January 6, 2017

දෙළුම්

ඉතා ඈත අතීතයේ සිටම භාවිතා කල දිව්‍ය ඖෂධයක් වැනි පලතුරකි. ‍දෙළුම් වයස්ගත වීම පාලනය කරන අතර අසාද්‍ය රෝගීන්ට මෙම පානය දීම මගින් එම තත්වයෙන් මිදුනු අවස්ථා බහුලව අප අතරද ඇත.
මෙහි පෝෂණිය අගයන් පහත පරිදි වේ.

Moisture  -   ජලය  78.0%
 Calcium -  කැල්සියම් 10 mg     Protein -ප්‍රොටීන්  1.6%
 Phosphorus - පොස්පරස් 70 mg  Fat -මේදය   0.1%
 Iron -යකඩ 0.3 mg
  Minerals - ඛනිජ ලවණ 0.7% Vitamin C - 16 mg
  Carbohydrates - කාබොහයිඩ්‍රේට් - 14.5%
  Small amount of Vitamin B Complex
  Fibre -  තන්තු  5.1%
  Calorific Value – 65
රසායන සංයුතිය
 Icosanoic, Linolen (Conjugated, Linolenic (Alpha, Oleic, Palmitic-, Punicic, Stearic acid. citric acid ,Malic
 Phenolic   සංයෝග    gallic acid, protocatechuic acid,
-මේවා ඇන්ටිඔක්සිජන් ලෙස ක්‍රියා කරයි
chlorogenic acid, caffeic acid, ferulic acid, o – and p -coumaric acids, catechin, phloridzin and quercetin.
-මේවා ඇන්ටිඔක්සිජන් ලෙස ක්‍රියා කරයි

පර්යේෂණ වාර්ථා වලින් පෙන්වා දී ඇති පරිදි දෙළුම් වල ඖෂධීය ගුණ පහත පරිදි වේ.
හෘද රෝග වලට ගුණදායක වේ.දෙළුම් යුෂ පානය නිසා රැධිර පරිවහනයක් ශරීරය පුරා ඇතිවේ.එම නිසා හෘද රෝග
ඇති විමේ අවධානම අඩු කරයි.

අමාශගත අපහසුතා අවම කරයි.
‍දෙළුම් කොල පොතු සහ ඵලය වියලා ඖෂධීය තේ ලෙස පානය කිරීමෙන් අමාශරෝග සමනය සදහා යොදා ගත හැක.අතීසාරය සහ කොලරාව වැනි රෝග වලටද ගුණදායක වේ.

දන්ත රෝග සමනය කරයි
දෙළුම් යුෂ බැක්ටීරියා සහ වෛරස් වලට එරෙහිව ක්‍රියා කරන නිසා දන්ත රෝග ඇති වීමේ අවධානම අඩු කරයි

පිලිකා වලට එරෙහිව ක්‍රියා කරයි
දෙළුම් යුෂ වල  ඉතා සංකීර්ණ ඇන්ටිඔක්සිජන් අඩංගු වේ.මේවා flavonoids ලෙස හදුන්වයි.මෙමගින් ශරීරයේ පිලිකා සෛල වර්ධනය වලක්වයි.පියයුරැ පිලිකා විශේෂිත වේ.
දියවැඩියාවට ගුණදායක වේ.
දෙළුම් යුෂ මගින් දියවැඩියාව නිසා ඇති වන සංකූලතා අඩු කරයි.
ආතරයිටීස් රෝගයට ගුණදායක වේ.
බැක්ටීරියා සහ දිලීර ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි.
මුක්ත ඛන්ඩ බහුල බැව්න් ශරීරයට ඇතුල් වන විෂ අයින් කරයි.
දරැණු මුත්‍රා අසාදන වකුගඩු රෝග වලටද ගුණදායකය


උපුටා ගැනීම  www.phytojournal.com

0 comments:

Post a Comment