January 16, 2017

රස ගුණ සපිරි පැණි දොඩම්.

පැගිරි කුලයට අයත් ශාකයක් වන දොඩම් අප රටේ මෙන්ම ඉන්දියාව සහ මලයාසියාව වැනි රටවල හොදින් වැවෙන අතර මෙම ශාකයේ සම්භවය සිදුවී ඇත්තේ චීනයේය. බාල, තරුණ, මහලු සෑම දෙනම ප්‍රිය කරන පිපාසය සංසිදුවන රසවත් පානයක් වන මෙය බොහෝ ඖෂධීය වටිනාකමක් ඇති පලතුරකි.

දොඩම්  100 g අඩංගු පෝෂක වර්ග හා පෝෂණ අගයයන්

පෝෂක වර්ග  
පෝෂණ අගයයන්
ශක්තිය
47 kcal
කාබෝහයිඩ්‍රේට්
11.5 g
ප්‍රෝටීන්
0.94 g
මේදය
0.12 g
තන්තු
2.4 g
තයමින් 
0.1 mg
විටමින්
53.2 mg
විටමින් A
22.5 mg
විටමින් E
0.18 mg
පොටෑසියම්
16 mg
කැල්සියම්
40 mg
කොප(ර්)
39 mcg
අයන් 
0.1 mg
මැග්නීසියම්
10 mg
සින්ක් 
0.08 mg
බීටා කැරොටින් 
71 mcg
ඇල්ෆා කැරොටීන්
11 mcg


දොඩම් යුෂ පානය කිරීමෙන් ඔබට ලැබෙන ගුණ

  •         විටමින් “ A ” බහුල නිසා එමගින් ඇස් පෙනීම වැඩි දියුණු කරයි.
  •         විටමින් “ E ” එමගින් සම පැහැපත් කරවන අතර සමේ ප්‍රත්‍යස්ථතාවය වැඩි දියුණු කරයි.
  •         හෘද ස්පන්දන වේගය පාලනය කරයි.
  •         පෙනහළු හා මුඛ පිළිකා අවදානම අවම කරයි.
  •         රුධිර පීඩනය අවම කරයි.
  •         සන්ධි ආශ්‍රිත රෝගාබාධ වලට ගුණ දායකය.
  •         සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහල නංවයි.
  •         සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
  •         ගර්භාෂගත රෝගී තත්ත්වයන් මැඩ පවත්වයි.
  •         රුධිරගත ආබාධ මැඩ පවත්වයි.
  •         හදවත් රෝග වැලදීමේ අවදානම අවම කරයි.
  •         නිරක්තිය දුරු කරයි
  •         විදුරුමස් ආශ්‍රිත ලේ ගැලීම් පාලනය කරවයි.
  •         ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි.
  •         මල බද්ධය දුරු කරයි.
  •         පීනස් රෝගයට ගුණදායකය.
  •         තුවාල සුව කිරීමේ හැකියාව ඇත.
  •        රථ වාහන වල ගමන් කිරීමේදී අධික ලෙස වමනය පිට වීම වලක්වා ගැනීම 
 (ගමන ආරම්භ කිරීමට පෙර දොඩම් යුෂ වීදුරුවක් පානය කිරීමෙන්)


දොඩම් ලෙල්ලෙහි අප නොදත් ගුණ

දොඩම් යුෂ පමණක් පානය කොට ඉවත දමන දොඩම් ලෙලි ආහාරයට එකතු කර ගැනීමෙන් වාසි රැසක් අත් කර ගත හැකිය. දොඩම් මෙන්ම එම කුලයට අයත් නාරං, දෙහි, ජම නාරං ආදියටද මෙම හැකියාව ඇත.


දොඩම් ලෙලි ආහාරයට ගත හැකි ක්‍රම

1.·       කාබනික වගාවකින් ලබාගත් දොඩම් උණු වතුරින් හොදින් සෝදන්න.
·       දොඩම් ගෙඩිය කොටස් 4 කට කපා ලෙල්ල ගලවා ගන්න.
·       ග්‍රේටරයක් භාවිතා කර කුඩා කැබලි වලට කපා පළතුරු සලාද, කේක්, බිස්කට් ආදිය පිළියෙල කිරීමේදී යොදා ගත හැක.
2.·         ආහාර විජලන යන්ත්‍රයක් භාවිතයෙන් 135 oF උෂ්ණත්වයේ පැය 8-12 කාලයක් වියලා ගන්න.
·         විජලනය කරන ලද දොඩම් ලෙලි උණුවතුර දමා පෙරා පානය කිරීමෙන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ සමනය කර ගත හැක.

3.·         විජලනය කරන ලද දොඩම් ලෙලි සීනි එකතු කර පිස කෑමට ගත හැකිය.

(මෙහිදී දොඩම් ලෙලි ආහාරයට ගැනීමෙන් පසු ඇතැම් විට ජීර්ණ අපහසුතා ඇතිවිය හැකිය. එවැනි අයට දොඩම් ගෙඩිය ඇතුළු පැත්තේ සුදු පොත්ත ආහාරයට එක් කරගත හැකිය.)

දොඩම් ලෙලි ආහාරයට එක් කර ගැනීමෙන් ලැබෙන වාසි

  • ·   පිළිකා වලින් ආරක්ෂා කරයි.
නිරතුරුව දොඩම් ලෙලි ආහාරයට එක් කර ගැනීමෙන් සමේ පිළිකා, පෙනහළු පිළිකා වලින් ආරක්ෂා විය හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
  • ·       රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
  • ·       ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වේ.
දොඩම් ලෙලි ආහාරයට එක් කර ගැනීමෙන් පරිවෘත්තිය ක්‍රියාකාරීත්වය වැඩි කෙරෙන බැවින් සිරුරේ මේද දහනය කෙරේ.
  • ·       ආහාර ජීර්ණය පහසු කරයි.
දොඩම් ලෙලි වල පෙක්ටීන් අඩංගු බැවින් මල බද්ධය දුරු කරවන අතර රුධිරයේ සීනි මට්ටමද අඩු කරයි.
  • ·       සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ආසාදන වලක්වයි.
දොඩම් ලෙලි වල විටමින් A සහ විටමින් C අඩංගු බැවින් ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

v මෙතරම් ගුණදායක පලතුරක් වන දොඩම් ගසක් වෙනුවෙන් ඔබේ ගෙවත්තේ ඉඩක් වෙන් කර දීමෙන් ඔබටද නීරෝගී ජීවිතයක් ගත කිරීමට රුකුලක් වනු ඇත.                                                   උපුටා ගැනීම :- පත පොත ඇසුරෙනි.

0 comments:

Post a Comment