January 23, 2017

ආහාර පිසීම සඳහා පොල්තෙල් භාවිතෙය් අැති වාසි සහ අවාසි

පොල්තෙල් වල අැති සංතෘප්ත    ෙම්දය නිසා  ආහාර පිසීම සඳහා පොල්තෙල් භාවිතා කිරීමසෞඛ්‍ය විද්‍යාත්මකව තරමක් මතභේදාත්මක කරුණක් ලෙස හැඳින්විය හැක. නමුත්පොල්තෙල් යනු ශ්‍රී ලාංකික ආහාර වල ඇති අත්‍යාවශ්‍ය අංගයකි. සාමාන්‍යයෙන්සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට උපදෙස් ලබාදීමේදීපොල්තෙල් භාවිතය සීමාකිරීමට උපදෙස් දෙන්නේ එහි හෘද රෝග වැළඳීමට ඇති අවදානම වැඩිකරන සංතෘප්ත මේදය බහුලව අඩංගු වන නිසාය. කෙසේ වුවත්නවතම පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේසෑම සංතෘප්ත මේදයක්ම එක සමාන නොවන බවයි. එම පර්යේෂණ වලට අනුවඇතැම් සංතෘප්ත මේද අම්ලහෘද රෝග අවදානම වැඩිකරන අතරඇතැම් ඒවා සෞඛ්‍යයේ මනා පැවැත්මට වැදගත් බව සොයාගෙන ඇත.



සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති වාසි
ඒනම්  පොල්තෙල් වල 50% Lauric acid අඩංගු වන නිසා ඒය හෘර්දෙය් පවතින යම් අහිතකර තත්වන් පාලනය කිරීමටත් අධික රුධිර පීඩවය සහ අධික කාෙලස්ටෙරා්ල් මට්ටම පාලනය කිරීමටත් උපකාරීවන බව ෙසායා ෙගන අැත. සංතෘප්ත මේදයකාණ්ඩ ගණනාවකට බෙදා වෙන්කරන අතරසෑම කාණ්ඩයක්ම  ශරීරය තුළ ජෛව රසායනිකව එකම ආකාරයකට ක්‍රියා නොකරයි. එමනිසාසියළු සංතෘප්ත මේද වර්ගසෞඛ්‍යයට අහිතකරයි යන්න මතභේදාත්මක කරුණක් වී ඇත. පොල්තෙල් වලලෝරික් අම්ලය (Lauric acid) නම්වූ සංතෘප්ත මේද අම්ලයක් බහුලව ඇති අතරඑය රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරයි. නමුත්ලෝරික් අම්ලය විසින් වැඩියෙන්ම ඉහළ දමන්නේශරීරයට හිතකර අධි-ඝනත්ව ලිපෝප්‍රෝටීන් (High-density lipoprotein or HDL) ය. මෙම HDL මගින්හෘද රෝග සඳහා ඇති අවදානම අඩුකිරීම සිදුවේ. සංතෘප්ත මේද අම්ලයක දාමයේ දිගදඑය කොතරම් සෞඛ්‍ය සම්පන්න දැයි පෙන්නුම් කරන දර්ශකයකි. පොල්තෙල් වල අඩංගු වන්නේ මධ්‍යම ප්‍රමාණයේ දිගැති ට්‍රයිග්ලිසරයිඩ් (Tryglicerides) නම් වූ මේදය වර්ගයකි. එහි ඇති විශේෂත්වය වන්නේඒවා ශරීරය තුළ ශක්තිය නිපදවීම සඳහා සෘජුවම භාවිතා වීමයි. එමනිසාඒවා සෞඛ්‍යයට හානිකරවීම අවම වේ. ඒෙලසම ෙමමගින් කාන්තාවන්ෙග්  healthy lipid profile මට්ටම ෙයාදින් පවත්වා ගැනීමටත් ෙමහි අැති short and medium chain fatty acid මගින් ශරීර බර පාලනය කර ඉදිරියට ෙනරා තිෙබන උදරය අඩු තිරීමටත් උපතාරි වන බව ෙසායාෙගන අැත.

සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති අවාසි
ඕනෑම මේදය වර්ගයක් ගත්කලඑහි මේස හැන්දක කැලරි 120 ක් පමණ ඇත. එනම්මේදය ග්‍රෑම් එකක කැලරි 9 ක් පමණ අඩංගු වේ. කාබෝහයිඩ්‍රේට් හෝ ප්‍රෝටීන් ග්‍රෑම් එකක අඩංගු වන්නේ කැලරි 4 ක් පමණය. එමනිසාමේදය කැලරි ඝනත්වය වැඩි පෝෂ්‍ය පදාර්ථයක් ලෙස හැඳින්විය හැක.  බර පාලනය කිරීමට හෝ බර අඩුකරගැනීමට බළාපොරොත්තු වන්නේ නම් ආහාරයේ අඩංගු මේදය ප්‍රමාණය අඩුකරගත යුතුමය. පොල් වල ආහාරයට ගන්නා සියළු ප්‍රභේදයන්හි කැලරි ඝනත්වය ඉතා ඉහළ බැවින්ආහාර පිළියෙල කිරීමට භාවිතා කල යුත්තේ මද වශයෙනි. එසේමඅඩ වශයෙන් හයිඩ්‍රජනීකරණය කරන ලද (Partially hydrogenated) පොල්තෙල් භාවිතා කිරීමෙන් වැළකීම ඇඟට ගුණ වේ. මක්නිසාදඑවැනි මේදය ස්වභාවික නොවන අතරදිගුකාලීන බෝනොවන රෝග රැසක් වැළඳීමට හේතුවිය හැක. මාගරින්බේකරි කෑම වර්ගගැඹුරු තෙලේ බදින ලද ආහාරපැකට් කරන ලද කෙටි ආහාර ආදිය පිළියෙල කිරීමේදී තෙල් හයිඩ්‍රජනීකරණය වන බව ෙසායාෙගන අැත.
 
තෙල් සහ තාපය
තෙල් රත්කිරීමේදීඔක්සිජන් වායුව සහ ආලෝකය සමගද ප්‍රතික්‍රියා කරන බැවින්ඇතැම් තෙල් වර්ග වල සෞඛ්‍ය සම්පන්න භාවයට හානි සිදුවේ. බහු-අසංතෘප්ත මේදය (Poly-unsaturated fat) බහුලව අඩංගු ආහාර සැලකූ කලඑම මේද අම්ල තාපයට ඉතා සංවේදී බැවින් ආහාර පිසීම සඳහා භාවිතා කිරීම නිර්දේශ නොකරයි. නමුත්පොල්තෙල් වල ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ සංතෘප්ත මේදය බැවින්පොල්තෙල් වලට ඉහළ උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව පවතී. එමනිසාආහාර පිසීම සඳහා වඩාත් ගැලපෙන තෙල් වර්ගයක් ලෙස පොල්තෙල් හැඳින්විය හැක. එමෙන්මඑය ආහාර වලට ප්‍රණීත රසයක් එක්කරයි. කෙසේ වුවත්පොල්තෙල් වල සෞඛ්‍ය ප්‍රතිලාභ ආරක්ෂා කරගැනීම සඳහා පිරිපහදු නොකර ස්වභාවිකව හින්දාගත් පොල්තෙල් භාවිතා කල යුතුවේ. වර්තමානෙයේ වර්ඡින්  ෙකාකනට් ඔයිල් භාවිතය අාරම්භ තර අැති අතර ඒයින් ලැෙබන ප්‍රතිලාභ ඉමයත්ය.
 Sources;   https://en.wikipedia.org/wiki/Coconut_oil#/media/File:Coconut-butter.JPG
Nayana Wijeratne - STO', Yatinuwara

0 comments:

Post a Comment