January 20, 2017

භයානක සීකා උණෙහි අවධානම ගැන ඔබත් දැනුවත් ද?


සිකා  උණ (Zika  Fever)- සිකා (Zika) යනු බෝවන රෝගයක් වන අතර, මෙය පැතිරී යන්නේ සිකා නම් වෛරස මඟිනි. එය ප්‍රධාන වශයෙන් පැතිරී යන්නේ ඒඩ්ස් නම් මදුරුවාගෙනි. මෙම රෝගයට ගොදුරු වන්නේ ඒඩ්ස් මදුරුවාගේ  දෂ්ඨ කිරිමට ලක්වීමෙනි.
මෙම රෝගය ව්‍යාප්ත වී ඇති රටවල් මෙසේය.


 මෙම රෝගයේ ලක්ෂණ හාත්පසින්ම ඩෙංගු රෝගයට සමාන වේ.  එනම්,


  ü දිගු කාලීන ලෙස පවතින උණ.
  ü ඇස් රතුවීම මෙන්මඇස් ඉදිමීම.
  ü අස්ථි ආශ්‍රිත වේදනාව.
  ü අධික හිසරදය.
     üරතු පාට කුඩා බිබිලි වැනි දද ඇති වීම.

     මෙවැනි රෝග ලක්ෂණ සිකා ආසාධිත අයෙකුගෙන් නිරූපණය වේ. එසේම එම රෝග ලක්ෂණ ඔහු හෝ ඇය තුළ දක්නට ලැබේ නම් ඔහු සෝ ඇවය දින 7 ක් ඇතුළත නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න.


නමුත් මෙම රෝගය සඳහා තවමත් කිසිදු ප්‍රබල ප්‍රතිවිෂ එන්නත් විශේෂයෙන් සොයාගෙන නොමැති වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

        සිකා නම් ආසාධිත රෝගය විවිධ ආකාරයෙන් ආසාධිත රෝගියාගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණ්‍ය විය හැකි. එනම් ආසාධිත මවකගෙන් දරුවාට, ආසාධිත රුධිරය මඟින්,ලිංගික වශයෙන් මෙන්ම රුධිර පාරවිලනය (ලේ දන් දීම) ආදයෙන් ද මෙය සම්ප්‍රේෂණය විය හැකි බව වෛද්‍ය මතයයි

            මෙහි දරුණුතම අංගය වන්නේ, සිකා රෝගය ප්‍රජනක අවධියේදි මවට වැළදුනහොත් ලැබෙන දරුවාට ද එය අයහපත් ලෙසින් බලපානු ලබයි. එනම්, උපදින දරුවා විකෘති තත්ත්වයෙන් උපදී. එයට නිදසුනක් ලෙස, හිස අසාමාන්‍යය ලෙස කුඩා වීම දැක්විය හැකිය.

ඔබට එය තවදුරටත් පහත රූප රාමු නිරීක්ෂණය තුලින් අවබෝධ වනු නිසැකය.

 අපට මෙම රෝගයේ රෝග විනිශ්චයන් ලබා ගැනීමට අවශ්‍යය වුවහොත් අප කළ යුත්තේ ලේ,මුත්‍රා පරීක්ෂණ සිදු කර බැලීමයි.
මෙම වසංගත තත්ත්වයෙන් අප මිදීමට ගත යුතු ක්‍රියාමාර්ග රැසකි. එනම් මෙම  සිකා වෛරසය ප්‍රධාන වශයෙන් පැතිරී යන්නේ ඒඩ්ස් මදුරුවාගේ දෂ්ඪ කිරීමෙන් වන බැවින් එම මදුරුවාගේ ව්‍යාප්තිය වැළැක්වීම සේම දෂ්ඨ කිරීම් වලින් අප ආරක්ෂා විමයි.

         ඉතින් ඔබත් මේ ගැන සිතා ඔබේත්, අන් අයගේත් යහපත සඳහා කටයුතු පිළියෙල කිරීමට වග බලා ගන්න.

                                                                     විද්‍යා හා තාක්ෂණ නිලධාරී
 දොම්පෙ


2 comments:

that is so excellent

thanks for your comment

Post a Comment