේ සිට පෘථිවියේ වායුගෝලයට ඇතුළු වී වායුගෝලය මැදින්  පැමිණ පෘථිවිය මත ඝන වස්තුවක් සේ වැටෙන්නට හැකි තරම් විශාල උල්කාවකට උල්කාශ්ම යයි කියන අතර අවකාශයෙන් පෘථිවියේ වායුගෝලයට පැමිණ ඝර්ෂණය වී තාප දීප්ත වී පොළොවට වැටීමට පෙර නොපෙනි යන  ඉතා කුඩා පදාර්ථ කැබැලි උල්කාංශු යනුවෙන් හදුන්වනු ලබයි.ඉතා කුඩා උල්කාංශු දහස් ගණනක් දිනපතාම පාහේ වායුගෝලයට වැටේ. උල්කා අතරින් ඉතා  දීප්තිමත්  ඒවා කොපමණ ආලෝකයක් විමෝචනය කෙරේදැයි කිවහොත් ඒවා අග්නි බෝල වශයෙන් ද දක්නට ලැබේ . ඉතා විශාල අග්නි බෝල පෘථිවි වායුගෝලය තුළින්  පෘථිවිය මතුපිටට ඇදී එන විට ශබ්ද නිකුත් කරන  අවස්ථාද දක්නට ලැබේ.

උල්කාපාත වල වර්ණාවලි පරීක්ෂා  කිරීමෙන් ඒවා  වැඩි වශයෙන්ම වායු හා දූලී වර්ග වලින්  සෑදී ඇති බව  විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.පෘථිවි වායුගෝලයේ  ඉහල කොටස් වලට ඉතා වේගයෙන් ඇතුළුවන විට ඇතිවන ඝර්ෂණ තාපය නිසා බැබෙළෙන්න පටන්  ගනී. අවුරුද්දේ ඕනෑම කාලයක උල්කා දකින්නට  පුළුවන.උල්කා වායුගෝලයේ දැවී යන විට පෙනෙන්නේ තරුවක් ගිනිගෙන කඩා වැටෙන්නාක් මෙනි.

 අදුරු රාත්‍රීයක අහස දෙස පැයක් පමණ වේලාවක් බලා  සිටියහොත් ඒ කාලය තුලදී දක්නට ලැබෙන උල්කාවල සංඛ්‍යාව රාත්‍රියේ වේලාවත්, අවුරුද්දේ කාලයත් අනුව  වෙනස් වේ. මැදියම් රැයට පෙර දැකිය හැකි උල්කා සංඛ්‍යාවකට වැඩි සංඛ්‍යාවක් මැදියම් රැය ට පසුව දැකිය හැකිය. උත්තර අක්ෂාංශව සරත් ඝෘතුවේදී  දැකිය හැකි උල්කා සංඛ්‍යාව සිසිර ඝෘතුවේ දැකිය හැකි සංඛ්‍යාවට වඩා වැඩිය.
ඉතා අධික වේගයෙන් උල්කාවක් වායුගෝලය හරහා  එන විට තාපය , අලෝකය අයනීකරණය වශයෙන්  එහි චාලක ශක්තිය යෙදවේ.පොළොවට උල්කාශ්මයක් ලෙස පතිත වන උල්කාවක වේගය තත්පරයට කිලෝ මීටර 16 සිට කිලෝ මීටර 72 දක්වා වෙනස් වෙයි.වසරක් පාසාම උල්කාපාත මගින් ටොන් විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් පොළොව මතට පතිතවේ. දිනකට උල්කාපාත දහස් ගණනක්  පෘතුවිය මතට ඇදහැලෙන නමුත් වායුගෝලය නිසා  මේවායින් පෘතුවි පෘෂ්ඨය  ආරක්ෂා වී තිබේ.

උල්කාවල වර්ණාවලින් පරීක්ෂා කිරීමෙන් ඒවායේ හයිඩ්‍රජන්, ඔක්සිජන්, සෝඩියම්, මැග්නීසියම්,  ඇලුමිනියම්, සිලිකන්, ක්‍රෝමියම්, මැන්ගනීස්, යකඩ සහ නිකල් යන මූලද්‍රව්‍ය ඇති බව සොයාගත හැකිය.  මේ මූලද්‍රව්‍ය පොළොව මත වැටුණු උල්කාශ්ම වලද තිබේ.
බොහෝ උල්කා පොළොවට වැටෙන්නට දෙයක් ඉතිරි නොවී දැයි යයි. එහෙත්  විශාල උල්කා දැවී අවසන් නොවී බිමට වැටුණු අවස්ථාද තිබේ. දැවී අවසන් නොවී සම්පූර්ණයෙන්ම නොපිළිස්සී වායු ගෝලය මැදින් ගමන් කොට පෘතුවිය මත ඝන වස්තුන් සේ වැටෙන්නට හැකි තරම් වූ උල්කා වලට උල්කාශ්ම යයි කියනු ලැබේ.බොහෝ විට උල්කාශ්ම පෘතුවිය මතට වැටෙන්නේ  විශාල ප්‍රදේශයක විසිරෙන කුඩා කැබලි වැස්සක් ලෙසය. උල්කාශ්ම වැඩි වශයෙන් වැටෙන්නේ දවස් කාලයේ බව සොයාගෙන ඇත.
උල්කාශ්ම වැටීමෙන් පෘතුවියේ වාසය කරන මිනිසුන්ට අනතුරු සිදුවිය හැකිය. තත්පරයට කිලෝ මීටර බොහෝ ගණනක් වේගයෙන් ගමන් කරන ටොන් කීපයක් බර වස්තුවක්  පෘතුවි පෘෂ්ඨය සමග ගැටීමෙන් ඇතිවන ප්‍රථිපලය ඉතා  භායානක විය හැකිය. වාසනාවකට මෙන්  විශාල උල්කාශ්ම වැටෙන්නේ ඉතා කලාතුරකිනි. මෙතෙක් ඒවා වැටී ඇත්තේද මිනිස් වාසයෙන් තොර  ප්‍රදේශවලටය.





සී.එම්.එස්.එම්.චන්ද්‍රසේකර 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි 
ගනේවත්ත

0 comments:

Post a Comment