January 25, 2017

ජලය පිරිසිදු කිරීමට දොඩම් ලෙලි

අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම යනු පාවිච්චි කර බැහැර කරන ජලයේ (එනම් ගේදොර කටයුතුවලදී හා කර්මාන්ත ශාලා ආදියෙන්) ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.
 ඒ සඳහා භෞතික, රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි උපයෝගි කර ගැනේ.
එමඟින් ජලයේ ඇති භෞතික, රසායනික හා ජෛව අපද්‍රව්‍ය ඉවත් කරයි. මෙහි මුලික අරමුණ නම් ගලායන ජලයේ ඇති ඝනමය අපද්‍රව්‍ය ඉවත් කර එය නැවත පාවිච්චියට ගැනිම හෝ පරිසරයට මුදා හැරීමයි.

පාවිච්චි කරන ලද ජලය නිතරම විෂ කාබනික හා අකාබනික සංයෝග වලින් අපවිත්‍ර වී ඇත.
මෙම අපවිත්‍ර ද්‍රව්‍ය නිපදවන ස්ථාන අතර නිවෙස්, ආයතන, ආරෝග්‍යශාලා, වාණිජ හා කාර්මික ආයතන මුල් තැන්ලා සිටී.
 ඒ ඒ තැන්හිදී නිපදවෙන අපවිත්‍ර ජලය ඒවා නිපදවන ස්ථාන වලදී (වැසිකිලි ටැංකි, ජෛව පෙරහන් හෝ වායුමය ප්‍රතිකාර ක්‍රියාවලි) හෝ ජලනල පද්ධතියක් ඔස්සේ වෙනත් ස්ථාන කරා ප්‍රවාහනය කර හෝ පසුව ජල ප්‍රතිකාර කරන ස්ථාන වලදී පිරිසිදු කිරිම කළ යුතුයි. මෙලෙස ජලයේ ඇති අපවිත්‍ර දෑ ඉවත් කිරිම හා ප්‍රතිකාර කිරිම, දේශිය හෝ ප්‍රාන්ත හෝ වශයෙන් එක්සත් වු රීති හා සම්මුති අනුව සිදුකළ යුතුයි.
වර්ණක වර්ග ජලයෙන් ඉවත් කිරීමට දොඩම් ලෙලි යොදා ගත හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.වර්ණක අඩංගු කාර්මික අපදව්‍ය විශාල කාර්මික ගැටලුවකි.වර්ණක වලින් ජලය දුර්වර්ණ වූ විට
එහි වාසය කරන ශාක විශේෂයන්ගේ ප්‍රභාසංස්ලේෂණය ඇනහිටියි.
කෘතීම වර්ණක විවිධ කාර්මික අපදව්‍ය නිසා පරිසරයට එකතු වේ.
උදා නිවෙස් ආලේපිත තීන්ත
ප්‍රෙට්ට්‍රෝලියම් ආකලන
රෙදිපිලි කර්මාන්තයේදී යොදා ගන්නා වර්ණක
ජලයේ ඇති ආම්ලික වර්ණක ඉවත් කිරීමේ හැකියාව දොඩම් ලෙලි වලට ඇති බව නවතම පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
වර්ණක වර්ග 04 ක් ඉවත් කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
එනම්
Nylosane Blue
 Erionyl Yellow
 Nylomine Red
 Erionyl Red

පර්යේෂණ වලින් පෙන්වා දී ඇත්තේ මෙම වර්ණක දොඩම් ලෙලි වලට අවශෝෂණය කර ගන්නා බවයි.
තවද ඇපල් ලෙලි තක්කාලි ලෙලි සහකෙසෙල්ලෙලි වලටද ජලය පිරිසිදු කිරීමේ හැකියාව ඇති බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
මෙම දව්‍ය යොදා ජලය පිරිසිදු ඉතා ලාභාදායි සහ කාර්යක්ෂම වේ. අනාගතය සදහා ජලය පිරිසිදු කිරීම සදහා මෙම දව්‍ය යොදා ගත හැකි වනු ඇත.


උපුටා ගැනීම -Science daily

0 comments:

Post a Comment