July 31, 2016

ආහාර වර්ණක

වර්ණක ආහාර වලපෙනුම සහ පාරිභෝගික ආකර්ශනය වැඩි කරන අතර ඒවා ආකාර 03කින් හදුනා ගත හැකිය.
1.කෘතීම ආහාර වර්ණක
2.ස්වභාවික වර්ණක
කෘතීම වර්ණක
මෙම වර්ණක ස්වභාවිකව නොමැති අතර රසායන ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කෙරේ.
අනුමත කෘතිම ආහාර වර්ණක
ආහාර වර්ණක පාරිභෝගික රැචිකත්වය දිනා ගැනීමේ එක් සාධකයකි.
කෘතීම රසකාරක සහ සුවද වර්ග නිපදවනුයේ ගල් අගුරැ තාර රසායන සංයුතියකිනි.
දීප්තිමත් වර්ණක අඩංගු සංයෝග පිළිකාකාරක වේ. ඒවා වර්ණ දේහ වලට හානි කර ලෙස බලපෑ හැකිය.
     
                                                  
අනු අංකය
වර්ණකය
වර්ණකයේ පොදුනාමය
E ශ්‍රේණිගතඅංකය
1
රතු
Carmosine (කාමොසින්)
E-122
2
රතු
Poncean 4R (පොන්සීන් 4 ආර්)
E-124
3
රතු
Erythroseine  (එරිත්‍රොසීන්)
E-127
4
නිල්
Indigo Carmine/Indigotine
(ඉන්ඩිගෝ කාමයින්/ඉන්ඩිගෝටයින්)
E-132
5
නිල්
Brilliant Blue (FCF) (බ්‍රිලියන්ට් බ්ලූ)
E-133
6
කොල
Green S (ග්‍රීන් එස්)
E-142
7
කහ
Tatrazine (ටාට්‍රසින්)
E-102
8
කහ
Sunset Yellow (සන්සෙට් යෙලෝ)
E-110

ස්වභාවික වර්ණක

ශාක මුලාශ්‍රවලින් උකහා ගන්නා ස්වාභාවික ආහාර වර්ණක මගින් ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති නොවන අතර ශ්‍රී ලංකාව තුළ භාවිතය සදහා අනුමත කර ඇති ස්වභාවික වර්ණක පහත සදහන් පරිදි දැක්විය හැක.
 ස්වභාවික වර්ණ ගැන්වීමේ ද්‍රව්‍ය
අනුමත ස්වාභාවික වර්ණ ගැන්වීමේ ද්‍රව්‍යය
ශ්‍රේණිගත අංකය
01
Curcumine – ඇතැම් මාගරින් වර්ග
E.100
02
Cochineal (Carminic  acid) ඇතැම් මත්පැන් වර්ග
E.120
03
Chlorophyll
E.140
04
Caramel
E.150 b
05
Carotene (alpha beta or gamma) (From Carrots) චීස් සදහා අනුමත වර්ණකයකි
E.160 a
06
Annatto (From the reddish seed of a tropical tree) චීස් සදහා අනුමත වර්ණකයකි
E.160 b
07
Capsanthin or Capsorubin
E.160 c
08
Licopene
E.160 d
09
Beta-apo-8` Cartenal
E.160 e
10
Methyl or ethyl ester of beta apo-8` Carotenoic acid
E.160 f
11
Flavoxanthin
E.161 a
12
Beetroot red (Betanin)
E.162
13
Anthocyanin
E.163




Annatto (From the reddish seed of a tropical tree) -නම් ශාකයෙන් නිස්සාරිත වර්ණකය Bixin ලෙස නම් කර ඇත .මෙය චීස් සදහා අනුමත වර්ණකයකි.මෙම ස්වභාවික වර්ණකය පිලිබදව පර්යේෂණ වාර්තා වලින් පෙන්වා දෙනු ලබන්නේ  චර්මීය පිලිකා මර්ධනය කිරීමේ හැකියාවක් මෙම වර්ණකයට ඇති බවයි.මීයන් යොදා කරන ලද පර්යේෂණයකින් මේ බව තහවුරැ කර ගෙන ඇත.
අද ලෝකයේ බොහෝමයක් බෝ නොවන රෝග වලට හේතු වී ඇත්තේ ආහාර වලට යොදන කෘතීම වර්ණකයි.
එහෙත් ස්වභාවික වර්ණක ශරීරයට අහිතකර නොවේ.ස්වභාවික වර්ණක පිලිබද පර්යේෂණ කිරීම මෙන්ම ආහාර වලට යොදා ගැනීම නිරෝගී දිවිපෙවෙතක් සදහා මනා රැකුලක් වනු ඇත.


උපුටා ගැනීම-අන්තර්ජාලය ඇසුරෙනි

0 comments:

Post a Comment