January 23, 2017

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්

 කාන්තාවන්විවිධ රූපලාවන්‍ය ගැටළු වලට පිළියමක් ලෙසවිටමින් විවිධ ආකාරයෙන් ලබාගන්නා අයුරු දක්නට ලැබේ. එවැනි රූපලාවන්‍ය ගැටළු අතරඅධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටළු බහුලව දක්නට ලැබේ. නමුත්විටමින් ඌණතාවයක් ඇතැයි විධිමත් අයුරින් හඳුනාගැනීමකින් තොරවහිතුමතේ විටමින් පමණක් නොව වෙනත් විටමින් වර්ග ද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් ඌණතාවයක් නොමැතිවහිතුමතේ විටමින් වර්ග ගැනීමෙන්වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ ඔබේ සෞඛ්‍යයට හානියක් බව සිතට ගැනීම වැදගත් වේ. මෙසේවිටමින් වැඩිපුර ගැනීමෙන් වන හානි මොනවාද?












Table 1: Recommended Dietary Allowances (RDAs) for Vitamin E (Alpha-Tocopherol) [6]

Age
Males
Females
Pregnancy
Lactation
0–6 months*
4 mg
(6 IU)
4 mg
(6 IU)


7–12 months*
5 mg
(7.5 IU)
5 mg
(7.5 IU)


1–3 years
6 mg
(9 IU)
6 mg
(9 IU)


4–8 years
7 mg
(10.4 IU)
7 mg
(10.4 IU)


9–13 years
11 mg
(16.4 IU)
11 mg
(16.4 IU)


14+ years
15 mg
(22.4 IU)
15 mg
(22.4 IU)
15 mg
(22.4 IU)
19 mg
(28.4 IU)

විටමින් යනු මේදයේ දියවනජලයේ දිය නොවන විටමින් වර්ගයක් වේ. එමනිසාශරීරය තුළ විටමින් ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (Red blood cells) නිෂ්පාදනයට මෙන්මරුධිරය කැටිගැසීමේ යාන්ත්‍රණයට වැදගත් වන විටමින් සක්‍රීය කිරීමටද වැදගත් වේ. එයට අමතරවඅපේ ශරීරය තුළ විටමින් ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) ලෙස ක්‍රියාත්මක වන බැවින්මුක්ත ඛණ්ඩක (Free-radicals) සහ මේදය මගින්ශරීරයේ අවයවඅස්ථිසහ පටක වලට හානි සිදුවීම වළක්වයි. කෙසේ වුවත්විටමින් වැඩිපුර ගැනීමෙන්ඇතැම් සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානමක් හටගනී.
විටමින් මේදයේ දියවන බැවින්මේද පටක වල ගබඩා වීම සිදුවේ. වැඩිපුර ගන්නා විටමින් මෙලෙස මේද පටක වල ගබඩා වීම නිසාශරීරයෙන් පහසුවෙන් ඉවත් නොවේ. මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලයේ (the University of Maryland Medical Center) පර්යේෂකයන් කණ්ඩායමකට අනුවවිටමින් වැඩිපුර ගැනීමෙන්සාමාන්‍ය පරිදි ලේ කැටිගැසීම අකර්මණ්‍ය වීම සිදුවේ. සාමාන්‍ය පරිදි ලේ කැටිගැසීමබාහිර තුවාළයකින් රුධිර වහනය වීම සහ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම වැළැක්වීමට ඉතා වැදගත් වේ. ඔබ දැනටමත්ප්‍රතිකාරයක් ලෙස රුධිරය කැටිගැසීම අඩුකිරීම සඳහා ඇස්පිරින් (Aspirin), වෝෆරින් (Warfarin), හෝ ක්ලොපිඩොග්‍රල් (Clopidogrel) වැනි ඖෂධයක් ලබාගනිමින් සිටී නම්විටමින් වැඩිපුර ගැනීමශරීරයේ බාහිරව හෝ අභ්‍යන්තරව ඉබේම රුධිර වහනයක් සිදුවීමට ඇති අවදානම තවදුරටත් වැඩිකරයි. විටමින් අතිරේකයක් ලෙස ගැනීමශල්‍යකර්මයක් අතරතුර රුධිරය වහනය වීමේ අවදානම වැඩිකරන බවලයිනස් පෝලින් ආයතනයේ (the Linus Pauling Institute) පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.

විටමින් වැඩිපුර ගැනීම මගින්එය අනෙක් ඖෂධ වර්ග ගණනාවක් සමග අන්තර්ක්‍රියා කිරීම දසිදුවේ. මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලයට අනුවවිටමින් මගින් ප්‍රතිවිශාද (Antidepressant) ඖෂධ ශරීරයට අවශෝෂණය කරගැනීම අඩුකරන බවත්එමගින් එම ඖෂධ වල ක්‍රියාකාරීත්වය අඩුකරන බවත් දක්නට ලැබේ. විශේෂයෙන් මෙයඩෙසිප්‍රමීන් (Desipramine) නැමැති ඖෂධයේ සිදුවේ. එයට අමතරවවිටමින් මගින්ක්ලෝප්‍රොමසින් (Chlorpromazine), අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ලෙස ලබාදෙන ඇතැම් ඖෂධසහ කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීමට ලබාදෙන ස්ටැටින් (Statin) වර්ගයේ ඖෂධශරීරයට අවශෝෂණය කරගැනීමද සැලකිය යුතු ලෙස අඩුකරයි. එමෙන්මපිළිකා වලට රසායනික චිකිත්සා (Chemotherapy) ප්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ වල ඵලදායීතාවයදවිටමින් මගින් අඩුකරන බවට සාක්ෂි ලැබී ඇත.

වැඩිහිටියන් සඳහාවිටමින් වල ශරීරයට වන හානිය අවම වන පරිදි ගතහැකි උපරිම ප්‍රමාණයදිනකට අන්තර්ජාතික ඒකක (International units) 1500 ක් වේ. කුඩා දරුවන් සඳහා එම අගය දිනකට අන්තර්ජාතික ඒකක 300 ක් වන අතරනවයොවුන් දරුවන් සඳහා එය දිනකට අන්තර්ජාතික ඒකක 1200 ක් වේ. කෙසේ වුවත්සාමාන්‍ය පරිදි සෞඛ්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය වන නිර්දේශිත ප්‍රමාණයන්ඉහත අගයන් වලට වඩා සැලකිය යුතු ලෙස අඩුය. නවයොවුන් දරුවන් සහ වැඩිහිටියන් සඳහා දිනකට අවශ්‍ය වන්නේ විටමින් අන්තර්ජාතික ඒකක 22.5 ක් පමණය. මව්කිරි දෙන මව්වරුන් සඳහා මෙම අගයදිනකට අන්තර්ජාතික ඒකක 28.5 කි. කුඩා දරුවන් සඳහා දිනකට අවශ්‍ය වන විටමින් ප්‍රමාණයඅන්තර්ජාතික ඒකක 6-16.5 ක් පමණ වේ.
Sources: https://ods.od.nih.gov/factsheets/VitaminE-HealthProfessional/
               http://www.webmd.com/vitamins-supplements/ingredientmono-954-vitamin%20
              Nayana Wijeratne-STO ,Yatinuwara

0 comments:

Post a Comment