August 25, 2015

බොඳ නොවන වර්ණ නිපදවීමට විද්‍යාඥයින්ට ඉගැන්වූ ගිරවා

ඉතා උනන්දුවෙන් තෝරාගත්, පියකරු, මිල අධික ඇඳුම්වල වර්ණ බොඳවේ. ඒවායේ වර්ණවල ඇති රසායනික බන්ධන හිරු රෂ්මිය විසින් බිඳ දමයි. එසේ නැතහොත් මෙම රසායනික බන්ධන සේදීමේදී දිය වී යයි. එහෙත් ගිරවාගේ පිහාටුවල ඇති වර්ණ එසේ බොඳවී නොයයි. පිහාටුවල ඇති දීප්තිමත් කොළ හා නිල් වර්ණ සෑදී ඇත්තේ ව්‍යූහාත්මක වර්ණ වලින් (Structural Colour) එම වර්ණකවල නැනෝමය (ඉතා කුඩා) අංශු එක් සුවිශේෂී තරංග ආයාමයන් යුත් වර්ණ පමණක් පරාවර්තනය කරයි. ඒ සමගම වර්ණාවලියේ අනෙක් වර්ණ පරාවර්තනය නොකිරීම මගින් ඕනෑම ඩයි වර්ග යකට  වඩා ඉතා පිරිසිදු වර්ණකයන් උපද්දවයි. මෙහිදී බිඳිය හැකි කිසිදු රසායනික බන්ධන ඇති නොවන නිසා එම ව්‍යූහාත්මක වර්ණ බොඳ නොවේ.

සායම් සහ ඩයි වර්ග යනු, විද්‍යුත් චුම්භක කිරණවල සුව්ශේෂී තරංග ආයාමයන් තෝරාගත් ආකාරයට අවශෝෂණය හා පරාවර්තනය කරමින් වර්ණ නිපදවන අණු වේ. මෙයට සම්පූර්ණ වෙනස් ලෙස ව්‍යූහාත්මක වර්ණ නිපදවනුයේ භෞතිකයේ  ස්වරූපය මත මිස රසායනික ගුණ මත නොවේ. ඒනිසා සායම් වර්ණක කාලයත් සමග බොඳ වුව ද භෞතිකයේ ඇති සමහර ව්‍යූහාත්මක වර්ණ වසර දහස් හෝ මිලියන ගණනක කාලයක් එම භෞතිකය මියගිය පසු ද පැවතිය හැකිය. (උදා - ගස්වල පොතු, කෘමීන්ගේ ඇටසැකිලි, නියපොත්ත).

ලොව ප්‍රථම වරට පර්යේෂකයෝ මෙවැනි ව්‍යූහාත්මක වර්ණ පර්යේෂණාගාර වලදී නිපදවීමට පසුගිය මැයි මාසයේදී සමත් වී තිබේ. ඉතා දිගු කාලයක් පවතින තීන්ත වර්ග නිෂ්පාදනයට මෙන්ම වෙස් මාරු කරන හෝ මුලා කරන (අවශ්‍ය විට වෙනස්වන) වර්ණක නිෂ්පාදනයට මෙමගින් හැකියාව ලැබෙනු ඇතැයි එම පර්යේෂකයෝ ප්‍රකාශ කරති. එනම් කටුස්සාට පරිසරය අනුව තම සිරුරේ පාට වෙනස් කළ හැකි ආකාරයට මිනිසුන්ට ද අවශ්‍යතාවය අනුව වෙනස් කළ හැකි වර්ණක සහිත ආවර්ණ නිර්මාණය කළ හැකි වේ.

උපුටාගැනීම :
PARROTS TEACH SCIENTISTS TO MAKE FADE-PROOF COLORS
POLLY WANT A PURER PIGMENT?  By Levi Sharpe 

http://www.popsci.com/fade-proof-pigments
https://www.youtube.com/watch?v=KMT1FLzEn9I&list=PL28F93230F4D2DB16

0 comments:

Post a Comment