January 4, 2017

2016 වසරට තත්පරයක් එකතුවීම

2016 මධ්‍යම රාත්‍රිය පසුවී 2017 නව වසර උදාවන අවස්ථාවේදී අසාමාන්‍ය දෙයක් සිදුවිය. ඒ අවස්ථාවේදී ඔරලෝසුවේ සටහන් වූ මධ්‍යම රාත්‍රී 11:59:59 ට පසු  තත්පරයක් ගතවූ විට වෙලාව 12:00:00 හෙවත් 2017 නව වසර උදාව ලෙස සටහන් විය යුතු නමුත් වේලාව 11:59:60 ලෙස සලකන ලදී. එනම් 2016 වසර සදහා අමතර තත්පරයක් එකතු විය.

මෙලෙස අමතර තත්පරයක් එකතු කිරිම මුල්වරට ආරම්භ වුයේ 1972 වසරේදිය. පෘථිවියේ  භ්‍රමණ වේගය සහ පරමාණුක ඔර්ලෝසුවේ වේගය අතර වෙනස ඉවත් කිරීම සදහා මෙසේ තත්පරයක් එකතු කිරීම 1972 වසරේ සිට මේ දක්වා 28 වාරයක් සිදු කර ඇතැයි වාර්තා වේ.ජුනි මස හෝ දෙසැම්බර් මස අග මේ සදහා යොදාගැනීමට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි The International Earth Rotation and Reference System Service ආයතනය කටයුතු කරයි.

අපගේ ඔරලෝසුවලට නිවැරිදි වේගය ලබාදීම සදහා ලොව පුරා ඉතා නිවැරදි හා සුක්ෂම පරමාණු කාල මිනුම් යන්ත්‍ර 200 ක් පමණ ක්‍රියාත්මක වන අතර ඒවායේ මිනුම් ක්‍රමය International Atomic Time (TA1) ලෙස හැදින්වේ.  

පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වීම මත සැකසු එක් දිනකට ගතවන කාලය මනින ඒකකය Universal Time (UT1) ලෙස හා සමහර විට ජ්‍යෝතිෂ කාලය ලෙස හැදින්වේ.

චන්ද්‍රයාගේ ආකර්ෂණය නිසා පෘථිවියේ භ්‍රමණ වේගය අඩුවීම මෙන්ම භුමි කම්පා සහ හිමනදී දියවීම් නිසා භ්‍රමණ වේගය වැඩිවීම යනාදිය හේතුකොට ගෙන UTI කාලමානයේ වෙනස් කම් ඇතිවුවද පරමාණු චලනය මත ගොඩ නැගී ඇති TA1 කාල මානයේ වෙනස් කම් ඇති නොවේ. ඒ අනුව මෙම කාල්මාන දෙක නැවත සම්පාත (සමාන) කිරිම සදහා මෙසේ කාලය එකතු කිරීම කරනු ලැබේ. වර්තමානයේදී සාමාන්‍ය දෛනික කටයුතු සදහා GPS වැනි තාක්ෂණයන් භාවිත වන බැවින් මෙවැනි සැකසීම් අත්‍යාවශ්‍ය වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන්
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි 

0 comments:

Post a Comment