January 2, 2017

පෝෂණය රැකෙන පරීදි එළවළු සැකසීම.


එළවළු යනු ශාක කොටස්ය. මෙය පත්‍ර, දළු, මල්, අල, කද, ඵල ආදිය විය හැක. මේවා සකස් කිරිමේ දී පෝෂ්‍ය පදාර්ථ එනම් ඛණිජ ලවණ හා විටමින් විනාශ විය හැක. මේවාහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ ක්ෂය විමකින් තොරව වැඩි පුර ලබා ගන්නේ කෙසේද ?
   අප ආහාරයට ගන්නා පලා වර්ගවල විටමින් A හා C අඩංගු වේ. මෙම විටමින් දෙක, හිරු එළිය අධික රස්නය සහ කාර්මික පීඩනය යන ක්‍රියාවන්ට නිරාවරණය වු විට සමහර කොටස් විනාශ විය හැක. එම නිසා මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම රැක ගැනීම පිණිස පලා වර්ග අමුවට පිළියෙල කරගත හැකි අතර නැවුම් බවක් ද එක් කරයි. 

එළවළු පිසීමේ දී
  එළවළු පිසීමේ දී වැඩිපුර තැම්බීම සුදුසු නොවේ. එළවළු වල පාට එලෙසම රැක ගනිමින් තැම්බිම සුළුවෙන් කිරීම වැදගත් වේ. එවිට ව්‍යංජනයේ පැහැය ද, පෝෂ්‍ය පදාර්ථ ද රැක ගත හැක.
  අප විශේෂයෙන්ම කොළ පලා වර්ග පිසින විට එහි ඇති යකඩ ප්‍රමාණය එලෙසින්ම ලබා ගැනීමට නම් එය පිසගෙන ළිපෙන් ඉවත් කර,එයට දෙහි ඇඹුල් සුළු ප්‍රමාණයක් ඉස, මිශ්‍ර කර ගැනිමෙන් යකඩ අවශෝෂණය වැඩි කර ගත හැක. එළවළු වල ඇති Phytates (ෆයිටේට්ස්) හා Oxalate (ඔක්සලේට්) ප්‍රමාණය නිසා යකඩ, කැල්සියම් අවශෝෂණය අඩු වේ. එම නිසා මෙම රසායනික ද්‍රව්‍ය අඩු එලවළු වර්ග නිතර ආහාරයට ගත යුතු අතර, මෙම රසායනික ද්‍රව්‍ය වැඩි එළවළු කැල්සියම් හා යකඩ අඩංගු ආහාරවලින් මගහරවා පසුව ආහාරයට ගැනීමෙන් මෙම ප්‍රශ්නය මගහරවා ගත හැක. රසායනික ද්‍රව්‍ය වැඩි පලා වර්ග වනුයේ කංකුං, මුකුණුවැන්න ආදි පත්‍ර සහිත පලා වර්ගයි.දෙහි ඇඹුල් වෙනුවට එළවළුවලට ඇඹුල් (ඇසිඩ්) වැඩි එළවළු වර්ගම යොදා ගත හැක. මේවා නම් තක්කාලි,අබරැල්ලා,අන්නාසි,අඹ වේ.

ආහාර කල් තබා ගැනිමේ දී පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ ද ?


   ආහාර කල් තබා ගැනීමට අපිඒවා වියළිම කරනු ලබයි. තවද අච්චාරු දැමීම කරනු ලැබේ. එමෙන්ම ආහාර වියළීමේ දී විටමින් C හා A සුළු ප්‍රමාණයක් විනාශ වේ. තවද විනාකිරි මගින් කල්තබා ගැනීමේ දී (අච්චාරු) පෝෂ්‍ය ගුණය වැඩි වි (කැල්සියම්, යකඩ අවශෝෂණය වැඩිය) අපට වාසීයක් ගෙනදේ එසෙම සොඩියම් හා ක්ලොරීන් ප්‍රමාණයද වැඩි වේ. ආහාර. පලා වර්ග. එළවළු වියලීමේදි කල්තබා ගත හැකි වුවත් හැකි තරම් එළවළු වර්ග නැවුම් බවකින් යුතුව ආහාරයට එක් කර ගැනීමේදී පෝෂ්‍ය පදාර්ථ එලෙසින්ම ලබා ගතහැකි වේ. තවද වාෂ්පයෙන් තැම්බිම මගින්ද නැවුම් බව වැඩිකර ගතහැකි අතර එමගින් පැහැයද රැකේ.


ආහාර හා පෝෂණය ග්‍රන්ථය ඇසුරෙන් සකස් කරන ලදි.


0 comments:

Post a Comment