August 21, 2015

කොත්තමල්ලි

උද්භිද විද්‍යාත්මකව Coriandrum sativum  ලෙස හැදින්වෙන කොත්තමල්ලි ශාකය Apiaceae කුලයට අයත් වේ.අඩි දෙකක් පමණ උසට වැඩෙන වාර්ෂික ශාකයකි. එහි කද කුහර සහිතයි. වටකුරුය. ගසේ කඳ ළා කොළ පාට හෝ දම්පාටය.කද අතුවලට බෙදේ. පත්‍ර ඒකාකාරය. සංයුක්තය. ශාකයේ පත්‍ර දෙවර්ගයක් තිබේ. පහළින් තිබෙන පත්‍ර වර්ගයේ නටු දිගටි වන අතර ඉහළින් තිබෙන පත්‍ර වර්ගයේ නඩු ඉතා කෙටිය. මේ පත්‍ර ඛන්ඩ යුගල දෙකකට හෝ තුනකට බෙදී ඇත. පුෂ්ප මංජරය සංයුක්ත පත්‍රයකි. එය සාමාන්‍යයෙන් කුඩා පත්‍ර පහකින් සමන්විතය. පුෂ්ප සුදුපාට හෝ දම්පාටය. ඒවා ද්විලිංගික  හෝ ඒක ලිංගික විය හැකිය. පුෂ්පයේ මනි පත්‍ර කුඩාය. වටකුරුය. එය මිරිකූ විට කැඩී අර්ධ ගෝලාකාර කෝෂ්ඨ දෙකකට වෙන්වේ. කෝෂ්ඨයක එක බීජයක් ඇත. ඵලවල වාෂ්ප වන සුළු තෙලක් තිබේ. කොත්තමල්ලි ශාකයෙන් සහ ඇටවලින් තද සුවඳවක් පිට වේ.  කදෙහි සහ පුෂ්පවල වර්ණය අනුව කොත්තමලිල් ප්‍රභේද දෙකක් සේ හඳුනාගෙන තිබේ. එක් ප්‍රභේදයක් කඳ ළා කොළ පාටය. පුෂ්ප සුදු පාටය. අනෙක් ප්‍රභේදයේ කඳ දම්පාටය. පුෂ්ප ද තරමක් දම් පාටය.

ගෘහණියන් එදිනෙදා ආහාර පිසීමේදී මුළුතැන්ගෙයි ආහාර රසවත් කරන කුළුබඩුවක් වන කොත්තමල්ලි හුදෙක් කුළුබඩු ගණයටම අයත් නොවන ශාකයකි. එයටම ආවේණික සුවඳකින් සමන්විත කොත්තමල්ලි ශාකයේ සුගන්ධවත් තෛලයක් වේ. කොත්තමල්ලි කොළ ආසවනය කොට ලබා ගන්නා තෛලයෙන් සුවඳ විලවුන් පවා නිෂ්පාදනය කිරීම බොහෝ රටවල සිදුකෙරෙන කාර්යයකි. එපමණක් නොව මද්‍යසාර නිෂ්පාදනයේදී නීරස දුරු කිරීමට භාවිත කරන රසකාරකයක් ලෙසටද කොත්තමල්ලි භාවිත කරනු ලබයි. ආහාර පාන සඳහා සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම ශාකයකි.
කොත්තමල්ලි, ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට, විටමින් බී, විටමින් සී,  සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් ආදී පෝෂක ගුණවලින් සමන්විතය. කොත්තමල්ලි ඇට සහ කොළ  අප දේශීය ඖෂධයක් ලෙස නිරන්තරයෙන්ම විවිධ රෝග නිවාරණයට  භාවිත වේ. එහි ඇති පෝෂණීය වටිනාකම සංඛ්‍යාත්මකව පහත දැක්වේ.
Nutritional value per 100 g (3.5 oz)
95 kJ (23 kcal)
3.67 g
0.87
2.8 g
0.52 g
2.13 g
92.21 g
Vitamin A equiv.
337 μg (42%)
3930 μg (36%)
- lutein and zeaxanthin
865 μg
0.067 mg (6%)
0.162 mg (14%)
1.114 mg (7%)
0.57 mg (11%)
0.149 mg (11%)
Folate (vit. B9)
62 μg (16%)
27 mg (33%)
2.5 mg (17%)
310 μg (295%)
67 mg (7%)
1.77 mg (14%)
26 mg (7%)
0.426 mg (20%)
48 mg (7%)
521 mg (11%)
46 mg (3%)
0.5 mg (5%)
පී.ඩී.පී.ධනසේන

විද්‍යා හා තාක්ෂණ නිලධාරී-අඹන්ගගකෝරළේ.

0 comments:

Post a Comment