July 5, 2016

ලෝකයේ විශාලම මාංසල ශාකය ගැන ඔබ දන්නවාද?


විශේෂ හැඩයක් ඇති මෙම අපූර්ව ශාකය බයෝබැබ් වේ. බයෝබැබ් ගස කප්රැකක් ලෙසද හැදින්විය හැක. එයට හේතුව එහි මුලේ සිට කොළය දක්වා සියලුම දේ ආහාර නිෂ්පාදනය හා වෙනත් නිෂ්පාදන  සදහා යොදා ගැනීමයි. ශ්‍රී ලංකාවේ මන්නාරමේද මෙම ගසක් ඇති අතර මෙරටට පැමිණි අරාබි වෙළදුන් එය රෝපණය කළ බව විශ්වාස කෙරේ. 

බයෝබැබ් ශාකයේ ඵල හටගන්නේ වසර 20ක් පමණ ගතවීමෙනි. මෙම ශාකයේ අතුවල ගෙඩි හට ගන්නා අතර ඒවා ඉහළ පෝෂ්‍ය පදාර්ථ සහිත පළතුරකි. මෙම ගෙඩියේ මදය තුළ ඇති “පුඅයි“ ලෙස හදුන්වන පළතුර ඉතා ඝනකම්ය. ගසට නැගීමෙන් හෝ රිටි මගින් එක් පුද්ගලයෙක්ට දිනකට කි.ග්‍රෑ. 50-100 ප්‍රමාණයක බර ගෙඩි කැඩීමේ හැකියාව ඇත. පලතුර හා ඇට වියළා කොටා ගැනීමෙන් පාන වර්ග, ධාන්‍ය ආහාර, චොක්ලට් නිෂ්පාදනය කරයි. වියළි පලතුරේ පිටි තුළ 12%ක් පමණ ජලය ඇති අතර කාබෝහයිඩ්‍රේට්, යකඩ, තන්තු, මැග්නීසියම්, පොටෑසියම්, විටමින් සී ඇත.

අතීතයේ සිට බයෝබැබ් ගසෙහි සෑම කොටසක්ම ආහාරයක්, නිර්මාණ සදහා අවශ්‍ය ලීයක්, සම ආරක්ෂක ආලේපයක්, ඖෂධයක් ලෙස යොදාගෙන ඇත. කදේ කොටස් මගින් කඹ සැකසිය හැක.
ඇතැම් බයෝබැබ් ගස්වලට වසර 6000ක් පමණ ජීවත් විය හැක. මෙම ගසේ කදෙහි වර්ධක වළලු නැත. ගසෙහි උස අඩි 100ක් පමණවේ. ගසේ කද මගින් වර්ෂා ජලය ලීටර් 120,000+ ක ප්‍රමාණයක් රදවා ගත හැක. බොහෝ සත්තු ජලය සොයා මෙම ගස වෙත පැමිණෙන බැවින් බෝතල් ගස, උඩුයටිකුරැ ගස, වදුරැ දෙල් ගස ලෙසද හදුන්වයි. 

අප්‍රිකාව තුළ සිදුවූ වනාන්තර විනාශය මෙම ශාක ගහනයේ අඩුවීමට බලපා ඇත. ලෝක වන සත්ව අරමුදලට ආධාර පිණිස 2015 වර්ෂයේ නිකුත් කළ පුංශ ෆ්‍රෑන්ක් 100 කාසියේ මෙම ගස දැකිය හැක.


උපුටා ගැනීම - විජය පුවත්පත
විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල

0 comments:

Post a Comment