August 28, 2015

මොලයේ ප්‍රතික්‍රියා හා සම්බන්ධ ආත්මාර්ථකාමීත්වයේ වැඩි වීම

අප සියලු දෙනාම පාහේ යම් ප්‍රමාණයකට ආත්මාර්ථකාමීය. එහෙත් සමහරු මෙම සාමාන්‍ය තත්ත්වය අභිබවා යයි. අපගේ ජීවිත කාලය තුල අපට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා හිතවත් අයට සැලකීමට සහ විරුද්ධවාදීන්ට දඬුවම් කිරීමට පෙළඹීම සාමාන්‍ය තත්වයයි. එහෙත් මිනිසුන්ගෙන් සුළු ප්‍රතිශතයක් මෙම සමාජ සම්මතයට කිසිදු සැලකිල්ලක් නොදක්වයි. ඔවුන් “Machiavellians” (කූට පුද්ගලයන්) ලෙස පොදුවේ හඳුන්වනු ලැබේ. සාමාන්‍ය පුද්ගලයන් මෙම කූට පුද්ගලයන්ට හිතවත්කම් පෑ අවස්ථාවලදී ඔවුනට ප්‍රතිඋපකාර දක්වනු වෙනුවට කූට පුද්ගලයින් තම උපරිම ශක්තියෙන් තමාට උපකාර කළ සාමාන්‍ය පුද්ගලයා අභිබවා යෑමට කටයුතු කරන බව ලේඛකයා පවසයි.

16 වන සියවසේ විසූ ඉතාලි ජාතික ලේඛකයෙකු, දේශපාලඥයෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයකු වූ Niccolo Machiavelli ගෙන් පසු කූට පුද්ගල ගතිගුණ ඇති අයට Machiavelli නම යොදා ගැනීම මනෝ විද්‍යාඥයින් ඇතුළු ව්‍යවහාර භාෂාවේ සිදු වේ. ඇත්ත වශයෙන්ම Niccolo Machiavelli එවැනි කූට පුද්ගලයෙකු නොවූ නමුත් ඔහු විසින් රචිත “The Prince” (කුමාරයා) නම් කෘතියේ ඇතුලත් කූට රාජ්‍ය උපායන් නිසා Machiavelli යන්න ඉහළ හැසුරුවම්, වංචනික සහ සහකම්පනය අඩු පුද්ගලයන් සඳහා භාවිත කෙරේ.

සමාජ තලයේදී සමහර අය තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා අන් අය ගසාකමින් කටයුතු කරන දැඩි යාන්ත්‍රණයක් පවත්වාගෙන යයි. එවැනි ඉහළ Machiavellian ක් සහිත පුද්ගලයින් සහ ඊට වෙනස් සාමාන්‍ය තත්වයේ පහළ Machiavellian සහිත පුද්ගලයින් වෙන් කර හඳුනා ගැනීමට හැකි ප්‍රශ්ණාත්මක ක්‍රමයක් සකස් කිරීමට විද්‍යාඥයින්ට හැකියාව ලැබී තිබේ. හංගේරියාවේ Pecs විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් මෙම ක්‍රමය මගින් සිසුන් කණ්ඩායම් දෙකක් යොදා ගෙන නිරීක්ෂණයන් ලබා ගන්නා ලදී. පහළ  Machiavellian ක් සහිත සහ ඉහළ Machiavellian ක් සහිත කණ්ඩායම ලෙස මෙම සිසූහූ කණ්ඩායම් දෙකට වෙන් කරන ලද්දේ ඔවුන්ගේ Machiavellian ලක්ෂණ සඳහා දක්වන ප්‍රවණතාවය අනුවය.

