July 21, 2016

පාසැල් බස් රථයෙන් අගහරු ලෝකයේ චාරිකාවක්

ඊළග ගවේෂක පරම්පරාව STEM හෙවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය සහ ගණිතය යන විෂය ක්ෂේත්‍ර වලට යොමුවීම හෝ එම විෂයන් ලුහුබැදයාම  සදහා අවශ්‍ය පෙළඹීම ලබාදීම ඉලක්කකොට Lockheed Martin ආයතනය මෙම බස් රථය නිර්මාණය කර තිබේ. පාසැල් බස් රථයෙන් අගහරු ලෝකයේ චාරිකාව සාමාන්‍යයෙන් පාසැල් බස් රථයේ ඒකාකාරිත්වය නැති කිරීමේ විජ්ජාවකි. පාසැල් දරුවන්ට අගහරු ග්‍රහයා පිළිබද දැනුමක් සමග විනෝදයක් ලබාදෙන ශ්‍රව්‍ය දෘශ්‍යාගාරයක් බස් රථය තුළ නිර්මාණය කිරීමට Lockheed Martin ආයතනය සමත් වී තිබේ. පාසැල් බස් රථය නගරයේ විදී පුරා ගමන් කරන විට දක්නට ලැබෙන දර්ශන වලට සමාන අයුරින් අගහරුගේ වට පිටාව දිස්වෙන ලෙස මෙය සකස් කිරීමට මෙම ආයතනයේ සේවකයින් දැක්වූ දායකත්වය අගය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ STEM විෂය ධාරාවන් හැදෑරීම ප්‍රමාණත්මකව සුවිශේෂී ලෙස අඩුවී තිබේ.STEM විෂය ධාරාවන් හදාරන උසස්පෙළ සිසුන්ගේ ප්‍රතිශතය 7% - 10% අතරවූ ඉතා පහල මට්ටමක පවතී. වෛද්‍ය විද්‍යාව හා සමහර සුවිශේෂී ඉන්ජිනේරු ශිල්ප හැර STEM විෂය උගතුන් සදහා ශ්‍රී ලංකාවේ රැකියා සහ සමාජීය අවස්ථා සිමා සහිත වේ. එනිසා මෙම විෂය ධාරා සදහා සිසුන් උනන්දු කිරීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් එහි විදාතා ඒකකය සහ ජාතික විද්‍යා පදනම මගින් දිවයින පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලැසුම් කර තිබේ.

අසාමාන්‍ය එන්ජිමක් සහිත බස් රථය විවිධ සංවේධක මගින් අගහරුගේ සත්‍ය දර්ශන පුර්ණ  ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් බවට පත් කරයි.බසයේ වේගය පැ.කිමි. 30 ක් වන විට අගහරු ලෝකය තුළ පැ.කිමි. 30 ක වේගයෙන් ගමන් කරන බව මගියාට හැගේ.බසය වමට හෝ දකුණට හරවන විටද ඒ බව අගහරුතුලද වමට හෝ දකුණට ගමන් කරන ආකාරයක් දිස් වේ.මේ සදහා වොෂින්ටන් නගරයේ වීදිවලට සමගාමී ලෙස අගහරුගේ මතුපිට සිතියම් කර තිබේ.එමගින් වඩාත්  විස්තරාත්මක ගවේෂණ අත්දැකීමක් දරුවන්ට ලබාදෙයි.අගහරුගේ මතුපිට දර්ශනයන් බසයේ ජනේල තුළින් දිස්වේ.රතු ග්‍රහයාගේ වර්ග සැතපුම් 200ක ප්‍රමාණයක් මෙහිදී ප්‍රතිරුපනය වේ.

චිත්තාකර්ශනීය වූ මෙම ව්‍යාපෘතිය වෙනත් ග්‍රහලෝක පිළිබදවද මෙවැනි  ශ්‍රව්‍ය දෘශ්‍ය ඉදිරිපත් කිරීමක් තුළින් අවබෝධයක් වැඩිහිටියන්ටද ලබාදීමට ජාතික මට්ටමෙන් බලාපොරොත්තු වේ.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=X5JTb_7qv78

0 comments:

Post a Comment