January 23, 2017

ඇතිවත් බැරි නැතිවත් බැරි ලුනු( Table salt)

සුදු පැහැති කුඩු හෝ කැට ලෙසඇති සෑම මුලුතැන් ගෙයකම අනිවාර්යයෙන්ම ඇති  ලුනු සෝඩියම් සහ ක්ලෝරයිඩ් යන මූල ද්‍රව්‍යය දෙකෙන් සෑදුන සංයෝගයකි. රසායනිකව සෝඩියම් ක්ලෝරයිඩ් (Sodium Chloride) ලෙස මෙය හැදින්වේ( රසායනික සංයෝගය -NaCl). අපගේ ආහාර පාන රසවත් කිරීම සදහා මෙය නැතුවම බැරි අංලයක් බවට පත්වී ඇත.
සාමාන්‍ය ඇහැර පිසීමේදි මෙන්ම ඇහාර තාක්ෂන කර්මාන්තයේදී ලුනු ආහාර රසවත් කිරීමට මෙන්ම ආහාර පරිරක්ෂණය සදහාද යොදාගන් ලැබේ. මෙහි ඇති සෝඩියම් සහ ක්ලෝරයිඩ් අයන මිනිස් සිරුරට අවශ්‍ය වන්නේ ඉති සු ප්‍රමාණ වලිනි. එනම් ලුනු මගින් ශරීරයේ ඇති ඡලය (liquid balance) ප්‍රමාණය යාමනයට(regulate)  සෝඩියම් අයන මගින් ස්නායු පද්ධතිය මගින් සිරුර පුරා විද්‍යුත් සංඥා යැවීමට අවශ්‍ය වේ.
නමුදු ලුනු එකතු කිරීම මගින් ආහාර රසවත්වීම නිසාම යන කරුණ මත අද වන විට ලුනු භාවිතය සහ පරිභෝඡනය ඉතාමත්ම ඉහළ මට්ටමක පවතී. විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව ‍මෙන්ම වරතමනයේ ඇති සෙඛ්‍ය දත්ත වලට අනුව මිනිසාට මෙමගින් මුහුණපෑමට සිදුව ඇති අවධානම සහ ගැට අති මහත්ය.අපගේ බොහොමයක් ආහාර වල ලුණු අඩංගු වේ. සාමාන්‍යයෙන් ආහාර පිසීමේදී ලුණු එකතු කිරීම සිදුවේ. එමනිසා සැලකිය යුතු ලුණු ප්‍රමාණයක් දිනපතාම අපගේ ශරීරයට එකතු වේ. වැඩිපුර ලුණු ආහාරයට ගැනීම සමහර රෝග හටගැනීමට ඇති අවදානම ඉහළ දමන බව සොයාගෙන ඇත.
අධික ලුණු භාවිතය මගින්  මිනිස් ශරීරයේ ඇති දියර ප්‍රමාණය වැඩි කරයි. එමනිසා ලුණු මගින් රුධිරයේ පරිමාව වැඩිවන අතර එමගින් රුධිර පීඩනය ද ඉහළ දමයි. මෙම ක්‍රියාවලිය හෘදයාබාධ සහ අංශභාගය ඇතිවීමේ අවදානම වැඩි කිරීමට හේතුවේ. අඩුවෙන් ලුණු භාවිතා කිරීම රුධිර පීඩනය සුළු වශයෙන් පහත දැමීමට හේතුවන බව ඇතැම් පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි.
තවද අධික ලුණු භාවිතය හෘදයේ වම් කෝෂිකාවේ (වම්පස පහළ කුටීරය) මාංශපේශි අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට හේතුවේ. එය හෘදයාබාධ, හෘද අකර්මණ්‍යතාවය යනු ශරීරයට අවශ්‍ය පමණට රුධිරය සංසරණය වන පරිදි හෘදයට රුධිරය පොම්ප කිරීමට නොහැකි වීමයි. එය හෘද අකර්මණ්‍යතාවය, අංශභාගය වැනි රෝග සඳහා ඇති අවදානම ඉහළ දමන ප්‍රධානම සාධක වලින් එකක් වේ.
 වැඩියෙන් ලුණු භාවිතා කරන අතර අඩුවෙන් ජලය පානය කරන්නේ නම් රුධිරයේ සෝඩියම් අයන සාන්ද්‍රණය ක්‍රමයෙන් ඉහළ යයි. දිගු කාලීනව මෙම තත්ත්වය පැවතීමෙන් වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවිය හැකි බව සොයාගෙන ඇත. එලෙසම රුධිරයේ සෝඩියම‘ මට්ටම 145meq/l  වූ විට පිපාසය වැඩිවන අතර එය මෙලාය් සෛල හැකිලීම දක්වා වර්ධනය වී එම සෛල වලින් ඡලය පිටතට පැමිණීම සිදුවිය හැකිය(confution). ශරීරයේ කි.ගෑ 1ට ලුනු ගෑ. 1 දක්වා මටටමකට පැමිණීම මගින් කෝම තත්වයන් ඇති විය හැකිය. 
එමෙන්ම දිගු කාලීනව වැඩිපුර ලුණු භාවිතා කිරීම ආමාශයේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි. ලුණු භාවිතය අවම කිරීමෙන් ආමාශයේ පිළිකා ඇතිවීමේ අවදානම 14% කින් අඩු කරන බව සොයාගෙන ඇත.
යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔබගේ ශරීරයේ කොටසක් ඉදිමී ඇත්නම්, වැඩිපුර ලුණු ආහාරයට ගැනීම එම ඉදිමුම වැඩි කිරීමට හේතු විය හැක. එමනිසා ශරීරයේ අභ්‍යන්තර හෝ බාහිර ඉදිමීමකට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් ලුණු භාවිතය අඩු කිරීමට උපදෙස් ලබා
දෙයි.
අඩුවෙන් ලුණු ආහාරයට ගැනීම සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට හේතුවේ. එමනිසා විවිධ රටවල් දිනකට ආහාරයට ගැනීමට සුදුසු ලුණු ප්‍රමාණය නිර්දේශකර ඇති අතර එය රටින් රටට මදක් වෙනස් වේ. ඇමරිකා එක්සත් ජනපදය වැඩිහිටියෙකුට දිනකට ආහාරයට ගැනීමට සුදුසු උපරිම සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 1500 ත්  2300  ත් අතර (ලුණු මිලිග්‍රෑම් 3750- 5750 ක් පමණ) ලෙස දක්වා ඇත. නමුත් වයස 51 ට වැඩි පුද්ගලයන්ට හෝ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, හෝ වකුගඩු ආබාධ වැනි රෝග ඇති අයට දිනකට ආහාරයට ගැනීමට සුදුසු උපරිම සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 1500 ක් (ලුණු මිලිග්‍රෑම් 3750 ක් පමණ) ලෙස දක්වා ඇත. සාමාන්‍යයෙන් ලුණු වල බරින් 39.3% ක් සෝඩියම් අඩංගු වේ.
ශ්‍රී ලංකාවේ එක් පුරවැසියෙක් දිනකට ලුණු මිලිග්‍රෑම් 12,500 ක් පමණ ආහාරයට ගන්නා බව ඔබ දන්නවාද? එය 2012 වසරේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පර්යේෂණායතනය මගින් තහවුරුකර ඇත. මෙම අගය දිනකට වැඩිහිටියෙකු සඳහා නිර්දේශිත උපරිම ලුණු ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා මදක් වැඩිය.
වැඩිම ලුණු ප්‍රමාණයක් ආහාරයට එකතු වන්නේ බත් පිසීමේදී ලුණු එකතු කිරීම මගිනි. එයට අමතරව ව්‍යංජන පිසීමේදී ලුණු එකතු කිරීමෙන් සහ ලුණු අධික අතුරුපස, බිස්කට්, සෝස්  කරවල හාල්මැස්සන් වැනි ලුන් වල දමා වියලන ලද ආහාර ගැනීමෙන් ශරීරයට සැලකියයුතු ලුණු ප්‍රමාණයක් එකතුවේ.
ලුනු වෙනුවට යෙදිය හැකි ආදේශක
බත් පිසීමේදී ලුණු දැමීමෙන් වැලකී ඒ වෙනුවට රම්පෙ හෝ කුරුඳු වැනි රසකාරකයක් යෙදීමෙන් ශරීර ගතවන ලුණු ප්‍රමාණය සැලකියයුතු ලෙස අඩුකර ගත හැක. ව්‍යංජන පිසින විට ලුණු අඩුවෙන් එකතු කර දෙහි සහ අනෙක් කුළුබඩු අවශ්‍ය පරිදි එක් කිරීමද කල හැක. එයට අමතරව ලුණු අධික සෝස්, අතුරුපස, සහ බිස්කට් ආහාරයට ගැනීම සීමා කිරීම උචිත වේ. ඇසුරුම් කර ඇති ආහාර මිළදී ගැනීමේදී එහි ඇති ලේබලය කියවීමට හුරුවීමෙන් එහි අඩංගු ලුණු ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබාගත හැක. එය ලුණු පරිභෝජණය සීමාකිරීමට  පහසුවක් වනු ඇත.
තත්වය මෙසේ වුවද  ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටකයක් ලෙස සෝඩියම් යෛලීය සහ ශරීර අවයව වල ක්‍රියාකාරිත්වය සදහා දායකත්වයක් සපයනු ලබන අතර නිර්දේශිත මට්ටමට වඩා අඩුවෙන් ගැනීම මගින් හෘර්දයේ ගාටලුකාරී තත්වයන් මෙන්ම අඩු වයසින් මිය යෑමේ සම්භාවිතාවයක්ද ඇත.

https://en.wikipedia.org/wiki/Health_effects_of_salt
www.medicaldaily.com/too-much-salt-how-diet-too-high-sodium-can-affect-your-hea.
https://www.ncbi.nlm.nih.gov › NCBI › Literature › PubMed entral (PMC

Nayana wijeratne  - STO,YatinuwaraC




0 comments:

Post a Comment