පර්යේෂණයට සහභාගි වූ සෑම අයෙකුට තම සහයකයෙකු ලැබෙන සේ යුගල (දෙදෙනාගේ සමාගම්) සකස් කරන ලදී. ඉන්පසු සෑම පුද්ගලයකුටම ඩොලර් 5 බැගින් ලබා දී එයින් කොතරම් මුදලක් තම සගයාට ණයට දීමට කැමති දැයි විමසන ලදී. පර්යේෂණයට සහභාගි වූ සියලු දෙනාම තම සගයා ලෙස වෙනත් සිසුවකු සිටින්නේ යයි සිතුව ද ඇත්ත වශයෙන්ම සෑම පුද්ගලයාගේම සගයා පරිගණකයක් පමණක් විය. එම පරිගණක තමාට ලැබෙන  මුදල සාධාරණ ලෙස (10% ක් අඩුව හෝ වැඩිව) නැවත එම  පුද්ගලයාට ලබාදීමට හෝ අසාධාරණ ලෙස තමාට(පරිගණකයට) ලද මුදලෙන් 30% ක් පමණක් ආපසු ලබා දීමට කටයුතු කරන ආකාරයට අහඹු ලෙස පරිගණක ප්‍රතිලේඛණය කර තිබුණි. තමා දුන් මුදල තම සගයා ආපසු දුන් පසු මෙම ගණුදෙණුව ආපස්සට ක්‍රියාත්මක කිරීමට ද සිදු විය. එහිදී සහභාගි වූ වෝ (පුද්ගලයන්) තමන්ට ආපසු ලද මුදල අනුව එනම් සාධාරණ ලෙස ලැබූ විට දක්වන ප්‍රතිචාරය සහ අසාධාරණ ලෙස ලැබූ විට දක්වන ප්‍රතිචාරය විමර්ශණය කරන ලදී.

අඩු Machiavellian ක් සහිත පුද්ගලයින් තමාට ආපසු ලැබුණු මුදල සාධාරණ හා අසාධාරණ වීම මත සමාජ සම්මත ආකාරයට ක්‍රියා කළ ද ඉහළ Machiavellian ක් සහිත පුද්ගලයින් තමාට ආපසු සාධාරණ  හෝ අසාධාරණ මුදලක් ලැබුණේද යන්න  විශේෂ කොට නොසලකා සැමවිටම අසාධාරණ මුදලක් නැවත ලබා දෙන ලදී. පුදුමයට පත් නොවිය යුතු ලෙස  ඉහළ කූට (Machiavellian) හැකියාවක් සහිත පුද්ගලයන් සතුව වැඩි මුදලක් සෑම විටම තිබිණි.

මෙම පරීක්ෂණයේදී  ඉහළ Machiavellian සහිත පුද්ගලයන් ප්‍රතිචාර දක්වන විට ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ විට ඔවුන්ගේ මොළවල “තහනම සහ නිර්මාණශීලීත්වයට” අදාල කොටස් ඉතා තීව්‍ර ලෙස උද්දීපනය වීම හඳුනාගෙන තිබේ. තමාට පරිගණකයෙන් සාධාරණ ප්‍රතිචාරයක් ලද විටදී එය වඩාත් තීව්‍ර විය. එමගින් සාධාරණ ප්‍රතිචාරයේදී පවා ප්‍රතිලෝමව කටයුතු කිරීමට ඔවුන්ට (ඉහළ Machiavellian) සහජ මෙහෙයවීමක් තිබෙන අතරම  එම අවස්ථාවේදීම තම සහායකයා ජය ගැනීමට හැකි උපරිමය පිළිබඳ ගණනයක්ද ක්‍රියාත්මක වූ බව මෙයින් පෙනී යයි.

ඒ අනුව වඩාත් ආත්මාර්ථකාමී පුද්ගලයන් අන් අයට හැසුරුවම් හා වංචනික වීමට තීරණය කරනුයේ තමාට සිදු වූ ආසාධාරණයට දඬුවම් කිරීමට නොව සෑම විටම තම සහයකයා ජය ගැනීමටය.

උපුටා ගැනීම -
Why are some people selfish by Josh L Davis

http://www.iflscience.com/brain/manipulative-peoples-brain-activity-differs-those-who-are-fairer

0 comments:

Post a Comment