January 19, 2017

දුම්පානය සහ DNA විකෘතීන්

දුම් පානය කරන්නන්ගේ අවයව තුල පිලිකා සඳහා හේතුවන DNA විකෘතීන් කොපමණ ප්‍රමාණයක් සිදු වී ඇතිද යන්න දැන් ගණනය කල හැකි බව විද්‍යාඥයන් පවසයි.

නවතම විශ්ලේෂණයන්ට අනුව සෑම සිගරට් 50 කටම සෑම පෙනහළු සෛලයකම DNA විකෘතීන් 01 ක් බැගින් සිදුවන බව දැනට සොයා ගෙන ඇත. දිනකට සිගරට් 20 ක් පානය කරන පුද්ගලයෙකුට අවුරුද්දකදී
  • සෑම පෙනහලු සෛලයකම DNA විකෘති 150 ක්ද
  • ස්වරාලයේ  සෑම සෛලකම  DNA විකෘති 97 ක්ද
  • ග්‍රසනිකාවේ සෑම සෛලයකම DNA විකෘති 39 ක්ද
  • මුත්‍රාශයේ සෑම සෛලයකම DNA විකෘති 18 ක්ද
  • සෑම අක්මා සෛලයකම  DNA විකෘති 6 ක්ද

සිදුවන බව පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.
 


මින් පෙර වසංගත  රෝග  පිළිබද අධ්‍යයනයන්හීදී  දුම්පානය  පිළිකා වර්ග 17 ක් පමණ ඒ හා බැඳී ඇති බව සොයා ගෙන ඇත. නමුත් DNA විකෘතීන් පිලිබඳ ගණනය කරන ලද පළමු අවස්ථාව මෙයයි.

නිව් මැක්ෂිකෝහි  ලොස් එලාමස් ජාතික පර්යේෂණාගාරයේ විද්‍යාඥ  ලුඩ්මිල්  ඇලෙක්සැන්ඩ්‍රොව් සහ ඔහුගේ කණ්ඩායම 2500 ක් දුම්පානය කරන්නන් හා 1000ක් දුම්පානය නොකරන්නන්ගේ  DNA සන්සන්දනය කිරීම මගින් මෙම නිගමනයන්ට එළඹ ඇත. එමගින් දුම්පානය හා සම්බන්ධ විකෘතීන් මොනවාද යන්න හඳුනාගැනීමට ඔවුන්ට හැකි විය.

සෑම DNA විකෘතියක්ම පිළිකා සෛල ඇති වීමට හේතුවන ජාන විකෘතියක්  වීමේ  විභවයක්  ඇත. කෙසේ නමුත් එක් වරක් දුම් පානයෙන් ඇතිවන DNA  විකෘතියක් පිලිකාවක් ඇති කිරීමේ සම්භාවිතාවය තවම නොදනී. මේ පිළිබඳ පර්යේෂණ කරමින් පවතී.

සමහර දුම්පානය කරන්නන් තුල විකෘතීන් දහස් ගණනක් තිබුණත් පිලිකාවක් කිසිදාක ඇති නොවේ.  කෙසේ නමුත් ඔබ වැඩිපුර දුම්පානය කලොත් පිලිකාවක් ඇති කිරීමට හේතුවන ජාන විකෘතියක් ඇති වීමේ හැකියාවද වැඩිවේ.  කෙසේ නමුත් ඇතැම් මිනිසුන් අධික ලෙස දුම් පානය කලත් පිලිකාවක් ඇති කිරීමට හේතුවන ජානයක විකෘතියක් සිදු නොවිය හැක.

නමුත් සෑම සිගරට් එකකටම ජාන විකෘතියක් සිදු කිරීමට විභවයක්  ඇතැයි ඇලෙක්සැන්ඩ්‍රොව්  පවසයි.

විනෝදයක් ලෙස  දුම්පානය කිරීම සහ ඉදහිට දුම්පානය කිරීම (උත්සව  අවස්ථාවන්  වැනි)   අහිතකර  නොවේ  යන මිත්‍යාව බැහැර කිරීමටත්  තම පර්යේෂණ කණ්ඩායමේ  සොයාගැනීම් හේතුවනු  ඇතැයි  ද ඇකේසැන්ඩ්‍රොව්  බවසයි.

දුම් පානය නතර කලද ඉන් ඇතිවූ විකෘතීන් නැවත ප්‍රකෘති තත්වයට පත් නොවේ. නමුත් තව තවත් DNA විකෘතීන් ඇති වීම නතර කර ගත හැක.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂක සිමන් චැප්මන් පවසන්නේ දුම්පානය නතර කල මිනිසුන් අඩු වයසින් මිය යාම දුම්පානය දිගටම කර ගෙන යන්නන්ට වඩා අඩු බවයි.

උදාහරණ - අවු. 50ක් පුරා  එක්සත් රාජධානියේ මිනිසුන් 35000ක් යොදාගෙන කරන ලද  අධ්‍යයනයනයන්හීදී  එම දුම්පානය පුද්ගලයන්ගේ මධ්‍යස්ථ ආයු අපේක්ෂාව අවු. 10කින් අඩු  කරන බව සොයාගෙන  ඇති  බව ඔහු  පවසයි. අවු  30  දී වත් දුම්පානය අත් හැරීමෙන් බොහෝ  විට  අකාලයේ  මියයාම  වලක්වාගත හැකි  බවත්  ඔහු  පවසයි.

බොහෝ දුම්පානය කරන්නන් දුම්පානය නතර කිරීමෙන් පලක් නැති බවත් දැනටමත් හානිය සිදු වී අවසන් යැයි සිතුවද  මැදි වයසේදී හෝ දුම්පානය නතර කලහොත් දුම්කොළ  හේතුවෙන්  සිදු  වන මරණයන්ගෙන්  වැලකී  සිටීමට අවස්ථාව  ලැබෙන  බවත්  චැප්මන්ගේ  මතයයි.

 උපුටා  ගැනිම -
2016 නොවැම්බර් 03 නිව් සයන්ටිස්ට්  සගරාවේ  Alice  Klein  විසින් පළකරන  ලද ලිපියක්  ඇසුරෙනි.

1 comments:

Good post.Very interesting service.
I wish you good luck.

Post a Comment